◦•●◉✿ ꧁කතාව හැඳින්වීම ꧂ ✿◉●•◦

1.9K 131 15
                                    

The GrandMaster of Demonic Cultivtion

________|| භූතාත්මාකර්ෂණය
          අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||______

මෙය චීන දන්මෙයි  ( Danmei)
[ Bromance , Gay , BL love ] පාදක කරගනිමින් රචනා කර ඇත.

ෆැන්ටසි ලෝකයක් පිලිඹිඹු කරන්නා වූ මෙම නවකතාව ,  [Demonic cultivation] අඳුරු මායා බලය පිලිබඳව පෙන්වා දෙයි. එමෙන්ම චීනය තුළ ආවේණික ගුප්ත මායා කර්මයන් සහ පුරාණ මිත්‍යා විශ්වාසයන් පිලිබඳව මෙහි පිලිඹිබු කරයි.

Mo Xiang Tong Xue නම් කර්තෘ වරයා විසින් ඉතාමත්ම සංවේදීව රචනා කල මෙම Mo Dao Su Zhi නැමැති වෙබ් නවකතා සංග්‍රහයෙහි ඉංග්‍රීසි පරිවර්තනය වන The Grand Master Of Demonic Cultivation නැමැති නවකතාව උපයෝගී කරගනිමින් , කතා අනුසාරයෙන් ඔබ්බට රසවින්දනාත්මකව කතාව ගෙන හැර පෑම මාගේ අධිඨනයි. 

⚠️️ කර්තෘ ගෙන් අවවාදයයි ,

💚) මෙම නවකතාව වැඩිහිටි පාර්ශ්වයට සුදුසු නවකතාවකි.

💚) කරුණාකර ඔබ 🔞අඩු පුද්ගලයෙක් නම් මෙය කියවා ඔබ පත්වන අපහසුතාවය පිලිබඳ පරිවර්තක කිසිඳු වගකීමක් දරනු නොලැබේ. එමෙන්ම ඔබට මෙය කියවීමට අපහසුතාවයක් ඇති වුවහොත් ද , පරිවර්තනයේදී සුලු සුලු වෙනස්කම් වලට භාජනය කිරීමෙන් කතා අන්තර්ගතයට හානියක් සිදු නොවන අයුරින් මෙය රචනා කිරීම මාගේ අධිඨනයි. කතාව ලිවීමේදි පලමු කොටසේ සිට සියලු කොටස් ඛණ්ඩනයකට භාජන කිරීමෙන් කොටස් වෙන වෙනම [කතාංග දීර්ඝ බැවින්]
  උදා :- (1) [පලමු පරිච්ඡේදය *1කොටස*  ]
ආකාරයෙන්
රචනය කරනු ලැබේ.

💚) එබැවින් කතා අන්තර්ගතයට හානි වී ඇත්නම් එම චෝදනා මා බාර ගන්නා අතර ඔබට විවුර්තව මා හා ඒ පිලිබඳ කතා කල හැකිය.

💚) විශේෂයෙන් මෙම කතාව ලිවීමේදී ලිංගිකත්වය පහත හෙලා කතා බහ කරනා පුද්ගලයන් මෙය කියවීමෙන් වලකින්න. මෙය කියවා මට චෝදනා කිරීමෙන්ද වලකින්න. 

💚) මෙම පරිවර්තනයෙහි පූර්ණ අයිතිය මා සතු වන අතර මෙහි එන කිසිම කොටසක් කිසිමා කරයකින් උපුටා ගැනීම සපුරා තහනම් වේ. එය ශ්‍රීලංකාවේ දණ්ඩනීති සංග්‍රහය අනුව බරපතල සහ සිර ඳඩුවම් ලැබිය හැකි වරදකි.

💚) මෙය මාගේ පළමු පරිවර්තන නවකතාව වන අතර කරුණාකර අඩු පාඩු ඇත්නම් පවසන්න.

බොහොම ස්තූතියී :

අනුවාදක : ඔෂින්කා 💚

~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~ Where stories live. Discover now