" හාපෝ..රුපියල් 12,000යි ද පඩිය? කමක් නෑ ඉතිං මම මේක කරන්නේ AL results එනකන් විතරයිනේ..
මොනාඋනත් මේ වෙලාවෙ මේකත් වටිනවා "

දුකින් හිටපු වෙලාවේ රස්සාවෙන් තෝරාගෙනයි දැනගත්තම පොඩි සතුටක් දැනුණා
මගේ A/L විභාගය ඉවර වෙලා තාම මාසයක්වත් ගියේ නෑ..
ඒ ලෙවල් ඉවර වෙලා මම මුලින්ම කලේ රස්සාවක් හොයාගන්න එක..
ඒ ගමන්ම පාඨමාලාවකුත් පටන් ගන්න හිටියේ..
ඒත් මේ lucky army කතාව දැනගත්තාට පස්සේ මම ඒ අදහස අත් ඇරලා දැම්මා..
ඔහොම කියලා මම මගේ අල්මාරිය අස් කරන්න ගත්තා..
අහම්බෙන් අල්මාරියේ කොනේ තිබිලා මට ලොකු කැට 2ක් හම්බ වුනා..

ඒ කාලේ ඉඳන් එකතු කරපු සල්ලි

(තමාටම)
" දෙයියනේ 10 වසරේ ඉඳන් bts album එකක් ගන්න එකතු කරපු සල්ලි නේද මේ..කොහොමද අනේ මට මේවා අමතක වුනේ..මේ කරුමේ ඒ ලෙවල් හින්දා තමයි"

මල්ලි කැටෙන් හොරාට සල්ලි ගන්න නිසා ඒක හැංගුවා කියලාවත් මට මතකේ තිබුනේ නැහැ..

ඔලුවට අත ගහගෙන මම දුවලා ගිහිං phone එකෙන් bank balance එකත් බැලුවා..
හරියටම 100,000 ක් තියෙනවා..
ඒත් දකුණු කොරියාවට යන්න මදිනේ ඒ සල්ලි..
අර කැට දෙකත් කඩලා බැලුවා.
එතනම 15,000ක් තියෙනවා..ඉතිං පොඩි බලාපොරොත්තුවක් හිතේ ඇති වුනා..

(තමාටම)
"මම දැන් මේක ගැන අම්මාට කිව්වොත් හොඳටම බනියි මට..ඊටත් වඩා බැංකුවේ තියෙන සල්ලි ගත්තා කියලා දැනගත්තොත් නම් මරයි..ඒත් කොහොමහරි 50,000ක් එකතු කරලා මම ආයි බැංකුවට දානවා..මට පොඩි හරි වාසනාවක් තිබුනොත් එහෙම..කෝකටත් මම ඇල්බම් එකක් අරන් බලනවා..BTS ලාව බලන්න නොලැබුනත් ඇල්බම් එකක් හරි තියෙනවනේ"
--------------------------------------------------

ඊළග සතිය🌻

ඒ ලෙවල් ත් ඉවර නිසා දවල් වෙනකන් නිදාගෙන ඇහැරුන මට අවදි වූ විටම මතක් වුනේ lucky army event එක ගැනයි..
නැගිට්ට ගමන් මූණ කටවත් හෝදන්නේ නැතුව
SL korean store එක විස්තර දැනගන්න ඕන නිසා search කරලා බැලුවා
ඒක තියෙන්නේ කොළඹ..
ඔහොම විස්තර බල බල ඉද්දි මම ඇස් උඩ ගියේ එහි කොනක තිබු සඳහන්ව තිබු දෙයක් දුටු විටයි

*තොග සීමිතය ; ලංකාවෙන් කුසපත් ඇත්තේ 100ක් පමණි*

මගේ බලාපොරොත්තු සියල්ල සුන් වෙලා ගියා වගේ මට දැනුනා..
ඒ අතරේම තවත් දෙයක් මගේ නෙත ගැටුණා

*ඉතිරිව ඇත්තේ තව කුසපත් දෙකකි*

මගේ දෑස් වල කදුළු පිරිලා ගියේ මටත් නොදැනුවත්වමයි..

"මම නම් පුදුම අවාසනාවන්තියක් " මම අඩන්න ගත්තා

"අඬ අඩා ඉඳලා හරි යන්නේ නෑ. දැන්ම bank එකට ගිහිං සල්ලි අරගෙන කොළඹට ගිහිං ඇල්බම් එක ගන්න ඕනේ"

මම මටම කියාගත්තා
දුවලා ගිහිං මූණ සෝදන් ලෑස්ති උනේ කොළඹ යන්න..
තනියම කොළඹ යන පලවෙනි වතාව

"මම දැන් ලොකුයි නේ..මට පුලුවන් තනියම යන්න"
මම මටම කියාගත්තේ කණ්ණාඩිය ඉස්සරහ හැඩ වැඩ වෙන ගමන්..මම යන්න පිටත් වුනා

🌻💜️
Anneong!!
මම මේ ලියන පලවෙනි fanfiction එක..වැරදි අඩුපාඩු ගොඩාක් ඇති..මොන්ටිසෝරි කතාවක් වගේද දන්නේ නෑ🙄
මම වැඩිය පොත් කියවන්න කැමති කෙනෙක් නෙමෙයි😐💔 ඒ නිසා මට මේවා ලියන හැටි තේරෙන්නේ නෑ..ඒකට මට සමාවෙන්න..මම හිතනවා මේක ඔයාලා enjoy කරයි කියලා..දිගටම කියවන්න..කැමති නම් vote එකකුත් දාන්න..💜️😊

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now