ONLY YOU ( Completed ☑️)

By kooziwang

6.1K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 10

180 40 10
By kooziwang

Kim seo jin's POV

මමයි ක්‍යුන්ග්සූයි අපේ ගෙදර යන ගමන් හිටියේ. එක පාරටම එයා මගේ උරහිස් දෙකෙන් අල්ලලා ඇදල ගත්තා. මගේ ලගින්ම වේගෙන් බයික් එකක් ගියා. එයා මාව ආයිත් වතාවක් බේරගත්තා. තව පොඩ්ඩෙන් මගේ කෑලි නෑ මම එයාගෙ ඇදුම තද කරල අල්ල ගත්තා.

" පාර බලන් නෙමේද යන්නේ.. මේ පිස්සා.. , ඔයා හොදින් නේද "    එහෙම කියල එක පාරටම එයා මගෙ ඇස් දිහා බැලුවා. මමත් එයාගෙ ඇස් දිහා බලා ගත්තා. එහෙම බලන් ඉන්නකොට මට මහ අමුතු හැගීම් ඔලුවට ආවා . ඒ ඇස් දෙක මගේම කරගන්න හිතුනා.

" අහ් මෙ ස්‍යෝ ජිනා ඔයා හොදින්ද ?"

" දෙ?? ඔව් .. ඇත්තටම මම හොදින් ඔයා ආයි පාරක් මාව බේරගත්තා. කුමාවෝ ක්‍යුන්ග්සුයා "

" ඉහ් තෑන්ක්ස් කරන්න ඕන නෑ ඉතින් ඇත්තටම ඔයාගොඩක් පරිස්සම් වෙන්න "

" ඇත්තටම මම කරදර වල පැටලෙනවා වැඩීනේද ?? "

"හ්ම්ම්... ඇත්තටම මම නෑ කියන්නෑ . ඔයාට ගොඩක් කරදර වෙනවානේ "

" මේ දවස් වල හරි අපලයි අනේ 🤧."

" කමක් නෑ ඒ කරදර වෙන හැම වෙලාවෙම මම ඔය් ගාව ඉන්නවනේ "

" ඔව් ඔයානම් ඇත්තටම මගේ ජීවිතේට ආපු සුර දූතයෙක් වගේ හැමතිස්සෙම මට උදව් කරනවා ."   

ඔහොම කියවගෙන යද්දි අපි ගෙදර ආවා.

" එහෙනම් දැන් ගෙදර යන්න හෙට ඉස්කෝලෙදි හම්බෙමු බායි "

" බායි ක්‍යුන්ග්සුයා "

ඊලග දවසෙ ඉස්කෝලෙ ඉන්ටර්වල් එක වෙලාවේ :-

දැන් හය දෙනාම ඉතින් එකට තමයි වැඩ කරන්නේ. ( හයදෙනා කවුද කියල දන්නව ඇතිනේ. )  ඔක්කොම දැන් ඉන්මෙ කැන්ටින් එකේ වාඩිවෙලා . අද කට්ටිය කතා වෙන්නෙ ඉස්කෝලෙ Principal ගැන 🤭 .  මුලින්ම කතාව පටන් ගන්නෙ චැන්‍යොල් .

" මේ ඔයාල මොකද හිතන්නෙ අපේ principal ගැන "

" මොකද  ඔයා එකපාරටම එහෙම අහන්නේ " ( බේඛ්‍යුන් )

" නෑ නිකන් දැනගන්න "

" ඇයි ඔයා මෙච්චර කල් හිටියෙ මේ ඉස්කෝලෙ නෙමේද principal  ගැන දන්නැද්ද " ( ක්‍යුන්ග්සූ )

" හරි හරි බං නිකන් ඇහුවේ උඹලා බලන්නකෝ 😒 . "

" අහ් මේ ස්‍යෝ ජින් Principal  ටත් තියෙන්නෙ ඔයාගෙ sure name එකමනේ එයා Kim dae yung "

" අහ් ඔව් "

" ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි " ( වොල්හා)

" ඇයි එහෙම වෙන්න ඕන " ( ක්‍යුන්ග්සූ )

" ඇත්තම කිව්වොත් Principal .... principal කියන්නේ...... මගේ.. අප්පා "

" මොකක්??"
" මොකක් ??"
" මොකක්??"

