ආක්‍රමණශීලීත්වය 5 (අවසන් කොටස)

747 51 10
                                    


ආක්‍රමණශීලීත්වය ❺ - (3)

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ශරීරය සහමුලින්ම ඉරී ගොස් මරණයට පත් වීම පැරණි කලාවකි. එනමුත් වෙයි වූ ශියෑන් අත් කරගත් ඉරණමට වඩා මෙය වඩාත් ගෞරවාන්විත විය. සමහර විට එසේ ඉරීගොස් මරණය කැඳවන සිරුරේ කොටස් මගින් එය සිදුවූයේ කෙසේද යන්න පසු විපරම් කිරීමට හැකිය. කෙසේ හෝ මේ අයුරින් මිය යන පුද්ගලයාගේ ශරීරය පිලිබඳ සෙවීමට අනු අවස්ථාවක් ඇත. එනම් ජීවමානව සිටින කල ආත්මය සිරුර සමඟ ක්‍රියා කිරීමයි .

එම ක්‍රියාවලිය නම් යමෙකු ගේ වම් අත දැනටමත් අනුභව කර ඇත්නම් එය නොපෙන්වා නැවත වම් අතෙහි පෙනුම ප්‍රතිස්ථාපනය වීමත් එම පුද්ගලයාගේ ශරීරයේ රීරි මාංශ සහ රුධිරය උරා බී ඔහුව මරා දමා නැවත ශරීරයට දුෂ්ට ආත්මය විසින් පණ පොවා ඇති සෙයක් දක්නට ලැබේ එය ජීවමාන යැයි හැඟුනද ඒ වන විටත් අදාල පුද්ගලයා මිය යෑමට හැකිය. එහි ප්‍රධාන ඉලක්කයක් ලෙස මෝචියුවාන් සහ ඔහුගේ පියා හඳුනා ගත හැකිය. මෝ මහතා ඔහුගේ බිරිඳගේ අණ නොතකා ක්‍රියා කිරීමත් ඇයගේ අහංකාර කම නිසා ඇතිව තිබූ සිත් අමනාපය පමණක්ම නොව , ඔහුගේ සිරුර ඒ වන විටත් මියගොස් තිබූ අතර එය ඉතා භයංකාර නිහඬ බවකින් පෙලීය. එය තාව කාලික නිහඬ භාවයක් වූ අතර ඔහුගේ මල කඳ එසේ ප්‍රතිචාර දක්වා තිබුනි.

එහි තවත් එක් පැති කඩක් ලෙස අ-ටොං නම් සේවකයා මළ පසු හදිසියේම නැගෙනහිර අංගනයේ පහන් එලි සියල්ල නිවී ගිය අතර එහි අවුල් සහගතව මෝ ආර්‍යාව වෙත එම ගැටලුව මාරුවී පැන නැගුනු අතර ඇය තුලින් යක්ෂාවේශය දැක ගන්නට සියල්ලෝ සමත් විය . නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් හමාරය . ඒත් සමගම වෙයි වූ ශියෑන් ගේ මැනික් කටුවෙහි තිබූ එක් පලුද්දක් එකෙනෙහිම සුව විය .

ලන් වංශික සිසුහු තම තලිස්මන් ( සුරයන් ) ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ ස්වේත පැහැ කබා උනා දමා එම කබා සියල්ල රලු සහිත වම් හස්තය හෙවත් යක්ෂාවේශ වූ හස්තය වැසෙන තෙක් එක්වර විසි කරේය. එසේ විසිවූ කබාතුලින් හරිතාග්නි දහරාවක් දිස්වූ අතර ලන් වංශික සියලු දරුවන්ගේ කබා පිළිස්සී අලු වී ගියේය. නමුත් ඉන් කිසි පලක් නොවීය. එම හස්තය පෙරට වඩා හොඳින් පෙනෙන්නට තිබිණි. සියල්ලන්ගේම අවධානය වෙනතකට යොමු වූ අවස්ථාවේ ,
වෙයි වූ ශියෑන් එක් වරම බටහිර අංගනය වෙත පලා ආ අතර ඔහු එහි සිටුවා තිබූ භූත රූකඩ සියල්ල පාහේ එකිනෙක පරීක්ෂා කලේය. ඔහු තලිස්මනයෙහිඇඳ ඇති රටාව තම පාදයෙන් වෙනස් කල අතර ඇඟිලි වලින් හඬක් නඟා ඔවුනට කතා කලේය එකෙනෙහිම මිය ගිය භූත රූකඩ තම සුදු පැහැ ඇස් හැර බලන්නට වූයේ අකුණක් වැදුනු පරිද්දෙනි.

~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~ Where stories live. Discover now