ආක්‍රමණශීලීත්වය -2

388 50 3
                                    

[ ආක්‍රමණයශීලීත්වය -3 කොටස ]

"මට ඔයාලගේ කීර්තිනාමයෙන් ඇති වැඩක් නැහැ , කරුණාකරල  මගේ නිර්දෝශී භාවය විනාශ කරන්නෙ නැතුව ඉන්න ,මම තාම කඩවසම් මට තරුණයෙක් හොයගන්න වුවමනයි"

         මෙයින් වඩාත් කෝපයට පත් මෝ චියුවාන් ඔහුට එම කුටියේ ඇති අසුනකින් පහර දීමට යන වග වෙයි වූ ශියෑන් වටහා ගත්තේය. එක්වරම ඒ අසල ගැවසි සිටි සියලුම ගැමියන් විසිර යන්නට වූ අතර මෝ වරුන්ගේ කුටියේ ඔවුන් එකිනෙකා සටන් කර ගැනීම සඳහා සැරසෙන්නට විය. මේ අතර එක්වරම ලන් වංශිකයන් දෙසට නැඹුරු වූ වෙයි වූ ශියෑන් මෙසේ ඔවුන්ට පවසන්නට විය .
          "බලන්න මංකොල්ල කරුවෙක් එයාගෙ වරද පිලි නොගෙන නිර්දෝශී කෙනෙක්ට ගහන්නත් එනවා..කොච්චර දුෂ්ඨද ?"

      මෝ චියුවාන් නොපැකිලව ඔහුට තඩිබාන්නට ඉදිරියට පනින්නට වත්ම එහි සිටි ලන් වංශික ජේෂ්ඨ ශිශ්‍යකු ඔහුව නැවැත්වීමේ අටියෙන් මෝ ශුයෑන් යූඒ පහර කෑමට පෙර එහි හරස්ව පහර වලක්වන්නට වූයේය.

"කරුණාකර සන්සුන්වෙන්න, වචන ආයුධ වලට වඩා බලසම්පන්න බව ඔබ දන්නවානේ."

       මේ අතර මෝ ආර්‍යාව දුටුවේ එක්වරම ජේෂ්ඨ ලන් සිසුවා උමතුවෙන් සිටි මෝ ශුයෑන් යූඒ ට පක්ෂව මැදිහත් වූ ආකාරය සහ ඔච්චම් මදහසක් පෑ ආකාරයයි.

          "මේ මගේ බාල සොහොයුරියගේ පුත්‍රයා.ඔහු මෙහි එතරම් ප්‍රභල පුද්ගලයෙක් නොවෙයි.මේ මෝ ගම්මානයේ වෙසෙන සියල්ලන්ම පාහේ මොහුව දැනාඳුනන්නේ උමතුවකින් පෙලෙන අයෙක් විලසටයි.ඔහු කියන අමුතු කතාවන් පවා කොටින්ම මේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ,ඉතින් කරුණාකර"ඇය උපහාසාත්මක බොල් සිනහවක් පාමින් ලන් ශිෂ්‍යා දෙස බලන්නට විය .
       ඇයගේ වචන සමූහය මුවින් ගිලිහෙන්නට පෙරවත්ම, මෝ ශුයෑන් යූඒ මැද්දට පනිමින් මෙසේ පවසන්නට විය.

       " හුහ්, කවුද කියන්නේ මගේ කතා මේ කවුරුත් විශ්වාස කරන්නෙ නෑ කියල ?ඊලඟ පාර මම , ඉන්නකෝ ඊගාව පාර මොනා හරි ගන්න හැදුවොත් මම කපල දානවා ඔහේලගෙ අත් හුහ් .."
               මෙතෙක් වේලා සන්සුන්ව සිටි මෝ චියුවාන් තම පියා අසල වැද සිටින්නට විය. නමුත් මෝ ශුයෑන් යූඒ කියූ එම සමච්චල් සහගත කුතුහලය පිරි කතාව ඇසීමෙන් යලි කෝපයට පත් ඔහු ඉදිරියට පැන ඔහුට පහර දෙන්නට වත්ම නැවත ලන් වංශික සිසුවා ඔවුන් දෙදෙනාට අතරමැදිවත්ම එසැනින් එතැනින් මෝ ශුයෑන් යූඒ පලා යන්නට වූ අතර පිටවීමට ඇති ද්වාරය සිසුවා විසින් අවහිර කරන්නට වූහ.එහි මැදිව සිටි ලන් වංශික සිසුවා විසින් සිදුවන්නට තිබූ ආරවුල නිවීම සඳහා මාතෘකාව වෙනතකට පෙරළීමට උත්සුක වන්නට වූයේ මේ අතරෙයි.තම මුහුණේ දැඩි බැරෑරුම් කමක් මවා ගනිමින් ඔහු කතාව ආරම්භ කරන්නට වූයේය.
          

~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~ Where stories live. Discover now