02 කොටස

55 17 0
                                    

මම මුලින් හිතාගෙන හිටියේ Eun Ae කියන්නෙ හොඳ කෙනෙක් කියලා. ඒත් දවසින් දවස එයා මට රිද්දන්න,අපහාස කරන්න ගත්තා. එයාට මුල ඉඳන්ම මාව සෙල්ලමක් උනා. ඒත් මට ඒක තේරෙන්න හුඟක් කල් ගියා..😣

Exam ලබන මාසේ. මං පොඩ්ඩක් වත් ලෑස්ති උනේ නෑ. ඉතිං මම ටිකක් පාඩම් කරන්න ගත්තා..

Eun Ae පිටිපස්සෙ ඉඳගෙන හයියෙන් කියවනව. මන් ගනන් ගත්තේ නෑ.  ඊට පස්සෙ එයා සැරින් සැරේ මගෙ පුටුවට පයින් ගහනව. මම ගනන් ගත්තෙම නැති නිසා එයා මගෙ පුටුව තල්ලු වෙන්නම පයින් ගැහුවා. මගෙ පපුව වැදුනා ඩෙස්ක් එකේ. 😖😢
මගෙ bag එකත් බිම වැටුනා.. මම ඒක ඇහිඳින ගමන් එයා දිහා බැලුව.😤

"මොකද? වැටුනා නම් ඇහිඳගන්න"😏
"Eun Ae... නිකන් හිටහන් බං" 😜එහෙම කියලා So young හයියෙන් හිනා උනා..

මම ආපහු හැරිලා පාඩුවේ හිටියා.
මට ඇහුනා Hae Won හිමීට කියනව
"Eun Ae.. ඒ ලමය පව්. ඔහොම කරන්න එපා. අපි එයාට අපි එක්ක ඉන්න කියමු. කෙල්ලෙක්නේ"
"Yaa.. pabo.. Hae wonaa අමු කැවිලද??අමුවෙන් කැවිලද? 🤨
ඒක මහ සෝමෑරි විකාරයක්නෙ.ගල් ගිලලා වගේ ඔහේ ඉන්නව. අනික හැටි බලහන්.ඒ වගේ එකෙක් යාලුවෙක් කරගත්තොත් අනිත් උන් අපිවත් ගනන් ගන්න එකක් නෑ. නැද්ද so young?" 😕

"අපෝ ඔව් විකාරෙ. කොයි වෙලාවෙත් ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නව මෝඩයෙක් වගේ.😂 එයාව කවුරුත් ගනන් ගන්නේ නෑ Hae won. එයා තනියමනේ කොහොමත් ඉන්නේ.හිටපුදෙන්."😁

ඒ වචන ඇහෙනකොට මට එතනින් නැගිටල ඔලුව හැරුනු අතක දුවන්න හිතුනා.මගේ ඇස් වලින් වැටෙන කඳුලු මට නවත්තගන්න බෑ. මන් ඒ කඳුලු කාටත් නොපෙනෙන්න මේසෙන් ඔලුව තියාගත්තා.😢

------------------------

ඉස්කෝලේ ඇරුන ගමන් මම ගෙදර දිවුවා..
අම්මේ මං වොශ් දාගෙනම එන්නම්" මං ඉක්මනට බාත් රූම් එකට රිංගලා හොඳටම අඬන්න ගත්තා.. පැයක් වත් මම ඉන්න ඇති.
මං ඇඳුමකුත් දාගෙන පහලට ආවා..
හචිස් 🤧🤧
නාන ගමන් අඬලා මට හෙම්බිරිසාව.

"ලමයෝ.. අයිස් ක්‍රීම් කෑවද නැත්නම් බාගෙට නෑවද?"
මන් මුකුත් කිවුවේ නෑ. අම්මා ඔෆිස් එකේ mails වගයක් චෙක් කර කර හිටියේ.
"අම්මේ"
"හ්ම්.."
ලැප් එක දිහා බලාගෙනම අම්මා හ්ම් කිවුවේ.

"මට ආයේ school යන්න බෑ. මට කතා කරන්න වත් කෙනෙක් නෑ. මං එහෙ ඉන්නෙ තනි වෙලා" මං එහෙම කිවුවෙ කඳුලු පුරවගෙන. නහයත් ඉහලට ඇද ඇද.😔
"ලමයෝ. ඔයා ඉස්කෝලෙ යන්න යාලුවො හොයන්න නෙවෙයිනෙ.ඉගෙනගන්නනෙ. එක කරගන්න. ලබන මාසෙ exam"

ඇයි අම්මට වත් මාව තේරුම් ගන්න බැරි. මට කෑම කන්න බෑ. මං කාමරේට දුවල ගිහින් ජනේලෙ ලඟ ඉඳගත්තා.

"අනේ තාත්තේ. මාව කාටවත් තේරුම් ගන්න බෑ. ඇයි හැමෝම මාව කොන් කරන්නෙ. මට මෙහෙ ඉන්න බෑ තාත්තේ. මාව අරන් යන්න. අනේ අරන් යන්න" 😢
මං එහෙම කිවුවේ කඳුලු කැට පිරුණු ඇස් අස්සෙන් තරු දිහා බලාගෙන.😔

දවසින් දවස මේ වේදනාව මාව එහෙම් පිටින්ම ගිලගත්තා. මං ඇඬුවේ නැති දවසක් නෑ. Eun Ae මාව හැමදාම අල්ලගෙන නැටෙවුවා.

මං කන්නාඩිය ඉස්සරහට ගිහින් මගේ දිහා බලන් ඉන්නවා. මට පේන්නෙ අඩු පාඩු ගොඩක්.මට සිල්ක් කොණ්ඩයක් නෑ. මූනෙ පිම්පල්ස්. ස්ලිම් ඇන්ඩ් ටෝල් නෙවෙයි මං. කොට කකුල්. 😞
ඇයි එයාලා මට අකමැති? අනේ දෙයියනේ වැරැද්දක් තියෙනව නම් කියන්න. මං හදාගන්නම්.🙏 ඇයි මෙහෙම කරන්නෙ. මගෙ ඔලුවේ වැඩ කලේ එච්චරයි. මං ඉස්කෝලෙ ගියේ අපායකට යන හැඟීමෙන්.

විභාගෙ ලකුනු ආවා. 27ක් ඉන්න පන්තියෙන් මම 25 වෙනියා.
Hae Won 1st , Eun Ae 2nd , So young 5th

"ආවෙ නම් පන්තියේ හොඳ ලකුණු කියාගෙන. හොඳයි ඉතින් අග ඉඳන් මුලට ගැන්නා නම්"  මට හැමෝගෙන්ම ඇනුම්පද.

ගෙදර ගිහින් අම්මට report card පෙන්නුවා. මාව මැරුවේ නැති ටික විතරයි.
ඔව් ඇත්ත. මම පාඩම් කලේ නෑ. පාඩම් කරන්න තියා මට නිදාගන්න වත් සැනසීමක් තිබුනේ නෑ.

මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන ගමන් හිටියේ. එක පාරටම පොඩි ලමයෙක් දුවගෙන ආවා. "Eonni... මේක ඔයාට දෙන්න කියල කිවුවා,,"
"කවුද?"😲
"දන්නෙ නෑ..." චූටි කෙල්ල එහෙම කියාගෙන දිවුවා.
හතරට පහට නවපු පොඩි කොල කැල්ලක්🤔

???????????????????????

ඔබ නොදුටු මමDonde viven las historias. Descúbrelo ahora