ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 13

163 44 10
By kooziwang

Park chanyeol 's POV

" ඔයාට මොකද්ද අපේ ක්‍යුන්ග්සූ එක්ක තියෙන සම්බන්දේ "

" ක්‍යුන්ග්සූ කියන්නෙ කවුද ?? "

" බොරු කියන එක නවත්තනවා......!!! ... තමුසෙ තමුසෙ නේද අපේ ක්‍යුන්ග්සූ ට ගැහුවෙ ආ "

" මොනාද ඔයා මේ කියවන්නෙ. මොන ක්‍යුන්ග්සූ ද මම කාටවත් ගැහුවෙ නෑ "

" තමුසෙගෙ බොරු ඇති . අද මම තමුසෙට "

මම එයාගෙ මූනට හයියෙන් ගැහුවා . එයාටත් කේනිති අරන් මට ගැහුවා. මමයි ඒ මනුස්සයයි  එතන මරාගන්නවා. හතර වටේ ඉන්න මිනිස්සු ඔක්කොම අපි දිහා බලන් ඉන්නවා. එක පාරටම එතනට පොලීසියෙන් ආවා.

" වහාම ඕක නවත්තන්න . "

ඒ දෙන්නෙක් ඇවිල්ල මමයි අර මනුස්සයවයි අල්ල ගත්තා. අපි දෙන්නම හොදටම තුවාල වෙලා හිටියේ.

" අපි මේක පොලීසියට ගිහින් විසදගමු "

" ඒත් සර්"

"කට වහගෙන අපිත් එක්ක එනව"

එයාල අපිව police station  එකට අරන් ගියා.

" අපේ සර් දැන් එයි තමුසෙල ඔතනින් වාඩිවෙලා ඉන්නවා පැනල යන්නෙ එහෙම නෑ "

" පැනල යන්න මම වැරැද්දක් කලාද සර් "

ටික වෙලාවකින් එයාලගෙ සර් ආවා .

( A/N ලමයි ඔන්න මම අලුත් චරිතයක් දෙන්නයි යන්නේ . මෙයා ගොඩක් දක්ෂ police officer  කෙනෙක්. ඒ වගේම ගොඩක් Handsome ❤️. )


( මේ ඉන්නෙ එයා Ji Chan wook නැත්ත්ම් Officer Chan wook. 😍)

එයා එතනට ආවෙ මාර ගැම්මෙන්. ගෙම්බ පොලොවෙ ගැහුව වගේ එතන පුටුවෙන් වාඩි උනා . කකුලක් පිට කකුලක් දාගත්තා. Sunglasses දෙක ගැලෙව්වා.

" මොකද්ද මේ දෙන්නගෙ ප්‍රශ්නේ "

" සර් මේ දෙන්න හොස්පිටල් එක්ක් ඉස්සරහ ගහගෙන "

" ගහගෙන ?? ඉතින් දැන් තමුසෙල පාරෙ ගහගන්න හැමෝම මෙහෙට උස්සන් එනවද "

" අහ් නෑ සර් එතන හිටපු කෙනෙක් අපිව දැකල කිව්ව නිසා මෙයාලව අරන් ආවෙ "

" හරි මම බලාගන්නම් ඔයා යන්න "

එහෙම එයා එයාට යන්න කියල අපේ පැත්තට හැරුනා. මගේ පැත්තට ඇගිල්ල දික් කලා.

