ONLY YOU ( Completed ☑️)

Von kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... Mehr

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 9

195 40 16
Von kooziwang

Kim seo jin's POV

ඊයෙ උන දේනම් අමතක වෙන්නෙම නෑ. ආයිෂ් ආයි මතක් වෙනවා අප්පිරියයි . ඇත්තටම එයාලා මොකද්ද ඒකෙන් ලබන සතුට. ලැජ්ජාවක් නැද්ද මන්දා. හොදවෙලාවට ක්‍යුන්ග්සූ ආවෙ. එයා නැත්තන් මට ඒ මනුස්සයගෙන් ගැලවෙන්න වෙන්නෑ. එයාට තෑන්ක්ස් කලේවත් නෑ මම. ඔහේ ආවා. ගහගත්ත වෙලේ තුවාල උනාද දන්නෑ. අද හොදට බලාගන්න ඕන.
' දැන් වෙලාව කීයද දන්නෑ '
' හහ් අටටත් ලගයි මම පරක්කුයි එයා බලන් ඉන්නවද දන්නෑ. '

මම ඉක්මනට දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා ක්‍යුන්ග්සූ ලගෙ ගෙදර යන්න හැදුවා .

" කොහෙද ඔය අස්ස කුලප්පුව හැදිල වගේ දුවන්නෙ " මම එකපාරටම නැවතුනේ ඔම්මගෙ කටහඩ ඇහිලා.

" අහ් ඔම්ම මම පොඩි වැඩකට යනවා යන්නම් බායි " කොහොමහරි අම්මව මග ඇරලා ගෙදරින් එලියට ආවා. කෙලින්ම ඇවිදගෙ ගියා . පොඩි පොඩි වංගු තිබුනා ඉතින් 🤭. කොහොමහරි මම ක්‍යුන්ග්සූ ලගෙ ගෙදරට ආවා.මම ගෙදර බෙල් එක ගැහුවා. දොර ඇරියා වෙන කවුරුත් නෙමේ ක්‍යුන්ග්සූ තමා ඇරියේ වෙන කවුරුත් හිටියේ නෑ අනිත් ඩබල ඉස්කෝලෙ ගිහින්.

" ක්‍යුන්ග්සුයා මම පරක්කුයි නේද "

" අහ්නේ එහෙම නෑ අනේ "

" මියානේ "

"අනේ සොරි කියන්න ඕන නෑ. දැන් ඔයා ආවනේ. ඔයා මොනාහරි බොනවද "

" මේ මම ආවෙ ඔයාගෙන් වැඩ ගන්න නෙමේ ඔයාව බලාගන්න . ඔයා ඕනනම් මගෙන් වැඩ ගන්න . ඒක නිසා ඔයා නිදහසේ ඉන්න මම ඔක්කොම වැඩ කරන්නම් "

" මම උදව් කරන්නම්කෝ "

" උදව් පදව් ඕන නෑ . කිව්වම අහල හොද මහත්තයා වගේ පාඩුවෙ ඉන්න මම වැඩ කරන්නම් "

" මට දැන් හොදයි අනේ "

" හරි හරි කම්ක් නෑ ඒත් මම වැඩ කරන්නම් ඔයා පාඩුවෙ ඉන්න. ඕන මොනාහරි තියෙනවනම් කියන්න හරිද යන්න යන්න කෝ "

එහෙම කියල මම ක්‍යුන්ග්සූ ගෙ උරහිස් දෙකෙන් අල්ලන් එයාගෙ කාමරේට ගිහින් ඇද උඩට තල්ලු කරලා ආවා. සාලෙ ඉදල මෙයාගෙ කාමරේට එනකොට නිකන් මුහුදෙ ඉදල ගොඩබිමට ආව වගේ. සාලෙ පිස්සන් කොටුවක් වගේ කාමරේනම් මාරම පිලිවෙලයි ඇත්තම කිව්වොත් මගේ කාමරේටත් වඩා පිලිවෙලයි. මම ටිකක් කාමරේ වටපිට බැලුවා.

