ආක්‍රමණශීලීත්වය -1

438 36 2
                                    

꧁පලමු පරිජ්ජේදය -2කොටස ꧂


වෙයි වූ ශියෑන්ට අවශ්‍ය වූයේ මුහුණ සෝදාගෙන ඔහුගෙ හැඩරුව ප්‍රථම වතාවට ශරීර පූජාවට පසුව ලැබී ඇති අයුරු දැක බලා ගැනීමටයි.නමුත් එම කාමරයේ සොදා ගැනීමට වතුර පොදක් හෝ බීමට පවා පැන් පොදක් නොමැති විත්තිය ඔහුට තේරුම් ගියේ අවට කාමරයේ ඇති අහු මුල්ලක් නෑර තම දෙනෙත් යැවූ පසුය.

එක් පසෙකින් තිබූ බේසම දුටු ඔහු සිතුවේ එය වැසිකිළි කටයුතු භාවිතයට ගන්නා ජලය බවයි.

ඔහු දොර දැඩි පරිශ්‍රමයකින් විවෘත කිරීමට සැරසුනද එය පිටතින් අගුලු ලා ඇති වග ඔහුට තේරුම් ගියේය. එය එසේ අගුලුලා තැබුවේ ඔහුට පිටට පැමිණ ඉබා ගාතේ යාම වලක්වාලීම සඳහාය.

මේ ක්‍රියා තුලින් ඔහුට ඔහුගේ පුනුරුත්පත්තිය පවා පිලිකුල් සහගත විය.

ඔහු පද්මාකාර ආසනයෙහි හිඳ සිටින්නට විය. කාලය මෙසේ ගෙවී යන විට දවස් ද ගතවී යන්නට විය. ඔහුට පෙනුනේ හිරු එලිය පුංචි වා කවුලු තුලින් ඔහුගේ මුහුණට වැටෙන ආකාරයයි.ඔහු නැගී සිට ඇවිදින්නට හැකි වුවද ඔහු කලේ පද්මාකාර ආසනයෙහිම එහි හිඳ ආධ්‍යාත්මික ශක්තිය වඩවා ගැනීමය.

වෙයි වූ ශියෑන්ට ඒ අතර මෙසේ ප්‍රෙහෙලිකාවක් තම හිස මතට පතිත වන්නට විය.
"හොඳයි මෝ ශුයෑන් යූඒ ට ආධ්‍යාත්මික ශක්තියක් තිබුන නම් , ඇයි මට බැරි වුණේ ඔහුගේම සිරුර පාලනය කරගන්න ? ඒ ආධ්‍යාත්මික බලය ඇයි ක්‍රියාත්මක නොවෙන්නේ ?"

එක්වරම උදරයේ කෑගැසීමෙන් ඔහුට හැඟුනේ එම ශරීරය ආධ්‍යාත්මික පුහුණුව දැඩිසේ නොලත් නමුත් කුසගින්න දැනුනු ශරීරයක් බවයි.ඔහු ආහාර සොයා නොගතහොත් ජීවිතය ලද සැනින් ආත්මය විනාශව ගිය පලමු දුෂ්ඨයා විය හැකි බැව් වෙයි වූ ශියෑන්ට ඉඳුරාම පසක් විය.

ඔහු නැගිට දොර අසලට යන්නට වූයේ මේ අතරෙයි. දොර විවෘත කිරීම සඳහා දැඩි පා පහරක් එල්ල කල වෙයි වූ ශියෑන් එහි සිට ගත් වනම හිඳින්නට වූයේ එක්වරම පියවර හඬක් ඒ දෙසට පැමිණි බැවිනි. එසේ පැමිණි සේවකයා,
"කෑම වෙලාව" යැයි හඬ තලන්නට වූයේ වසා ඇති දොර ඉදිරියේ සිටයි.

~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~ Where stories live. Discover now