යකූ.........
එතකොටයි මට තේරුනේ. කට වටේම ගාගෙන, ඒ මදිවට short එකක් ඇදගෙන කකුල් දෙකත් සෝෆා එක උඩ දාගෙන...හොද වෙලාවට ඔඩොක්කුවේ කොට්ටයක් තිබ්බේ.නැත්තන් ඉවරයි..

මං ටක් ගාලා අත් දෙකෙන් කටත් පිහිදාලා කකුල් දෙකත් බිමට අරන් හොබියගේ අතේ තිබ්බ මගේ දිව්‍ය භෝජනය උදුරගත්තා. ඒක දිහා බල බල එයා හිනාවෙනවා.

කලින් ගණන් ගත්තේත් නෑ. දැන් එනවා මෙතන හිනා වෙන්න. හහ්......😒

"ඇයි ඉතින් Lunchඑකට ගිහින් කෑවේනැත්තේ?"

"ම්ම්....ඒක ටිකක් දිග කතාවක්."

"මට පුළුවන් දිග කතා අහන් ඉන්න."

"ම්ම්....මේකයි" කියලා කතාව පටන් අරන් මං අභී ගැන වගේම අද වුණ දේවල් ගැනත් කියලා දැම්මා. මොනව වුනත් එයා එක්ක අයේ ඉන්න ඕන නෑ කියපු වෙලාවේ හොබියා එක පාරට ඉස්සරහට නැමිලා මාව බදාගත්තා.

ටික වෙලාවක් එහෙම හිටපු එයා මාව අතාරින්න කලින් මගේ කම්මුලට කිස් එකක් දුන්නා.ඊට පස්සේ නැගිටලා,
"හොඳ තීරණයක්" කියලා මගේ කොණ්ඩෙත් අවුස්සලා යන ගමන්,

"බඩ පිරුණනන් දැන් වත් ඉක්මණට ගිහින් නිදාගන්න නේහා. මට උදේම යන්න තියෙනවා. චල් ජායෝ"

මුකුත් කලේ නෑ වගේ යන හැටි විතරක්.

තව නිදාගන්නලු...

මෙහෙම කරන එකේ තේරුම මොකක්ද හොබියො..

Kitchen එක අස්කරලා කාමරේ ගිය මට බඩ පිරිල්ල කෙසේ වෙතත් හොබී ආයේ මාත් එක්ක හිනාවෙලා කතා කරපු එකෙන් හිත පිරුණ නිසා හොඳට නින්ද ගියා.

ඊළඟ දවසේ මං නැගිටිනකොට ටිකක් පරක්කු වුනත් මට ඇහුණ ලිලිගෙයි රේචල්ගෙයි කටහඬවල් නිසා මං මූණ හෝදගෙන ඉක්මනට එළියට ආවා.උඩ තට්ටුවේ living room එකේ රේචලුයි ලිලියි දෙන්නම හිටියා.එයාලා කොහෙහරි යන්න ලෑස්තිවෙලා හිටියේ.

මාව දැකපු රේචල් මට නෝන්ඩි හිනාවකුත් දාලා,😏
"එහෙනම් ඉක්මණට පහලට එන්න පැටියෝ" කියලා ලිලීට කියාගෙන ගියා.

මාව දැකපු රේචල් මට නෝන්ඩි හිනාවකුත් දාලා,😏"එහෙනම් ඉක්මණට පහලට එන්න පැටියෝ" කියලා ලිලීට කියාගෙන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JHope's Lily | JHS |✔Where stories live. Discover now