" මොනාද ඔයා බලන්නෙ "

"ආ නෑ මේ සාලෙ ඉදල ඔයාගෙ කාමරේට එනකොට සාලෙයි ඔයාගෙ කාමරෙයි හාත්පසින්ම වෙනස්. "

" ඒ කිව්වෙ "

" කාමරේ මාර පිලිවෙලයි සාලෙනම් පිස්සන් කොටුවක් වගේ "

" අහ් ඒකද අරුන් දෙන්නගෙ වැඩ තමා "

" එහෙනම් මම සාලෙ අස්කරන්නම් ඔයා රෙස්ට් කරන්න "

" තනියම පුලුවන්ද "

" තනියම බැරි උනත් කොහොම හරි කරන්නම් ඔයා එන්න ඕන නෑ "

" ආපෝ හරි හරි "

මම එයාට පොඩි ගැස්සිල්ලකුත් දාලා ආව අස් කරන්න. පණ්ඩිතය වගේ කිව්ව වගේම දැන් අස්කරන්නකො ඉතින්. මම අස් කරන්න ගත්තා .

( ස්‍යෝ ජින් අස්කරන විදිහ පොඩ්ඩක් ස්පීඩ් එක වැඩිකරල මවාගන්න . ඔය කේ ඩ්‍රාමා වලත් තියෙන්නෙ 🤭)

" හහ් ඇති යන්තම් ඉවරයි . ඇත්තටම අර මනුස්සය පැත්තවත් බලන්න ආවෙ නෑ පොඩ්ඩක් බලන්න ආවනම් මොකද වෙන්නෙ. "

මම එයාටයි මටයි කෝපි දෙකක් හැදුවා.

" කෝ අනේ මේ මනුස්සයා "

මම කාමරේ පැත්තට ගියා. මෙන්න මෙයා හොදට නිදි. හපෝ මම අරහෙ පනදාගෙන ඔක්කොම අස් කලා මෙයා නිදි .

" යා ක්‍යුන්ග්සුයා නැගිටින්න මම කෝපි හැදුවා බොන්න " ඇහැක් ඇරල බැලුවෙ නෑ .

" ඇත්තමයි මෙයා කිව්වම අහල නැගිටිනවාආආආආආආඅ " මගේ කටේ සද්දෙට එයා අභ්‍යාවකාශ ගත වෙලා ආයි ගොඩබැස්සා.

" මොකද අනේ බෙරිහන් දෙන්නේ "

" මම අරහෙ පන දාගෙන වැඩ ඔයා හොදට බුදි "

" ඉතින් ඔයාමනෙ උදවු කරන්න එපා කිව්වේ "

" උදව් කරන්න එපා කිව්වට නිදාගන්න කිව්වෙ නෑ පොඩ්ඩක් මම වැඩ කරන දිහා බලන් ඉන්න තිබ්බනේ .. මම කෝපි හැදුවා ඇවිත් බොන්න "

" කෝපි ?? මේ වෙලාවෙ "

" ඇයි මේ වෙලාවෙ බිව්වම මැරෙනවද ? ඕනනම් ඇවිත් බොන්න නැත්තම් මම දෙකම බොනවා "    මම කාමරෙන් එලියට එන ගමන් කිව්වා.

ටික වෙලාවකින් එයා ආවා. ඇවිත් මම හදපු කෝපි එක බිව්වා .

