❀꧁ පෙරවදන ꧂❀

1.2K 94 7
                                    


භූත සහ යක්ශ වංශිකයන්ගේ  ආරම්භකයා හෙවත් මුණුබුරා ලෙස *වෙයි වූ ශියෑන්* හැඳින්විය හැකිය. ඔහු විසින් නිර්මාණය කලා වූ භූත රූකඩ ධ්‍යානවේදය අති බිහිසුණු වූ බැවින් ද අවුල්  වියවුල් සහගත ප්‍රශ්න ඇතිකල බැවින්ද , ඔහුට මිලියන සංඛ්‍යාත ජනකායකගේ වෛරයට පාත්‍ර වන්නට සිදු විය.අවසානයේ ඔහුගේ ආදරණීය බාල සොහොයුරු *ජියැන් චෙන්* විසින් ඔහුගේ සහෝදර භාවයට ද්‍රෝහී වී වෙයි වූ ශියෑන් මරාදමනු ලබන්නේ ඉතිරි වංශයන් හා එක්වයි.
     
    *මෝ ශුයෑන් යූඒ* හෙවත් තම වංශය විසින් අත් හල පුද්ගලයකු වෙයි. ඔහුගේ මව දාසියක වූ අතර පියා ඉහල *ලන් ලින් ජින් වංශිකයෙක්* විය. වැඩිවියේදී  ඔහුගේ ආලයට සිත් බැඳගනු ලබන්නේ තවත් පුරුෂයකුයි. මෙලෙස පුරුෂයන් හා ආලයෙන් බැඳී සිටි බැවින් එම වංශයෙන්,  *මෝ ශුයෑන් යූඒ* සමලිංගික උන්මාදකරුවකු ලෙස හංවඩු ගසා කලුවර කුටියක වංශයේ කුටි අතුරින් ඈත් කර වෙනම කුටියක සිර කර තබනු ලබන්නේ අනේක විධ තාඩන පීඩන මාධ්‍යයේය. කෙසේ හෝ ඔහුට ඔහුගේ ආලවන්ත පුද්ගලයා නොමැති තැන ඔහුගේ මනස වියවුල් පුද්ගලයකු ලෙසට පත් වෙයි.

මෙලෙස දුක්ඛිතව ජීවිතය ගත කරනා ඔහුට තම ජීවිතය පිලිබඳ කිසිඳු ඇල්මක් හට නොගනී. මේ අතර *මෝ ශුයෑන් යූඒ*  මායා බල උපයෝගී කරගනිමින් *වෙයි වූ ශියැන්* ට තම ජීවිතය පූජා කරනු ලබයි. ඔහු වෙයි වූ ශියැන්ට නැවත ජීවිතය ලබා දෙන්නේ පොරොන්දුවක් මතයි.එලෙස නැවත ජීවය ලබාගන්නා වූ *වෙයි වූ ශියැන්* ඔහුගේ පොරොන්දුව නොපිරිහෙලා ඉෂ්ඨ කිරීමට වගබලා ගනී.
      එතුවක් කාලයකට *ලන් වන්ග් ජී* හෙවත් සියලු වංශිකයන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වූ ඔහු *වෙයි වූ ශියෑන්* නොමැතිව කල් ගෙවනා අතර ඔහු ඉදිරියට පැමිණෙන්නා වූ අනිසි බලවේග පමණක් නොවේ භයානක සියලුම දෑ දැඩි පරිශ්‍රමයකින් මැඩ පවත්වා ගැනීමට උත්සුක වෙයි.
             යක්ෂයින්ට පහර දීම , අබිරහස් විසඳීම සහ හාස්‍ය මුසු කුතුහලයෙන් පිරි කතාවකට මුල පිරීමක් වන මෙම කතාව තුල  උදාසීන , උඬඟු , දයාබර පුද්ගලයකු වන *ලන් වන්ග් ජී* තම ආදරණීය පුද්ගලයා වන * වෙයි වූ ශියෑන්*කෙරෙහි තම සහෝදරත්වය ඉක්මවා ගිය හැඟීමකින් සිටිනා අතර *වෙයි වූ ශියෑන්* *ලන් වන්ග් ජී* කෙරෙහි පහලව ඇති හැඟීම් වටහා ගැනීමට තැත් කරයි.

~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~ Where stories live. Discover now