" එයාට දුවෙක් ඉන්නව කියල දන්නවා එතකොට එයාගෙ දුව ඔයාද ?????? "

" ඔව් ඔව් මම තමයි මම තමයි එයාගෙ දුව එයා තමයි මගේ අප්පා ඇයි දැන් මොකද ???? "

" ඇයි අනේ අපට නිකන්වත් කිව්වෙ නැත්තෙ"

" දැන් මම මෙතන අඩ බෙර ගගහ යන්න ඕනද මම තමයි principal  ගෙ දුව  කිය කිය "

" හම්මෝ හොදයි දැන ගත්ත එක නැත්තන් අපි ප්‍රින්සිපල් ට කියන ඒවා මෙයා දැනගත්තොත් මෙයා ගිහින් අප්පට කියයි "

චැන්‍යොල් එහෙම කිව්ව විතරයි මමයි මගේ යාලුවොයි හයියෙන් හිනා වෙන්න ගත්තා.

" මො.. මොකද ඔයාල හිනාවෙන්නේ?? "

" හිනා යන්නැද්ද මනුස්සයෝ අපිනෙ දන්නෙ කතාව ( යෝනා )

" ඇ... ඇයි මොකද ???"

" මෙහෙමයි ඔයාල ප්‍රින්සිපල් ට එක එක ඒවා කියනවා ඇති 🤭. ඒත් අපේ ස්‍යෝ ජින් තරම් නැතුව ඇති හ හ හ....." ( යෝනා)

" ඔව් මෙයා තරම් ප්‍රින්සිපල් ට අපහාස කරන එකෙක් නැතුව ඇති මුලු ඉස්කෝලෙම " ( වොල්හා )

" මොකක් " ( ක්‍යුන්ග්සූ )

" ඔව් අපටත් වඩා ස්‍යෝ ජින් ප්‍රින්සිපල් ගැන දන්නවා ඒ ඔක්කොම එකතු කරල ප්‍රින්සිපල් ට අපහාස කරන හැටි අපිනෙ දන්නේ " ( වොල්හා )

" එතකොට ඔයාගෙ අප්පා මේවා දන්නවද ?? " ( ක්‍යුන්ග්සූ )

" පිස්සුද තාත්තා මේවා දැනගත්තොත් මම ගෙදර ඉදල ඉවරයි "

" ඉතින් අපටත් මොනා හරි කියන්නකෝ ඔයාගෙ අප්පා ගැන හිනාවෙන්න පුලුවන් දෙයක් " ( බේඛ්‍යුන් )

" අහගන්නකො එහෙනම්, දවසක් අම්මට  ගොඩක් තරහ ගිහින් හිටියේ. අප්පා මෙහෙ මහලොකු ලොක්කා වගේ හිටියට අම්ම ගාවදි මීයෙක් වගේ 😂. අම්මා එදා තාත්තට කිව්වා.' මම තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ . ඔයා ඉතින් ඉස්කෝලෙදිත් වැඩ ගෙදරත් වැඩ , ඉන්නෙ මම හදන දේවල් කන්න විතරයි , මේ ලෝකෙ ඔක්කොම වැඩ තියෙන්නෙ ඔයාට වගේ ......'   ඔහොම කියවගෙන යද්දි තාත්ත ඉතින් අම්මව ශේප් කරගන්නත් එක්ක කිව්වා අද උයන්නම් කියලා . "

" මොකක් අපේ ප්‍රින්සිපල් සර් ඉව්වද 🤭" ( බේඛ්‍යුන් )

" ඉව්වද??? ඉව්වා තමයි 🙄"

" ඇයි මොකද උනේ 😂." ( චැන්‍යොල් )

" මොකද උනේ ?? ලුනු දාන්න ඕන එක්ට සීනි දාලා, සීනි දාන්න ඕන එකට ලුනු දාලා, ඒ මදිවට හදපු කිමිචි එක තිත්තම තිත්තයි 🤮. "

" බුදු අම්මෝ 🤣. " ( බේඛ්‍යුන් )

" ඔව් . ඒකෙන් උනේ අම්මගෙ කේන්තිය තවත් වැඩි උනා අම්මෝ එදා 🤣. "

කට්ටියත් එක්කම ඔහොම හිනා වෙවී ඉන්නකොට එකපාරටම මුලු කැන්ටින් එකම නිශ්ශබ්ද උනා. බැලුවම ප්‍රින්සිපල් සර් නැත්තන් මගේ අප්පා ඇවිල්ලා. අපි දිහා කන්න වගේ බලන් හිටියා. කෙලින්ම ආවෙ අපේ ගාවට .

