" උන්නී..... මට හරි සතුටුයි. අනේ කොච්චර දෙයක් ද???? "

මම තේ එක පැත්තකින් තියලා මං ළග වාඩිවෙලා හිටපු යුන් සෝ උන්නීගේ අත් දෙක අල්ලන් කිව්වා. එයාගේ සතුට මට ඒ දිලිසෙන ඇස් වලින් පෙනුනා.

" ඉතිං මේ ටිකේ ටිකක් පරිස්සම් වෙන්න කියලා ඩොක්ටර් කිව්ව නිසයි මම මිස් ජං ට කෝල් එකක් දිලා කිව්වේ. කාරණාව මේකයි කියලා ඔයාට තමයි මේ මුලින් ම කිව්වේ..... ඒත් හෙට ජන්ග්ගුක්ශිගේ makeup එක ගැන මතක් වෙද්දි මට හිතෙනවා මම මගේ වගකීම පැහැර හැරියද කියලා..... 😞"

යුන්සෝ උන්නී කිව්වේ දුකින් වගේ.....

" අයිගෝ...... ඔයා ඒ ගැන හිතන්න එපා. මිස් ජං මට ඒ වගකීම බාර දුන්නා. හෙට ජන්ග්ගුක්ශිගේ makeup එක කරන්නේ මම "

ඔන්න ඉතිං ඒක අහලා උන්නීගේ මුහුණේ ආයෙත් අර ලස්සන හිනාව ඇදුණා....

" අනේ ඇත්ත ද???? එහෙනම් දැන් මට බයක් නෑ. ඔයා ඒ වැඩේ හොදට කරයි කියලා මට විශ්වාසයි. ඒත් මගේ අහිංසක කුකී පැටියා එක්ක රණ්ඩු වෙලා අහුවෙන්නේ නෑ හරිද???? 😠"

යුන්සෝ උන්නී මට ඇගිල්ලක් දික් කරලා බොරු තරහක් පෙන්නන ගමන් හිනා වෙවී කිව්වා.

" අහිංසක හොද අහිංසක!!!! හැම වේලාවේ ම මා එක්ක පැටලෙන්නමයි හදන්නේ. හෙටත් අනන් මනන් කරගෙන ආවොත් hair dryer එක ඔබනවා කටේ "

" අයියෝ..... මේ කෙල්ල නම්...... "

යුන්සෝ උන්නී හොදට ම හිනා වෙනවා. එයා හිනා වෙද්දි හරි ලස්සනයි අප්පා 😍

" ඔයා ජන්ග්ගුක්ශි ගැන හරියට දන්නේ නැති නිසා ඔහොම කියන්නේ... එයා හරිම අහිංසකයි. මට එයාව මුලින්ම හම්බ වෙද්දි එයාට අවුරුදු 17ක් වගේ. එදා ඉදන් අද වෙනකන් ම කොල්ලා ඇගපතෙන් ලොකු වුණාට හිතින් හරිම අහිංසකයි. පොඩි කාලේ ඉදන් practice room එක අස්සේ කාලේ ගත කරපු එයාලා අද ලොකු idols ලා...... BTS කියන්නේ මට නම් මගේ ම මල්ලීලා හත්දෙනෙක් වගේ. එයාලා කවදාවත් අපි staff එකේ අය කියලා අපිව නොසලකා හිටියේ නෑ. හරි ලස්සන බැදීමක් අපි අතර තියෙන්නේ...."

ඔව් ඒක නම් මේ ටික කාලේට මටත් තේරිලා තිබ්බේ....

" ඔයා දන්නවද eun ha, ජන්ග්ගුක්ශි දැන් ඔය හිනා වෙලා දගලලා හිටියට එක කාලයක් තිබ්බා එයා නිකන් මැරිලා වගේ ජිවත් වුණු..... බලාගත්තු අත බලාගෙන ගොඩක් වේලා ඔහේ කල්පනා කලා..... කැමරාවට විතරක් හිනා වෙලා ජිවිතෙන් එයා ගොඩක් විදෙව්වා එක සිද්ධියක් නිසා....  "

Dream Lovers 💫[ Completed ]Opowieści tętniące życiem. Odkryj je teraz