"හ්ම්..."

"දැන් තව පැය ගානකින් තියෙන flight එකෙන් ගියා කියලා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්ද?"

මන් නෑ කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් මෙහෙම පැනලා දුවන් නැතුව එයාට කතා කරලා යන්න නේහා.බලන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන calls තොගේ. ඔයා තාම හිතන්නේ එයාට ඔයාව ඕනේ නෑ කියල ද?"

මගේ කදුළු ආයෙත් වැටෙන්න පටන් ගත්තා.

"මට බෑ හසියෝ. මට බෑ එයාට කතා කරන්න."

"ඇයි? ඇයි ඒ?" හසියා ඔලුව පහත්කරන් අඬන මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා.

"ඒ කටහඬ ඇහුනොත් මං මෙහෙන් යන්න ගත්ත තීරණේ මං නතර කරයි හසියෝ. මට ආයේ ඉන්න හිතෙයි. මට එයාව දාලා යන්න බැරි වෙයි"

ඔව්...මං ආයේ ආත්මාර්ථකාමී වෙයි...මට ආයේ මේ තීරණේම ගන්න බැරි වෙයි..ඒක වෙන්න දෙන්න බෑ. මං නිසා එයාලට කරදරයක් වෙන්න බෑ.

________________________________________________________

පාන්දර මං හැමෝගෙන්ම සමුඅරගෙන හසියවත් බදාගෙන ඉඳලා Taxiඑකට නැග්ගා.

ඒ වෙලාවේ හසිය Taxi Driver ගෙන් number එක ඉල්ල ගත්තා. මං හසියා දිහා බලන් හිටියේ මොකද මේ කරන්න යන විකාරේ කියලා. මං දිහා බලලා ඇහැක් ගහපු හසියා මට අත වනලා Bye කිවුවා.

ඒ මොකද්ද ඒ කලේ?

Auntyලගේ ගෙදර Airport එකෙන් ටිකක් ඈතින් තියෙන නිසා මං ෆෝන් එකෙන් song එකක් play කරලා earphone එක කනේ ගහගත්තා.

ටික වෙලාවකට පස්සේ Taxi එක එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා මාව ඉස්සරහට විසිවුනා.

මේ වෙලාවේ පාරේ එච්චරම වාහනත් නැති එකේ මේ මනුස්සයා මොකට බ්‍රේක් ගහනවද මන්දා!

"අජශ්ශී... ඇයි මේ?"
මං ටිකක් සැරෙන් වගේ ඇහුවේ මගේ ඔලුව ඉස්සරහා sheat එකේ හයියෙන් වැදුණු නිසා.

"මගේ වරදක් නෙවේ මිස්. අර කාර් එක,එකපාරටම හරස් කරලා නැවැත්තුවනේ.දැන් අයින් කරන්නෙත් නෑ"

මොන මීහරකෙක්ද මේ පාන්දර මෙහෙම කරන්නේ? මට පරක්කුත් වෙනවා.

"ඔහොම ඉන්න මං බලලා එන්නම් එයාට මොනාද ඕනෙ කියලා"මං Taxi එකෙන් බහින ගමන් කිව්වා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now