Eun ha එකපාරටම එහෙම දෙයක් කරන්න තීරණයක් ගත්තේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ. එයා අනිවාර්යයෙන් ම අපේ ජන්ග්ගුකාට පණ ඇරලා ආදරේ කරලා තියෙනවා කියලා එයා ලියපු ලිව්මෙන් අපිට තේරුනා. මේ විදිහේ තීරණයක් ගන්න එයාට එයාගේ හේතු තියෙන්න ඇති..... මොනවා වුනත් දෙන්නම දෙපැත්තකට වෙලා විදවන එක තමයි බලන් ඉන්න බැරි......

මම coffe එකත් අරගෙන පුටුවෙන් නැගිටලා අත් වැටට බර දීගෙන හෙමින් හෙමින් coffe එක බොන්න පටන් ගත්තා. එලියේ පුදුම සීතලක්..... මේ වේලාවට හොදට රෙද්දක් පොරවගෙන නිදා ගන්න ඕනේ කියලා හිතලා මම ඇදට යන්න ලෑස්ති වුනත් එකපාරටම පහල පාරෙන් ඇහිච්ව සද්දයක් නිසා මම පාර දිහා බැලුවා. කළු පාට hoodie එකක් ඇද ගත්ත කවුදෝ මන්දා අපේ dorm එක දිහා බලාගෙන හිටියා. මේ රෑ කවුද ??? මේ කෙල්ලෙක් වගේ. එයා දාගෙන හිටපු කැප් එකෙන් පල්ලෙහාට ටිකක් දිග දුඹුරු පාට කොන්ඩයක් පේන්න තිබ්බා. ආමි කෙනෙක්වත් ද??? ආමි කෙනෙක් නම් ඔහොම හැංගිමුත්තන් කරන්නේ නෑ. මෙතැන ඉදලා හරියන්නේ නෑ ගිහින් බලන්න ඕනේ.

මම පුළුවන් තරම් ඉක්මනට පහලට ගිහින් ගේට් එකත් ඇරගෙන පාරට ගියේ ආපු කෙනා කවුරු වුනත් එයා එක්ක කතා කරනවා කියලා හිතාගෙන. ඒත් මම යද්දී කවුරුත් එතැන හිටියේ නෑ. මම හොල්මනක්වත් දැක්කාද??? මෙච්චර ඉක්මනට අතුරුදහන් වුනේ කොහොමද???

මම ආයේ dorm එක ඇතුලට යන්න හදද්දී අපේ dorm එක පැත්තට වාහනයක් ආවේ මගේ ඇස්
කඩාගෙන යන්න වගේ ලයිට් එලියකුත් විහිදන ගමන්. කවුද මේ වේලාවේ ඔක්කොමලා dorm එක ඇතුලේ නේ???

" ජන්ග්ගුකා "

වෑන් එකේ දොර ඇරෙනවාත් එක්කම ජන්ග්ගුකා වාහනෙන් බිමට වැටුනා. මම ලගට යද්දීත් එයා බිම වැටිලා ඉවරයි.

" ජන්ග්ගුකා ක්වෙන්චනා???? "

ජන්ග්ගුකා හොදටම බීලා කියලා මට දැනුනේ එයා ලගින් ආපු සැර සෝජු ගද නිසා.

" යා ඔහේ අදත් බිව්වාද???? මම හිතුවේ කාමරේ නිදි කියලා "

මම ජන්ග්ගුකාව එක්කගෙන dorm එක ඇතුලට යන්න හදද්දී වෑන් එකෙන් තව කෙනෙක් බැස්සා.

" PD Nim "

පෙනුම නම් එච්චර හොද නෑ. අද හොදවයින් අහගන්න පුළුවන් වෙයි වගේ. මාවයි ජන්ග්ගුකාවයි ගණන් නොගෙන pd nim අපේ dorm එක ඇතුලට ගියා. සේ ජින් හ්යොනුත් pd ගේ පස්සෙන් ම dorm එක ඇතුලට ගියා.

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now