" වාහ් මාර රහයි නේ "

" කියන්න ඕන නෑ මම දන්නව රහයි කියලා "

" හ්ම්ම් නෑ ඇත්තටම රහයි 😁. දැන් වෙලාව කීයද ? "

" දැන්නම් එකට ලගයි "

" හපෝ තාම ?? "

" ඇයි මම යනකන් නේ බලන් ඉන්නේ "

" එහෙම නෑ අනේ මම ආසයි ඔයා එක්ක ඉන්න අද නෙමෙයි දිගටම නැවතුනත් කම්ක් නෑ "

" ඔව් ඉතින් එතකොට මම ඔක්කොම වැඩ ටික කරයි ඔයාල හොදට නිදාගනියි "

" එහෙම දෙයක් නෙමේ අනේ කිව්වේ මම ආසයි ඔයා එක්ක කාලය ගත කරන්න . සාමාන්‍යයෙන් මම කෙල්ලො බනින ඒවා අහන් ඉන්න කෙනෙක් නෙමේ ඒත් ඔයා බනිනකොටනම් අහන් ඉන්න හිතෙනවා "

ඒ කියපු දේටනම් මම ඩිම් වෙලා ගියා. මගේ බැනුම් අහන් ඉන්න ආසලු. මම එක්ක ඉන්න ආසලු දිගටම 🙄. දැන්නම් නිකන් මඤ්ඤ්ං වගේ . මම මොකුත් නොකිය හිටියා.

" මම වොශ් රූම් එකට ගිහින් එන්නම් "   එයා කෝපි බීපු කෝප්පෙ මගේ අතට දීල ගියා.
' ආයිශ් මටදීල යන්නෙ හෝදන්න බැරිද අනේ ' මම ඉතින් නිකන් ඉන්න වෙලාවට සින්දුවක් කියාගෙන ඉන්න කෙනෙක් . ඒ වෙලාවෙත් මම සින්දුවක් කිය කිය හිටියේ. ඒක ඩුවට් එකක් මම ඒකෙ female part එක තමයි sing කර කර හිටියේ  . මම ඒ පාර්ට් එක කියල නැවැත්තුවා. මම නවතිනවත් එක්කම ක්‍යුන්ග්සූ ඒ සින්දුවෙ male part එක සින්ග් කලා.

' වාව් එයාගෙ වොයිස් එක මාව පිස්සු වට්ටනවා 🎶🎶🎶🎶. ඒ වොයිස් එක මාව වෙනම ලෝකෙකට අරන් ගියා. '

" යාහ් ස්‍යෝ ජිනා ස්‍යෝ ජිනා!!"

" අහ් "    අයියො දෙයියනේ මෙයා සින්ග් කරල ඉවරද. මට දැනුනෙවත් නෑ. කට ඇරන් බලන් හිටියා නිකන් මොකෙද්ද වගේ .

" අහ්.. මේ ඇත්තටම මම ඔයා සින්ග් කරනව දැක්කමයි ඇත්තටම ඔයාගෙ වොයිස් එක මාර ලස්සනයි "

" මගෙ විතරද ඇයි ඔයාගෙ වොයිස් එක ඒකත් ගොඩක් ලස්සනයි "

" කම්සාහම්නිදා  😁. "     මම එහෙම කියලා වතුර එකක් බොන්න කුස්සිය පැත්තට යන්න හැදුවා. ඔන්න ඉතින් පුතේ වරදින තැන ක්‍යුන්ග්සූ ජැක් එකක් ගහන් හිටපු කකුලෙ මම පැටලුනා. ( මෙම සිදුවීම ස්ලෝ මෝශන් විදිහට මවාගන්න හොදේ 😁) ඔන්න ඉතින් මම මුනින් අතට වැටෙන්න යනවා. ක්‍යුන්ග්සූ මාව අල්ලගන්නවා . ඒත් ඉතින් මගේ බර දරාගන්න බැරුව ඒයත් බැලන්ස් නැතුව වැටෙනවා. අපි දෙන්නම වැටුනා. මම බිම ක්‍යුන්ග්සූ මගේ ඇග උඩ . වැටුනපාර ටිකක් වෙලා ගිහින් අපි දෙන්නම මූනට මූන බලාගත්තා. ඔන්න ඉතින් අපි දෙන්න ඇස් ගෙඩි දෙක  ලොකු කරගෙන බලන් ඉන්නව විනාඩියක් විතර. මම පියවි සිහියට ආවා.