" තමුන්ගෙ නම මොකද්ද ? "

" මම පක් චැන්‍යොල් සර් "

" එතකොට තමුන් ? "

" මම Gong yoo bong සර් "

" තමුසෙගෙ වයස ? "

" සර් මට 18 යි "

" ඕ ඒ කියන්නෙ තාම තමුන් ඉස්කෝලෙ යනව"

" ඔව් සර් "

" එතකොට තමුන්ගෙ වයස ? "

" මට 28 යි සර් "

" 28 යි. ලැජ්ජ නැද්ද මනුස්සයො මේ වගේ පොඩි එකෙක් එක්ක ගහගන්න. තමුසෙය ගහගන්න වෙන කවුරුත් හිටියෙ නැද්ද . පිරිමි කමටත් ලැජ්ජාවක් "

" සර් මම ගහගන්න ගියේ නෑ . මෙයා තමයි එකපාරටම කවුද ක්‍යුන්ග්සූ ද කවුද ගැන අහල මට ගහන්න ගත්තේ "

" කවුද දැන් ක්‍යුන්ග්සූ කියන්නේ ?? "

" සර් ක්‍යුන්ග්සූ කියන්නෙ මගෙ යාලුවෙක්. එයාට කවුද ගහල එයා දැන් හොස්පිටල් එකේ ඉන්නෙ. මම එයාගෙ බෙහෙත් ගන්න පහලට එනකොට මෙයා එක්ක එකට ලිෆ්ට් එකේ ආවෙ . මෙයා කවුරුහරි එක්ක ක්‍යුන්ග්සූ ගැන කතා කලා මට ඒක හොදටම ඇහුනා. ඒක නිසා මම හිතුව ක්‍යුන්ග්සූ ට ගහන්න ඇත්තෙ මෙයා කියලා . "

" ඉතින් ඒ නිසා ඔයා මෙයාට දාගෙන ගැහුවා ??? "

" ඔව්.. සර් .. "

" එතකොට දැන් තමුන් හිතන් ඉන්නෙ මේ මුලු කොරියාවටම ක්‍යුන්ග්සූ කියල කෙනෙක්ට ඉන්නෙ තමුන්ගෙ යාලුව කියලද ? "

" ඒත් සර් .... ? "

" ඇති නවත්තගන්න .. එතකොට තමුන් තමුන් කතා උනේ මොන ක්‍යුන්ග්සූ ගැනද "

" මම ක්‍යුන්ග්සූ කියල කෙනෙක් ගැන කතා උනේ නෑ  සර් "

" එහෙනම් තමුන් කවුරු ගැනද කතා උනේ "

" මම ඒ කතා කලේ..... මේ... ඒ කන්ග් සූ කියල ... කෙනෙක් .. ගැන "

" තමුසෙ මොකද ගොත ගහන්නෙ ආ තමුසෙ නේද මගෙ යාලුවට ගැහුවෙ "

" ඒයි කොල්ලො එහෙනම් ඔයා මේ ප්‍රශ්නෙ විසදන්න මම මෙතනින් යන්නම් "

" සර් මෙයා කියන්නෙ බොරු සර් "

" නෑ සර් මම ඇත්ත් කියන්නෙ සර් ... කන්ග් සූ කියන්නෙ මගෙ බොස්ගෙ පුතාගෙ නම . ඒ.. වෙලාවෙ කෝල් කලේ  මගේ බොස් .. "

" තමුන් ඔය ඇත්තමද කියන්නේ "

" ඔව් සර් "

" එහෙනම් ගන්නව තමුසෙගෙ බොස්ට කෝල් එකක් "

" මො මො මොකද්ද 👀"

" මට ඔයාගෙ බොස් එක්ක ටිකක් කතා කරන්න ඕන . ගන්න එයාට කෝල් එකක් "

" හහ් දේ ... චකමන් "

" යොබුසෙයෝ බොස් .. අහ්..

එකපාරටම officer එයාගෙ ෆෝන් එක උදුරල ගත්තා.

" යොබුසෙයෝ මේ ගොන්ග් යූ බොන්ග් ගෙ බොස් ද "

" මොකද්ද ??? අහ් ඔව් මම එයාගෙ බොස් තමයි "

" තමුන්ගෙ නම මොකද්ද "

" Excuse me කවුද මේ කතාකරන්නෙ කියනවද "

" මම පොලීසියෙන් "

" අහ් දේ මොනවද දැනගන්න ඕන ??"

