Shopping mall එකට ඇතුලු වුනාම මට දැනුනේ මම අලුත් ලෝකේකට ආවා වගේ. අම්මෝ ලස්සන 😍බලන බලන තැන කහපාට ලස්සන ලයිට්ස් වලින් මුළු shopping mall එකම එලිය වෙලයි තිබුනේ...... පුදුම ලස්සනක්..... බුදු අම්මේ මේකේ තියෙන බඩුවල ගණන්. ඒත් මේ ඔක්කෝම ඇයි මෙච්චර ලස්සන... මම ඒ ලස්සනට වශි වෙලා උඩ බලාගෙන ඔහේ ඇවිද්දා..... අන්තිමට මට කට්ටියව මග ඇරුනා. කවුරුත් නෑ පේන්න.....

දැන් ඉතිං හොයපන්කෝ මුන් ටිකව..... මටත් ඉතිං රෙදි කෑල්ලක් දැක්කොත් සිහි නෑනේ.... මම දැන් කොහොමද මේයාලාව හොයා ගන්නේ.....

" යා.....මොකක්ද ඔය ඇදුම ආ.... ඕක ඇදන් ද මාත් එක්ක යන්න ආවේ.... "

පිටිපස්සෙන් කවුදෝ මන්දා කතා කරපු සද්දේට මම ක්ෂණිකව හැරිලා බැලුවා. ඈහ් ජන්ග්ගුක්ශි😍 එයාට කරදරයක් නෑ. දුවගෙන ගිහින් මම එයාව බදා ගත්තා. මට දැනිච්ච සතුට..... මම කොච්චර බයෙන්ද හිටියේ..... එයා හොදින්..... මට ඒ ඇති.

ඒත් පොඩ්ඩක් ඉන්න මෙයා මොකද මෙතැන කරන්නේ??? මේක මෙයාලගේ බොරුවක් එහෙනම්..... ජිමිශ්ෂි ඔයාගේ අවසානේ තමයි අද..... මෙයාටත් උගන්නවනම් පාඩමක්. මම ජන්ග්ගුක්ශිගෙන් ඈත් වෙලා දුන්නා එයාගේ බඩට හොද පාරක්. බඩත් අල්ලගෙන තනි කකුලෙන් උඩ පැන පැන මට හෝ ගාලා බනිනවා. මාව රැවැට්ටුවට දුන්නේ ඔය පාර..... මම කොච්චර බය වුනාද???

" යා.... මගේ බඩට ගහලාම මරන්නද හදන්නේ ?"

" ඔහේ මොකටද මාව රැවැට්ටුවේ.... "

" නැත්තම් ඉතිං ඔයාව ගෙන්න ගන්න බෑනේ.... අනික ඇයි මෝඩයෙක් වගේ අපිත් එක්ක අද යන්න එන්න බෑ කිව්වේ "

මෙයා කරන වැඩ..... දෙන්න හිතෙනවා👊🏻

" මම එන නොඑන එකෙන් ඔහේට ඇති වැඩේ මොකක්ද? මම යනවා. ආයේ ඔහේ මාව රැවැට්ටුවොත් ඔහේගේ අවසානේ. අරස්සෝ🗣"

එහෙම කියලා මට ආපස්සට හැරිලා අඩි දෙක තුනක් යන්න හම්බ වුනේ නෑ ජන්ග්ගුක්ශි ඇවිත් මගේ අතින් අල්ලන් මාව ඇදගෙන shopping mall එක ඇතුලට ගියා..... කොච්චර නවත්තන්න හැදුවත් වැඩක් වුනේ නෑ. මාව එක්කගෙන 2nd floor එකට ආපු ජන්ග්ගුක්ශි එතැන හිටපු staff එකේ girl කෙනෙක් පස්සෙන් මාව ඇදගෙන ගියා.....

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now