" කට්ටිය හොදට විනෝද වෙනව වගේ නේ "

" අහ් අප්පා මේ ... "

" මමකියල තියෙනවා මෙහේ කාගෙවත් අප්පලා නෑ කියලා "

" අහ් මෙ.. සර් "

" ඔව් මොකද මගේ කිමිචි එක තිත්තද "

කෙලිය තාප්පෙට. අප්පට ඔක්කොම ඇහිලා වගේ . දැන් ඉතින් දෙයියෝ බුදුන් සිහි කරගන්න. මම ඉවරයි . 😖

" කට්ටිය එක්කම එනවල මගේ ඔෆිස් එකට "     

කට්ටියම පෝලිමට අප්පගෙ ඔෆිස් එකට ගියා. අපි ඔක්කොම පෝලිමට ගියා. අප්පා එයා ගාව තියෙන තඩි වේවැල අරගෙන අතට තට්ටු කර කර අපෙන් ප්‍රශ්න ඇහුවා.

" මටත් කියනෝ බලන්න මම ගැන රස කතාවක් . මමත් ආසයි අහන්න . මොකද කට්ටියගෙම කටවල් වැහිලා. කතාකරනවා "

එයාගෙ තඩි වේවැලෙන් මේසෙට ගැහුවා. අම්මෝ ඒ සද්දෙට අපි උඩ ගියා. මගේ කට නිසානෙ මෙයාලටත් මෙහෙම උනෙ . මම අප්පට කතා කලා.

" අප්පා මේකයි.. "

" මම කිව්වා මෙහේ කාගෙවත් අප්පල නෑ කියලා"

" අහ් මේ සර් .. සර් මේකයි .. මෙයාලගෙ මොකුත් වැරැද්දක් නෑ මමනෙ ඔක්කොම කියෙව්වේ. මෙයාලට යන්න දෙන්න . "

" ස්‍යෝ ජිනා ඔයා අපට කියෙව්වෙ අපි අහපු නිසානේ . අපිත් වැරදී . " ( චැන්‍යොල් )

" නවත්තනව ඕක !! හය දෙනාම පෝලිමට මගේ ඔෆිස් එක ඉස්සරහ දන ගහන් ඉන්න ඕන පැයක් ."

" අනෙ සර් "

" ඇයි දැන් තව පැයක් ඕනද යනවා "

" අනේ අප්පා නෑ මේ සර් අනේ දනගහන් ඉන්න බෑ ඕනනම් අපට ගහන්න ගහල යවන්න දනගහන් ඉන්න බෑ අප්පා  නෙමේ සර්.. ජේබල් ඕනනම් ගහල යවන්න 😖. "

" ආ.. දැන් ගුටිකන්න ඕනද එහෙනම් පාරවල් දහයක් ගානෙ හැමෝටම "

" හා අප්පා නෙමෙ සර් ඒත් අප්පා මගේ වැරැද්ද ලොකු නිසා මට විතරක් දහයක් ගහලා අනිත් අයට පහ පහ ගානෙ ගහන්නකෝ ප්ලීස් "

" ගුටිකන්න එච්චරම ආසද හොදයි එහෙනම් කට්ටිය එක්කම එහාපැත්ත හැරෙන්නකෝ "

අපි හෙමින් හෙමින් මූනු දිහා බලාගෙන එහා පැත්ත හැරුනා. දැන් පාරවල් දහයක් කාපන්කෝ. R.I.P මගේ පශ්චාත් බාගය. අප්පා මුලින්ම පටන් ගත්තේ කොල්ලොන්ගෙ පැත්තෙ කොනේම හිටියෙ බේඛ්‍යුන් අනෙ ඒ පොඩි කොල්ලා. හැමෝගෙම පශ්චාත් බාග වලට වැඩේ දීල මම ගාවට අන්තිමට ආවා. අප්පා මගේ දිහා බලල මහ කුපාඩි හිනාවක් දැම්මා.