" ඔයාගෙ නම "

" මම ..................... ( නම පස්සෙ කියන්නම් . මෙයත් අලුත් චරිතයක් විදිහට පස්සෙ එනව . ඒක සප්‍රයිස් එකක් නිසා නම දැම්ම  කියන්නෑ 😁. සර් නේම් එක විතරක් කියන්නම් ")

" එතකොට තමුන්ට කන්ග් සූ කියල පුතෙක් ඉන්නවද "

" පුතෙක් ????? අහ් ඔව් ඉන්නවා "

" බොරු කියන එකත් හරියට කියනව මනුස්සයෝ. ඔයාගෙයි ඔයාගෙ පුතාගෙයි සර් නේම් එක දෙකක් වෙන්න විදුහක් නෑනෙ . ඔයා යෝ එයා කන්ග්. "

" නෑ නෑ සර් කන්ග් කියන්නෙ එයාගෙ සර් නේම් එක නෙමේ එයා යෝ කන්ග් සූ "

" ඕ එහෙමද ??"

" ඔව් "

" එහෙනම් කරදර කලාට සමාවෙන්න "

" අනේ කමක් නෑ මේ ඔයාලගෙ රාජකාරිය නෙ "

" හරි තෑන්ක්ස් උදව් කලාට "

" දේ..... "

" හරි ඔයාලට යන්න පුලුවන්"

" ඒත් සර් මගෙ යාලුවට මොකද වෙන්නෙ "

" යාලුවට වෙන දේ ඩොක්ටර්ස්ල බලාගනී. අහක යන බාල්දි දාගන්නැතුව යාලුව එක්ක ඉන්නවා. "

" පස්සෙ මේක ගැන අපට Complaint එකක් දාන්න. මුලින් යාලුවව හොද කරන් ඉන්න "

" දේ සර් "

" යන්න යන්න මගේ කාලෙ කෑව වැඩකට නැති ප්‍රශ්නයක් ගෙනල්ලා"

මම එලියට ආවා. ඒත් සතුටෙන් නෙමේ ආවෙ. ක්‍යුන්ග්සූ වෙනුවෙන් මොකුත් කරගන්න බැරි උනා. අර මනුස්සය බේරුනා. අහ් ක්‍යුන්ග්සූ ට බෙහෙත්  ගන්නත් ඕන .

Unknown person :-

" යා තමුසෙ මෙතන ප්‍රශ්න දාගෙන පොලීසි ගානෙ ගිහිල්ල මාවත් ඒවට පටලවන්නද හදන්නෙ "

" ඒ කොල්ලට මම බොස් එක්ක කතා කරපුව ඇහිල. ඒක නිසා ඒ කොල්ල මට ගහන්න ගත්තා. ඊට පස්සෙයි මේ ඔක්කොම උනේ "

" යා මොකද්ද අර පුතෙක්ගෙ කතාව. මම තමුන්ටත් වඩා බාලයි මට කොහෙන්ද මිනිහො ලමයි ???? "

" මියානෙ බොස් ඒ වෙලාවෙ බේරෙන්න මට වෙන ක්‍රමයක් තිබ්බෙ නෑ. අනික මම අහු උනොත් සර්ටත් හිරේ යන්න තමා වෙන්නෙ "

" ඒකනම් ඇත්ත්. අනිත් දවසෙ පරිස්සමින් වැඩ කරනව. තේරුනාද "

" තේරුනා බොස් "

" OK "

Kim seo jin's POV

" චැන්‍යොල් මොකද මෙච්චර පරක්කු ??"

" තව ටිකකින් එයි " ( ක්‍යුන්ග්සූ )

" ක්‍යුන්ග්සුයා ඔයාට තාමත් රිදෙනවද ? "

" ම්ම් .. දැන්න්ම ගොඩක් හොදයි ඔලුව ටිකක් රිදෙනවා "

ඒ වෙලාවෙම දොර ඇරගෙන චැන්‍යොල් ආවා. එයාගෙ ඇග පුරාම තුවාල වෙලා.

