STRANGER

841 129 15
                                    

කලබලකාරී චර්යාවලින් පිරුණු seoul නගරය සවස්වරුවේ නම් පාළු ස්වරූපයක් ඉසිලුවේය.

වීදිය දිගේ Taehyung ගමන් කරන්නට වුණේ seoul කරා ආවත් තමන් ජීවත් වන්නේ කොහෙද ?කන්නේ බොන්නේ කොහොමද ?යන ප්‍රශ්නවලට පිළිතුරක් සොයමිනි.ගමේ ඉඳන් seoul වලට ආවත් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් ඔහු සතුව නොවිණි.
ඔහුගේ සිත තුල සක්මන් කලේ ඉක්මනින් රස්සාවක් සොයා ගන්නේ කෙසේද යන්නයි.

Daegu වලින් පිටත් වුණු Taehyung දිග වෙහෙසකර ගමනක් එක්ක seoul කරා ළඟා වෙනකොට සවස 4.00 පමණ වී තිබිණි.

බොහෝ කලක් ගත වුනු නිසා seoul නගරය පෙරට වඩා මදක් වෙනස් වෙනස් ව තිබු සැටි ඕනෑකමින් බලමින් තමාගේම සිතිවිලි වල ගිලී සිටි Taehyung වට පිට බලමින් ඉදිරියට ඇදුනි.
ඒත් එම සිතුවිලිවලට බාධා කරමින් යමෙක් ඔහුගේ සිරුරේ ගැටුනේ ඔහුගේ  සමබරතාවය අහිමි කරමින් ය.

Taehyung ගේ අතැති බෑගය යමෙක් යමෙක් උදුරා වේගයෙන් දුවන්නට ගත්තේ සිතීමටත් පමා වෙනි.

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

එසැනින් Taehyung නැගිට කෑ ගසමින් ඔහු පසුපස දුවන්නට විය.

🗣️Ya.....ඔහොම ඉන්නවා...මගේ බෑග් එක දීලා යනවා..

🗣️Ya....තමුසේටයි  කිව්වේ...

දිගු තරගයකින් පසු කෙසේ හෝ එම පුද්ගලයා වෙත ලගාවුනු Taehyung එම පුද්ගලයාගේ ගෙලෙන්  අල්වාගෙන ඔහු සමඟ පොර බදින්නට වුණා.නමුත් ඒ හා සමග ම එම පුද්ගලයා Taehyung දෙසට හැරී තම අත මිට මොලවා Taehyung ගේ මුහුණට පහරක් එල්ල කරේ ඔහු පොළොවට ඇද දමමින්.

ඉන් පසු නැවත එම පුද්ගලයා Taehyung ගේ  බෑගයද රැගෙන පැන යන්නට වුය.

👦:ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ?

යම් අයෙක් Taehyungට කතා කළේ ඔහුට නැගී සිටීමට උපකාරී වෙමින්.

Taehyung : Ah..මට ලොකු  අමාරුවක් නෑ.ඒත් ඒ මිනිහ ගියේ  මගේ බෑග් එක අරගෙන.

👦:Ash..ඉන්න මම පොලිසියට call කරන්නම්.හැබැයි ඊට කලින් ඔයාගෙ මූණට බෙහෙත් දාගන්න වෙයි.  👉👉   යැයි ඔහු පැවසුවේ Taehyung ගේ ලේ ගලා යන නහයට ඇඟිල්ලක් දික් කරමින්.

👦:එන්න මේ තියෙන්නේ මගේ කඩේ  අපි ඒක ඇතුලට යමු.

Taehyung ඔහුගේ ආධාරයෙන් අසල තිබූ කඩේට ගොඩ වී එහි තිබු පුටුවකින් වාඩි විය.

BLOOD SWEAT &TEARS Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