ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 12

168 38 1
By kooziwang

Doh kyungsoo 's POV

අරුන් දෙන්නට ඉතින් කන්න බොන්න දෙන්නෙ මමනේ. එයාලට කන්න ඕන දේවල් ටිකක් අරගෙන මම යන ගමන් හිටියේ. එකපාරටම  මගේ ඔලුවට හයියෙන් පාරක් වැදුනා. මගේ අතේ තිබ්බ බඩු ඔක්කොම අත් ඇරුනා. මම අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන වේදනාවෙන් හිටියේ. මට හැමදේම නිකන් බොද වෙලා පෙනුනේ . මගේ ඉස්සරහ මනුස්සයෙක් හිටගෙන හිටියා. මට එයාව හරියට පෙනුන්නෑ. එයාගෙ අතේ පොල්ලක් වගේ එකක් තිබුනා. මහ අමුතු ඇදුමක් ඇදන් හිටියේ. ටිකක් විතර ඇහැට පුරුදුයි ඒත් අදුරගන්න බෑ.

" නු..නුගුසෙයෝ .. තමුසෙ කවුද ආ "

ඒ මනුස්සයා පොල්ල එස්සුවා. එතනින් එහාට උනේ මොනාද කියල මම දන්නෑ.

මගේ ඇස් ඇරුනා . මම හිටියේ ඇදක් උඩ නිකන් හොස්පිටල් එකක වගේ. මගේ ඔලුව තුවාල වෙලා. එතන හිටපු නර්ස් කෙනෙක් මට සිහිය ආව කියල කෑ ගහගෙන එලියට ගියා.

" ඩොක්ටර් ලෙඩාට සිහිය ආවා "

ඩොක්ටර් කෙනෙක් මං ගාවට ආවා. ඩොක්ටර් ගෙ පිටිපස්සෙන් ස්‍යෝ ජිනුයි චැන්‍යොල්නුයි බේඛ්‍යුන්නුයි ආවා. ස්‍යෝ ජින් නිකන් හිටියෙ බය වෙලා වගේ අනිත් දෙන්නත් එහෙමමයි .

" ක්‍යුන්ග්සුයා ඔයාට මොකද උනේ ?? " ( චැන්‍යොල් )

" මම දන්නෑ මට මොකුත් හරියට මතක නෑ "

" මතක් කරල බලන්න . හොදට මතක් කරල බලන්න . " ( ස්‍යෝ ජින් )

" මම... අපට කන්න මොනවහරි අරගෙන එන  ගමන් හිටියෙ එතකොට එකපාරටම ... අහ් මට මතක නෑ .. අහ් මගෙ ඔලුව "

" හරි හරි ඔයාට අමාරුනම් දැන් කියන්න ඕන නෑ පස්සෙ හෙමීට කියන්න ම්ම් " ( ස්‍යෝ ජින්)

ස්‍යෝ ජින් එහෙම කිව්වෙ මගේ ඔලුව අත ගාන ගමන් . මට හරිම සනීපයක් දැනුනා. මම එයාගෙ මූන දිහා බැලුවා. එයත් මගේ මූන දිහා බැලුවා . ( ඔන්න ආයි ආකර්ෂනය වෙනවා කවුරුත් කාන්දම් අයින් කලේ නැද්ද 😑💔)  අපි දෙන්න දෙන්නගෙ මූනු දිහා නෑ අපි අපේ ඇස් දෙක දිහා බලන් හිටියා. ස්‍යෝ ජින් ගෙ අත තිබ්බෙ මගේ ඔලුව උඩ . එකපාරටම එයාට ලැජ්ජ හිතිලද කොහෙද එයා අත අහකට අරගෙන අහක බලා ගත්තා.

" අහ් මේ ක්‍යුන්ග්සුයා මම ඔයාට බොන්න මොනවහරි අරන් එන්නද " ( ස්‍යො ජින් )

" හා අරන් එන්න "

" ස්‍යෝ ජින් අපටත් අරන් එන්නකෝ " ( බේඛ්‍යුන් , චැන්‍යොල් )

" හා මම අරන් එන්නම් "

Kim seo jin's POV

ඩොක්ටර් ක්‍යුන්ග්සූ ගෙ රූම් එකෙන් එලියට ආවා. ආපු ගමන්ම මම ඩොක්ටර් ගෙ ඇගට කඩන් පැන්නා.

