"Appa....😞ඔයත් මාව දාලා ගියාද.
ඇයි.? ඇයි තව ටිකක් කල් ඔයාගේ පුතා එනකන් ඉන්න බැරි උනේ..ඇයි..ඔයාගේ පුතාට එන්න කල් ගියාට සමාවෙන්න.... 😢😭
මට සමාවෙන්න.. මට සමාවෙන්න Appaa.."

Taehyung තම පපුවට අතින් ගසමින් පොළොවේ දණ ගසා ගනිමින් තම වේදනාව මුදාහරින්නට උනේ තමා සිටින්නේ මාර්ගයේ බවටවත් සිහි නොකරයි.😭😭😭😭

ඔහු පසුකර යන්නම් කතාකරන හඬවල් තැකීමකට ලක් නොකෙරූ ඔහු එලෙස මද වේලාවක් තම හදෙහි වූ වේදනා පිට කරන්නට විය.

මද වේලාවකින් ඔහු තමා යන්නේ කොහෙද වත් නොදැන පාර දිගේ ඔහේ ගමන් කරමින් ඇවිද ගොස් නතර වුණේ විශාල වතුර මලක් අසලයි.ඔහු එහි වූ බැම්මේ හිඳගන්නට වුනේ ප්‍රාණය නිරුද්ධ වූ  
මිනියක් විලෙසිනි.

එම පෙදෙස අවට මිනිසුන් විශාල වශයෙන් රැස්වී යමක් වෙත  අවධානය යොමු කරන අයුරු Taehyung දුටුවේය.

එහි වූයේ මිනිසුන් වට කර ගනිමින් නර්තනයේ යෙදෙමින් සිටි පුද්ගලයෙකි. අවටින්ඇසෙන සංගීත නාදයත්🎶🎶 ඒ නර්තනයත් වෙත අසිහියෙන් මෙන් Taehyung අවධානය යොමුකරන්නට විය.

 අවටින්ඇසෙන සංගීත නාදයත්🎶🎶 ඒ නර්තනයත් වෙත අසිහියෙන් මෙන් Taehyung අවධානය යොමුකරන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️
💧💧💧💧💧💧💧💧💧💧💧

මද වෙලාවකින් එක විට ම පහළ වූ වර්ෂාවේ පෙරනිමිති හේතුවෙන් එහි වූ රැස්වූ පිරිස් ඉක්මනින් එතැනින් ඉවත් වූහ.නගරයේ සෑම මිනිසෙක්ම ඇද හැලීමට නියමිත මහා වර්ෂාවේ අනතුරු ඇඟවීම් කලබලයෙන් තම නිවෙස් වෙත ගමන් කරන්නට වූහ.තප්පර දහයක් යන්නට මත්තෙන් සෝල් නගරය ජනශුන්‍ය වන්නට විය.
නමුත් ඒ පිළිබඳ වගක්වත් නොවූ Taehyung ඔහුගේ සිතුවිලි තුල ගිලී හිඳින්නට වුණේය.

වර්ෂාව ඔහේ ගලා යන්නට වුනේ Taehyungගේ කඳුලුත් ඒ තුළ සගවමිනි.

ඔහුගේ සිතුවිලි වලට බාධා කරමින් යමෙක් ඔහුට කතා කරන්නට විය.

BLOOD SWEAT &TEARS Where stories live. Discover now