" අහ් මේ ක්‍යුන්ග්සුයා ඔයා බරයි 🙄."

" දේ?? ඕ මියානේ "    එයා මගෙ ඇග උඩින් අයින් උනා. 

" තුවාල උනේ නෑනෙ "

" අහ් නෑ නෑ ප්‍රශ්නයක් නෑ "    ඒකකිව්ව විතරයි මේක නෝංජල් හිනාවක් දැම්මා.

" මොකද 🙄."

" නැහැ මම මේහිතුවේ අපි දෙන්න වැටෙනව වැඩී නේද "

"හී "    මම පොඩි සිගිති හිනාවක් දැම්මා.

......................................................................

Doh kyungsoo 's POV

කිව්ව වගේම එයා අපේ ගෙදර ආවා. දවස ගත කලේ ඉතින් එයාගෙ සුන්දර බැනුම් අහ අහ තමා. එතකොට එයාගෙ රස කෝපි එකකුත් රසවින්දා. මම වොශ් රූම් ගිහින් එනකොට එයා සින්දුවක් කිය කිය හිටියා. එයාගෙ වොයිස් එක මාර ලස්සනයි. මමත් ඒ සින්දුවට පොඩි දායකත්වයක් දුන්නා.  එයා කිව්ව මගේ වොයිස් එක ලස්සනයි කියලා.
එයා කුස්සිය පැත්තට යන්න හැදුවා. මම ජැක් එකක් ගහන් හිටපු කකුලෙ එයා පැටලිලා වැටෙන්න ගියා. මම එයාව අල්ලගත්තා ඒත් මමත් බැලන්ස් නැතුව එයත් එක්කම වැටුනා. අපි දෙන්නගෙ මූනු දෙක ගොඩක් ලං වෙලා තිබ්බේ. දෙන්නම ඇස් ලොකු කරගෙන මූනු දෙක දිහා බලන් හිටියා.

" අහ් මේ ක්‍යුන්ග්සූ ඔයා බරයි 🙄."

" දේ ?? ඕ මියානේ "    මෙච්චර වෙලා ඉදල තියෙන්නෙ එයාගෙ ඇග උඩනේ. මම එයාගෙන් අයින් උනා .

" තුවාල උනේ නෑනේ ?"

" අහ් නෑ ප්‍රශ්නයක් නෑ "   මට ඒ වෙලාවෙ පොඩි හිනාවක් ගියා.

" මොකද 🙄"

" නැහැ මම මේ හිතුවෙ අපි දෙන්න වැටෙනවා වැඩී නේද "

" හී "   එයා පොඩි සිගිති හිනාවක් දැම්මා.

" ක්‍යුන්ග්සුයා ..... අපි ආවෝ........ "

" ස්‍යෝ ජිනා ......... අපිත් ආවෝ ... "

මෙන්න මෙයාල ඇවිත්. ආව කලින් වැඩිද මන්දා .

" ඔයාල ඔක්කොම ආවද "

" ඇයි අපි ආවම මොකද අපි ආවෙ ඔයාව බලන්න නෙමේ ස්‍යෝ ජින්ව බලන්න . "

" එහෙනම් දැන් ඔයාල ආපු නිසා මම යන්නම් "    ස්‍යෝ ජින් යන්න හැදුවා.

" දැම්ම යන්නෙ මොක්ද තව ටිකක් ඉදල යන්න "

" බෑ ක්‍යුන්ග්සුයා අම්මට කිව්ව මම ඉක්මනට එනවා කියලා. "

" අහ් එහෙමද එහෙනම් යන්න මම ඇරලවන්නද "

" නෑ ඕන නෑ "

" අදනම් බෑ කියන්න එපා මතකනෙ ඊයෙ "

" ඊයෙ?"
"ඊයේ ? "

" ස්‍යෝ ජිනා මොනාද මෙයා කියන්නේ ඊයෙ මොනාද උනේ "

ආයිෂ් මගෙත් කට ඉක්මන් උනානෙ . දැන් මොනාද කියන්නේ.