" ඩොක්ටර් එයාට කොහොමද ? "

" මේ ලෙඩාගෙ කවුද ?? "

" මම එයාගෙ යාලුවෙක් "

" එයාට ලොකු ප්‍රශ්නයක් නෑ. එයාගෙ ඔලුවට මොකක් හරි හයියෙන් වැදිල හරි , කවුරුහරි හයියෙන් එයාට ගහල හරි තමයි මෙහෙම වෙලා තියෙන්නේ. "

" මොකද්ද කවුරුහරි ගහලා ඒත් එයාට කවුද එහෙම ගහන්න ඉන්නේ "

" බය වෙන්න එපා ඒ වෙලාවෙ එකපාරටම ආපු කම්පනය නිසා තමයි සිහිය නැති වෙලා තියෙන්නේ , තව එතන ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. මම බෙහෙත් ටික දෙන්නම් . ඉක්මනට හොද වෙයි "

" කම්සාහම්නිදා ඩොක්ටර් "      මම ඩොක්ටර් ට ඔලුව නමලා ආචාර කලා.

" ඩොක්ටර් ලෙඩාට සිහිය ආවා "    ක්‍යුන්ග්සූ ගෙ රූම් එක ඇතුලෙන් නර්ස් කෙනෙක් කෑ ගහගෙන ආවා. මමයි බේඛ්‍යුන්නුයි චැන්‍යොල්නුයි ඩොක්ටර් ගෙ පිටිපස්සෙන් රූම් එක ඇතුලට ගියා. එයාට සිහිය ඇවිල්ලා. පොඩ්ඩක් ඔලුව හරවල අපේ දිහා බැලුවා.

" ක්‍යුන්ග්සුයා ඔයාට මොකද උනේ ?" (  චැන්‍යොල් )

" මම දන්නෑ මට මොකුත් හරියට මතක නෑ "

" මතක් කරල බලන්න හොදට මතක් කරල බලන්න "

" මම... අපට කන්න මොනවහරි ගේන ගමන් හිටියේ එතකොට එකපාරටම ... අහ් මට මතක නෑ.. අහ් මගේ ඔලුව . "

" හරි හරි ඔයාට අමාරුනම් දැන් කියන්න ඕන නෑ. පස්සෙ හෙමීට කියන්න ම්ම් ."

මම එයාට කිව්වෙ එයාගෙ ඔලුව අතගාන ගමන් . එයා එකපාරටම මම දිහා බැලුවා. මමත් එයා දිහා බැලුවා. මගේ අත තිබ්බේ එයාගෙ ඔලුවේ. මට පොඩි ලැජ්ජාවක් ආවා ඒ නිසා මම එයාගෙ ඔලුව උඩින් අත අරගෙන අහක බලාගත්තා.

" ආයිෂ් මමත් මොනා කරනවද මන්දා "

" අහ් මේ ක්‍යුන්ග්සුයා මම ඔයාට බොන්න මොනව හරි අරන් එන්නද ?"      මම එහෙම ඇහුවෙ එතනින් එලියට යන්න තිබ්බ ඕන කමට .

" හා අරන් එන්න "

" ස්‍යෝ ජිනා අපටත් මොනව හරි අරන් එන්නකෝ "    ඉෂ් එපාර මගෙන් වැඩ ගන්නවද .

" හා මම අරන් එන්නම් "        මම ඉක්මනට රූම් එකේ දොර ඇරගෙන එලියට ආවා. " අයිගු ස්‍යෝ ජිනා ඔයාටනම් පිස්සු! පිස්සු !! හොදටම පිස්සු "   මම මගේ ඔලුවට ගහගන්න ගමන් මටම කියාගත්තා. දැන් ඉතින් අරගොල්ලන්ට බොන්න මොනව හරි අරන් යන්නත් එපැයි. කොෆී අරන් යනවා . එහෙම කියලා මම හොස්පිටල් එකේ කැන්ටින් එකට ගියා.