" ඕ චැන්‍යොල් මොකද උනේ ?? "(බේඛ්‍යුන් )

" චැන්‍යොල් ග්වෙන්චනා ඇයි මේ. හැම තැනම තුවාල වෙලානෙ "

" මොකද්ද උනේ චැන්‍යොල් "( ක්‍යුන්ග්සූ )

" අහ් මේ පොඩි ඇක්සිඩන්ට් එකක් උනා ලොකු දෙයක් නෙමේ "

" ලොකු දෙයක් නොවෙන්නෙ කොහොමද ? හැමතැනම තුවාල වෙලා. ඉදිමිලා. එන්න මාත් එක්ක බෙහෙත් ටිකක් දාං එමු "

" ඕන නෑ ස්‍යෝ ජිනා "

" ඕන නෑ කියක බෑ එන්න එන්න යමු "

" ඔයා ඉන්න ස්‍යෝ ජිනා ක්‍යුන්ග්සූ එක්ක මම මෙයා එක්ක ගිහින් බෙහෙත් දාගෙන එන්නම් . " ( බේඛ්‍යුන් )

" හරි එහෙනම් මෙයා එක්කන් යන්න . පරිස්සමින් යන්න "

එයාල එලියට ගියා. මම ක්‍යුන්ග්සූ ගාවට ගිහින් වාඩි උනා .

" අනේ ඉතින් ඔයත් " ( ක්‍යුන්ග්සූ )

" වේ 👀"

" ඇයි අනේ අපි ගැන ඔච්චර හොයල බලන්නෙ "

" යාලුවො හින්දනෙ "

" ඔයා යාලුවො හැමෝම ගැන ඔහොම හොයක බලනවද ? "

" ම්ම්ම් අනි.. ඔයාල ගැන විතරයි 😁"

"ඇයි අපි විතරක් "

" මොකද.. ඔයාල විශේෂ හින්දා. විශේෂයෙන්ම ඔයා "

" මම ????? "

" හ්ම්ම් "      මම ඇද උඩට ජැක් එකක් ගහගෙන කම්මුක් දෙකේ අත් දෙක තියාගෙන ඔලුව වැනුව .

" ඕ හෝ මොකද මේ එන්න එන්නම ඔයා කියුට් වෙන්නෙ "

" වෙ?? මම කියුට් නැද්ද "

"නෑ ඔයා හරිම කියුට් "     වැරදීමකින්ද කොහෙදො එයා මගේ කම්මුලක් මිරිකුවා.

" අහ් මේ චේසොංහෙයෝ "

" අහ් ඒකට කමක් නෑ . මගෙ කම්මුල ශෝක් නේද මිරිකන්නම නේද හිතෙන්නෙ "

" යා ඔයා ඇයි ඔය විදිහට 😂. මාව සෙල්ලමකට ගත්තද "

" ඕ ඔයාව සෙල්ලමකට ගන්නත් පුලුවන්ද "

" යාහ් ඇති  ඔය නවත්තන්න ..😂😂"

.....................................................................

Hi readers

මගේ මේ කතාව කියවන හැමෝටම මාගෙ හද පිරි ස්තූතිය.
ඒත් හොරෙන් කියවල යන්නැතුව එක වෝට් එකකුත් දීලම ගියානම් නේද හොද 😁.  
තවත් කම්මැලි නැත්තම් කමෙන්ට්  එකකුත් දාන් යන්න හොදේ.

ඊලග එකත් දෙන්නන් . බායි

උම්මා😘

Continue Reading

You'll Also Like

1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.7M 17.4K 3
*Wattys 2018 Winner / Hidden Gems* CREATE YOUR OWN MR. RIGHT Weeks before Valentine's, seventeen-year-old Kate Lapuz goes through her first ever br...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
819 141 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