Part 22

2.1K 329 19
                                    

Eun ha mom pov

මගේ ජිවිතේ මම ගත්ත එක තීරණයක් නිසා මගේ ජිවිතේ වගේම මගේ ළමයිනේගේ ජිවිතත් ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක පැටලුනා. ඒත් කොහොම හරි හැම ප්‍රශ්නයක් ම පුළුවන් විදිහට විසද ගන්න මට පුළුවන් වුනා. පොඩි කාලේ ඉදලාම මගේ ළමයි දෙන්නත් දුක් විදලා ජිවිතේ ඉස්සරහට යන්න පුරුදු වෙලයි තිබ්බේ........ මට හැමතිස්සේම ඕන වුනේ මට වෙච්ච දේ මගේ දුවට නොවි එයා ලස්සනට ජිවත් වෙනවා බලන්නයි. කවදාහරි එයාට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ගාව එයා නවතිනවා බලන්න මම හැමදාම හීන දැක්කා. ජන්ග්ගුක්ශි eun ha ගැන ඇත්ත දැනගත්ත දවසේ මම හිතුවා දැන් eun ha ගේ ජිවිතේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. ඇත්තටම ඊට පස්සේ තමයි ප්‍රශ්න පටන් ගත්තේ හරියට ම. මොකක් හරි ලොකු දෙයක් නිසා eun ha එයා ආදරේ කරපු හැමදේම අත ඇරියා. කොච්චර ඇහුවත් කිසි දේකට මට එයාගෙන් උත්තරයක් ගන්න බැරි වුනා.

මීට මාස හයකට උඩදී එක දවසක් උදේ ම ගෙදර ආවේ ඊට කලින් දවසේ ගෙදරින් පිටත් වෙලා ගිය මගේ චුටි කෙල්ල නෙමෙයි..... අඩලා ද කොහේද හොදට ම ඉදිමිලා තිබ්බ ඇස්,මලානික වෙච්ච මූණ මාව හොදට ම බය කලා.

" eun ha මොකද මේ...... යා eun ha මම කියන දේ ඇහෙන්නේ නැද්ද??? "

එයා හිටියේ හොද සිහියකින් නෙමෙයි කියලා මට තේරුණා. මොකක් නමුත් ලොකු දෙයක් මෙයාගේ හිත ඇතුලේ වද දෙනවා වගේ මට තේරුනේ.....

" නෑ ඔම්මා මුකුත් නෑ මම හොදින්. මට නිදි මතයි...... මම යනවා කාමරේට "

එහෙම කියලා එයා කාමරේට යන්න ගියා. එයා කොච්චර කිව්වත් එයා හොදින් කියලා මට හිතුනේ ම නෑ ඒක ඇත්ත කියලා. එයාට බොන්න තේ එකකුත් හදාගෙන මම එයාගේ කාමරේට යනකොට මම දැක්කේ අදහා ගන්න බැරි දෙයක්. Eun haගේ මතකේ නැති වෙන්න කලින් එයා පාවිච්චි කරපු, එයාගෙන් මම හංගපු එයාගේ අතීතේ තිබ්බ කාමරේ දොර ඇරලා තිබුනා. ඒත් ඇයි???? කවුද මේ වේලාවේ මේක ඇතුලට ගියේ. පුතත් ගෙදර නැති නිසා මට හිතුනේ ම eun ha වෙන්න ඇති කියලා. ඒත් එයාට මේ කාමරේට යන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ. බැරිවේලාවත් එයාට හැමදේම මතක් වෙලාවද්ද???

මම හිමින් සැරේ කාමරේ ගාවට ගිහින් කාමරේ ඇතුල බලද්දී මම දැක්කේ ජන්ග්ගුක්ශිගේ ෆෝටෝ එකක් පපුවට තුරුල් කරන් අඩන මගේ අහිංසක eun ha ව......

Dream Lovers 💫[ Completed ]Onde histórias criam vida. Descubra agora