" මට කොෆී හතරක් දෙන්න "

" දේ "

එහේදි එක කොල්ලෙක් මගේ ඇගේ හැප්පීගෙන ගියා.

" ඕ චේසොන්හම්නිදා .. චේසොන්හම්නිදා  "      එයා මගෙන් සමාව ඉල්ලල එහෙන්ම පස්ස නොබල ගියා. මමත් වැඩිය ගනන් ගත්තෙ නෑ. මම කොෆී හතරත් අරගෙන ක්‍යුන්ග්සූ ගෙ රූම් එකට යන්න හැදුවා. ඒ යනකොට අර මගේ ඇගේ හැප්පුන කොල්ලා එයාගෙ රූම් එක ඉස්සරහ හිටන් හිටියා. එයා පිටිපස්ස හැරිල හිටියෙ මම හරියට මූන දැක්කෙ නෑ.

" චොගියෝ ඔයා ක්‍යුන්ග්සූ ගෙ යාලුවෙක් ද ඕනනම් එන්න ඇතුලට "

" නෑ මට හිතෙන්නෙ මට වැරදිලා . මම යන්නම් "     එයා කතා කලේ පිටිපස්ස හැරිලමයි . එයා එතනින් ගියා. ඒත් එක්කම චැන්‍යොල් එලියට ආවා .

" ඕ ස්‍යෝ ජිනා කවුරුහරි ආවද "

" ආ.. ඔව් මෙතන කෙනෙක් හිටියා මම එනකොට. එයාට රූම් එක වැරදිලාලු "

" අහ් එහෙමද "

" ඔයා කොහෙ යන්නද ආවෙ ?? "

" අහ් මේ ඔයා ගිය අතරෙ ඩොක්ටර් ආවා. එයා ගේන්න ඕන බෙහෙත් කිව්ව . මම යන්නෙ ක්‍යුන්ග්සූ ගෙ බෙහෙත් ගේන්න . "

" ඕ .. මෙන්න ඔයාගෙ කොෆී එක "

" අහ් තෑන්ක්ස් "

එය එයාගෙ කෝපි එකත් අරගෙන ක්‍යුන්ග්සූ ගෙ බෙහෙත් ගේන්න ගියා. මම ක්‍යුන්ග්සූ ගෙ රූම් එක ඇතුලට ගියා.

" ආ මෙන්න මම කොෆී ගෙනාවා. "

" කුමාවෝ " ( බේඛ්‍යුන් )

" ආ ඔයාට "

" කුමාවෝ ස්‍යෝ ජිනා " ( ක්‍යුන්ග්සූ )

Park Chanyeol 's POV

හොස්පිටල් එකේ ක්‍යුන්ග්සූ ගෙ රූම් එකේ අපි හිටියේ. ස්‍යෝ ජින් අපට බොන්න මොනවහරි ගේන්න ගියා. ටික වෙලාවකට පස්සෙ ඩොක්ටර් ආවා.

" ආ මෙන්න මේ බෙහෙත් ටික මෙයාට අරන් දෙන්න "

" දේ ඩොක්ටර් . ආ මේ මෙයාට කවද්ද යන්න පුලුවන් "

" එයාට හෙට වෙද්දි යන්න පුලුවන් . ලොකු ප්‍රශ්නයක් නෑනෙ . "

" කම්සාහම්නිදා ඩොක්ටර් "

" මේක මගේ රාජකාරිය නේ "

" එහෙනම් මම ගිහින් මේවා ගේන්නම් "

" ඔයාලට මම නිසා කරදරයි නේද ? " ( ක්‍යුන්ග්සූ )

" එහෙම නෑ බං . අපි ඉතින් ඔයාගෙ හොදම යාලුවො නේ. මේ වගේ වෙලාවල් වලදි අපි නැතුව කවුද ඔයාට ඉන්නේ "

" ඇයි ස්‍යෝ ජින් " ( බේඛ්‍යුන්)

" ඔව් හැබැයි ඒ කෙල්ලත් ඔයා ගැන ගොඩක් හොයල බලනවා "

" හ්ම්ම් එයා අපට ගොඩක් උදව් කරනවා " ( ක්‍යුන්ග්සූ )

" එහෙනම් මම මේව අරන් ඉක්මනටම එන්නම් "

එහෙම කියල මම රූම් එකේ දොර අරිනකොට. දොර ගාව ස්‍යෝ ජින් හිටියා .