" අහ් මේ ඊයේ මේකයි මේ ... "

" බල්ලෙක් මාව හපන්න ආවා "    ස්‍යෝ ජින් පැනපු ගමන් කිව්වා.

" බල්ලෙක් ??? "

" ඔව් බල්ලෙක් මහ ජරා බල්ලෙක් "

" හුම් ඔයා අපට කිව්වෙ වත් නෑනෙ "

" ඉතින් කියන්න අද හම්බුන්නෑනෙ "

" ස්‍යෝ ජිනා මට ඔයාගෙ නම්බර් එක දෙන්නකො "    මම එයාගෙන් නම්බර් එක ඉල්ලුවා.

" ක්‍යුන්ග්සුයා ඔයාට මොකටද නම්බර් එක "

" හරි හරි මම දෙන්නම් "    මුන්ට මොකටද මටනෙ ඕන 🙄.

" එහෙනම් යමු "   

මමයි ස්‍යෝ ජිනුයි එයාගෙ ගෙදර යන්න ආවා. එයාගෙ යාලුවො දෙන්නා එහෙමම එයාලගෙ ගෙදර ගියා. 

" ඇත්තටම ඊයෙ බල්ලෙක් ආවද 🤭"

" යාහ් ඉතින් ඒ වෙලාවෙ කටට ආපු දේ කිව්වා එයාලත් විශ්වාස කලානෙ අනික ඉතින් බල්ලෙක් කිව්වත් කමක් නෑනෙ "

" හම්මෝ ඔව් එයා එදා හොදට මගෙන් කෑවා "

ඒ වෙලවෙ පාර පැත්තෙන් වේගෙන් බයික් එකක් ආවා. තව ටිකක් එහා මෙහා උනානම් ඒක ස්‍යෝ ජින්ගෙ ඇගේ හැප්පෙනවා. මම ඉක්මනට ස්‍යෝ ජින්ගෙ උරහිස් දෙකෙන්  අල්ලලා මෙහාට ඇදලා ගත්තා.

" යා පාර බලන් නෙමේ ද යන්නෙ පිස්සා ... ඔයා හොදින් නේද "

ස්‍යෝ ජින් එයාගෙ අත් දෙකෙන් මගේ ඇදුම තදින් අල්ලන් හිටියේ . අදනම් අපි දෙන්නගෙ මූනෙ මොකක් හරි ආකර්ෂන බලයක් තියෙනවද මන්දා. ඒ වෙලාවෙත් අපි දෙන්නගෙ මූනු ගොඩක් ලං වෙලා තිබ්බේ. අපි දෙන්නා අපි දෙන්නගෙ ඇස් දෙක දිහා බැලුවා. ටිකවෙලාවක් ඒ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට මට අමුතු හැගීමක් ආවා ඒ ඇස් මට කතා කරනව වගේ ( ඔය ඇස් කතා කරනවා 🎶🎶🤭🤭 මගෙ දිහා බල බලා 😂. )

......................................................................

Hi readers

අන්තිමට පොඩි සින්දුවකුත් කියල ඉවර කලේ . පුලුවන්නම් මුන් දෙන්නගෙ මූනු වල තියෙන කාන්දම් දෙක හොයල අයින් කරල දාන්න 😂. අන්තිමට ගලව ගන්නත් බැරිවෙයි.

ඊලග එකත් ඉක්මනට දෙන්නම් . ඊයෙ මගෙ කොටාගෙ Birthday  එකනේ මම ඊයෙ මේක දාන්න හිටියේ බැරි උනා අනේ කම්ක් නෑ.
එහෙනම් හැමොටම Happy D O day and Happy kai Day

පරිස්සමට ඉන්න
උම්මා😘

Weiterlesen

Das wird dir gefallen

1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
2.1K 580 5
යලි හමුවෙමු මෙවන් මල් යායකදි පැතු පැතුම් ද විකසිත කරන්.....🥀 COVERED BY _Lan_Kimra
192M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...