චටාස් " එකායි "   " ආහ් "
" දෙකායි "
" තුනායි"
.
.
.
.

" නවයායි "     " ආව් "
" දහයායි "

" අහ් ඌයි අහ්ම්ම් අහ්හ් මගෙ "

" දැන් පන්තිවලට යනවලා. ආයි අහු උනොත් නම් අනිවාරෙන් පාරවල් දහයකුයි පැයක් දනගහගෙන ඉන්නත් වෙනවා . දැන් යනවා "

හය දෙනාම පශ්චාත් බාගෙ අල්ලගෙන යනවා.

" යාහ් ස්‍යෝ ජින් අපේ පස්ස ගැන ඔයාට වග කියන්න පුලුවන්ද හහ්හ් රිදිනෙවා අනේ " ( බේඛ්‍යුන් )

" ස්‍යෝ ජින්ට මොකුත් කියන්න එපා අපට මෙහෙම රිදෙනවනම් එයාට කොහොම රිදෙනව ඇත්ද . එයා අපට වඩා දෙගුනයක් ගුටිකෑවා. " ( ක්‍යුන්ග්සූ )

අනේ ඉතින් ක්‍යුන්ග්සූ ට විතරයි මගේ දුක තේරුනේ. තාමත් නිකන් කිස් කනවා වගේ ආයිෂ්.

" එහෙනම් අපි පන්තියට යන්නම් ඔයාල ස්‍යෝ ජින් එක්ක ඔයාලගෙ පන්තියට යන්න. හම්මෝ අදනම් හොද පාඩමක් ඉගෙන ගත්තා " ( චැන්‍යොල් )

යාලුවෝ ටිකයි මමයි ක්ලාස් එකට ආවා අපි වාඩි උනා .

" ආවු !!!!!"

" ස්‍යෝ ජිනා මොකද "(වොල්හා )

" අහ් රිදෙනවා වාඩිවෙන්නවත් බෑ ආවු "

" අයියෝ දැන් මොකද කරන්නේ " ( යෝනා )

" කමක් නෑ මම හෙමීට වාඩිවෙන්න බලන්නම් . අහ් අව් උහ් හම්මෝ හරි ඇති යන්තම් වාඩි උනා "

" අවුලක් නෑනෙ "( වොල්හා )

" නෑ නෑ . ඔන්න බලන්නකෝ අද මම අප්පට කියලම මසාජ් කරගන්නවා හහ්හ් 😖"

" මොකක් අප්පට කියලා ඒත්" ( යෝනා)

" ඇයි තැනෙද ප්‍රශ්නේ. තැන කොතන උනත් කමක් නෑ මම අද මසාජ් කරගන්නෙ අප්පට කියලමයි හහ්හ් "

" අපි දන්නෑ ඔයාගෙ කැමැත්තක් "

තාමදන්නෑ අප්පා අප්පගෙ දුවගෙ හැටි .

......................................................................

Hi readers

අද තනිකරම තිබ්බෙ ස්‍යෝ ජින්ගෙ POV එක විතරයි. අද කතාවට අලුත් චරිතෙකුත් එකතු උනා .
අපි බලමු ස්‍යෝ ජින් කොහොමද එයාගෙ අප්පට කියල මසාජ් කරගන්නෙ කියල 😂.  ඊලග එකත් ඉක්මනටම දෙන්නම් .

බායි
උම්මා😘

Continue Reading

You'll Also Like

374K 32.4K 92
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
902 156 7
"හියුන් ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒක කරන්න.මාව අතෑරල යන්න.ඔයාට මෙහෙම ඉන්න බෑ.ඔයා වෙනුවෙන් බැරිනම් මං වෙනුවෙන් හරි යන්න හියුන්.චෙබල්"
793K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
31K 855 11
COMPLETE When Colby Brock discovers that Jake Webber has a girlfriend, he has to fight back the jealously that engulfs him every time he sees them t...