" ඕ.. ස්‍යෝ ජිනා කවුරුහරි ආවද "

" ආහ් ඔව් මෙතන කෙනෙක් හිටියා මම එනකොට . එයාට රූම් එක වැරදිලාලු "

" අහ් එහෙමද "

" ඔයා කොහේ යන්නද ආවෙ "

"අහ් මේ ඔයා ගිය අතරෙ ඩොක්ටර් ආවා. එයා ගේන්න ඕන බෙහෙත් කිව්ව . මම යන්නෙ ක්‍යුන්ග්සූ ගෙ බෙහෙත් ගේන්න . "

" ඔහ් මෙන්න ඔයාගෙ කොෆී එක "

" අහ් තෑන්ක්ස් "

ස්‍යෝ ජින් දීපු කොෆී එකත් අරගෙන මම. ක්‍යුන්ග්සූ ගෙ බෙහෙත් ගන්න් ගියා. මම ලිෆ්ට් එකට යනකොට මාත් එක්ක තව මනුස්සයෙක් ආවා. එයත් ටිකක් මගේ වයසෙ වගේ. එයාට කෝල් එකක් ආවා. එයා මහ අමුතු විදිහට කතා කලේ .

" සර් වැඩේ නම් අසාර්ථකයි "

" අහ් ඔව් සර් ..... නෑ... හරි සර්............."

මමත් එයා එක්කම එකට ලිෆ්ට් එකෙන් එලියට ආවා. තාම එයාගෙ කෝල් එක ඉවර නෑ.

" ඔව් .... සර්... කොල්ලගෙ නම...... ක්‍යුන්ග්සූ "

මොකද්ද ?? එයා කිව්වේ ක්‍යුන්ග්සූ කියල නේද ඒත් ක්‍යුන්ග්සූ එක්ක එයාට තියෙන සම්බන්දෙ මොකද්ද ???

බැරි වෙලාවත් ...... ක්‍යුන්ග්සූ ට ගැහුවෙ... මෙයාද ..

" යාහ් ඔහොම ටිකක් නවතින්න "

" ටිකක් ඉන්න සර් මම පස්සෙ කතාකරන්නම්..., ඔව් මොකද්ද ප්‍රශ්නේ ?"

" ඔයාට මොකද්ද අපේ ක්‍යුන්ග්සූ එක්ක තියෙන සම්බන්දේ "

" ක්‍යුන්ග්සූ කියන්නෙ කවුද ?? "

" බොරු කියන එක නවත්තනවා......!!! ... තමුසෙ තමුසෙ නේද අපේ ක්‍යුන්ග්සූ ට ගැහුවෙ ආ "

" මොනාද ඔයා මේ කියවන්නෙ. මොන ක්‍යුන්ග්සූ ද මම කාටවත් ගැහුවෙ නෑ "

" තමුසෙගෙ බොරු ඇති . අද මම තමුසෙට "

මම එයාගෙ මූනට හයියෙන් ගැහුවා . එයාටත් කේනිති අරන් මට ගැහුවා. මමයි ඒ මනුස්සයයි  එතන මරාගන්නවා. හතර වටේ ඉන්න මිනිස්සු ඔක්කොම අපි දිහා බලන් ඉන්නවා. එක පාරටම එතනට පොලීසියෙන් ආවා.

" වහාම ඕක නවත්තන්න . "

......................................................................

Hi readers

එහෙනම් ඒකත් දැම්මා 😁

ඒ මිනිහා කවුරු වෙන්න ඇත්ද. ඇත්තටම කවුද ක්‍යුන්ග්සූ ට ගහන්න ඇත්තේ. 😁
කතාව ලස්සනද ????
ඊලග එකත් දෙන්නම් ඉක්මනටම 🙃.

පරිස්සමින් ඉන්න .

උම්මා😘

Continue Reading

You'll Also Like

262K 7.7K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
7.3M 303K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...
1.7K 448 8
The Most precious thing in the world is love..❤️ JM007 is not a human...but his love is a human...His name is kookie.. See more... (😂😂ha ha read t...
454K 31K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...