03 කොටස

53 17 0
                                    

මම බැලුවා දිග ඇරලා.. phone number එකක්. කාගෙද අනේ. නමක් වත් නෑ. විකාර. මම ඒක විසිකරලා ගියා.. ඒත් මට කවුද එහෙම දෙයක් දෙන්නෙ. 🤔 මම ආපහු අඩියක් පස්සට ඇවිත් ඒක ඇහිඳගත්තා.
දවස් 2 3ක්ම ගත උනා.
**කම්මැලී...😪 අර number එක කාගෙ වෙන්න පුලුවන්ද. ඒක මට දෙන්න හේතුවක් ඇතිනෙ. අරන් බලමු**
මම missed call එකක් ගැහුවා..
ඒ එක්කම msg එකක්. 📩
--මං බලන් හිටියා හුගක්--
--කවුද ඔයා?--
--ඔයාව දන්න, ඔයා නොදන්න කෙනෙක්--

ඔහොම ටිකින් ටික අපි msg කරලා අඳුනගත්තා..  ඊට පස්සේ එයා මාත් එක්ක නිතරම කතා කලා.. මම දන්නෙ එයාගෙ නම විතරයි. එයා Jae Gyu. කිවුව විදිහට එයා මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. ලොකු අයියෙක්. 😊මම එයා ගැන ලොකුවට විස්තර අහලා කරදර කලේ නෑ. ඒත් එයා මට හරි කරුනාවන්ත වෙද්දි මටත් එයාව නැතිව බැරි උනා. මන් එයාව හුඟක් විශ්වාස කලා.

මං වෙනදට වඩා හරි සතුටින් හිටියේ. මගේ කරදර ඔක්කොම අමතක උනා. මට ආයෙත් ජීවිතේ ගැන ආසාවක් ඇති උනා. 💜

ඒ ලස්සන දවස ආවා. අපි park එකේදී මුන ගැහුනා.. ඒ රළු කටහඬටම ගැලපෙන රූපයක් ඒක. ඇත්තටම කඩවසම්. වශී කරන පෙනුමක් එයාට තිබුනේ 😍
කෙලින්ම එයා මට ආදරෙයි කිවුවා.. මාත් දෙපාරක් නොහිතා එයාට ආදරේ කලා.
අපි නිතරම හමුවෙන්න ගත්තා. හුඟාක් ලං උනා. හුඟක්.එයා ඉල්ලනේ මොනවද මගේ හුස්ම උනත් මං එයාට දෙන තරම් මං ආදරේ කලා.. ඒ මගේ ජීවිතේ ලස්සනම කාලෙ.💜

දවසක් මම එයා එක්ක කෝල් එකේ හිටියේ.මට ඇහුණා කවුරු හරි කියනව
"Jae Gyu.. අන්න Su min ආවා... යමං"
"කවුද ඒ? කවුද Su min? "
"මොන Su min ද? මට වැඩක්. පස්සෙ ගන්නම්"

ඊට පස්සෙ එයා ටිකින් ටික මාව මග ඇරියා. කෝල් එකක් ගන්නෙත් සතියකට සැරයක් වගේ. මම ගත්තත් එක්කො busy නැත්නම් off.
**ඇයි එයා වෙනස් උනේ. එකපාරම.මට තේරෙන්නේ නෑ දෙයියනේ**😢

දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් හිටියේ. Jae Gyu මගේ ඉස්සරහටම එනවා තව කෙල්ලෙක් එක්ක අත් පටලගෙන. මොනාද මම මේ දකින්නේ?😲
"Jae Gyu මොනවද මේ වෙන්නෙ? කවුද මේ? ආ?"
"තමුසෙට පිස්සුද? මගේ පස්සෙන් එන්නෙ. වෙන කොල්ලො නැද්ද? විකාර"
එයා මට හොඳටම බනිද්දි ඒ කෙල්ල මට කම්මුලට පාරක් ගැහුව.
"ලැජ්ජා නැද්ද අනුන්ගෙ කොල්ලො පස්සෙ යන්න?"😤
Jae Gyu එයාවත් ඇදගෙන ගියා.
මට මොනවද මේ වෙන්නෙ දෙයියනෙ.
මං හැරිල බලනකොට Eun Ae එයාගේ යාලුවො එක්ක එතන. වෙච්ච හැමදේම එයාලා බලන් ඉන්නව. මං ඉක්මනට එතනින් යන්න ගියා.😖

-------------------------

පස්සෙ දවසේ මම ඉස්කෝලෙ එද්දී මගේ මේසෙ පුරාම ජරා විදිහට එක එක දේවල් ලියපු කොල කෑලි. "අනුන්ගෙ කොල්ලො පස්සෙ යන්න ලැජජ නැද්ද අනේ" 🤭😏 හැමෝම මට ඇනුම්පද කියනව. මට එල්ලිලා මැරෙන්නයි ඕන දැන් නම්.😑

මම Jae Gyu ට call කලා.. එක පාරක් දෙපාරක් නෙවෙයි calls 21ක්. ඒ එකක් වත් එයා answer කලේ නෑ. මම පැය බාගෙකට විතර පස්සේ ආයෙත් ගත්තා.
"ඇයි මෙහෙම කරන්නෙ ඔයා? මං මොකක්ද කරපු වැරැද්ද?"
"මං මොනාද කලේ. වද නොදී ඉන්නවකෝ පාඩුවෙ. ගුටි කාලා වත් ලැජ්ජ නෑ"
එයා එහෙම කියල කෝල් එක cut කලා.. 😐

එයාට මාව හම්බෙන්න ඕන උනාම විතරක් මගෙන් සමාව ඉල්ලල කෝල් කලා.. මගෙන් ප්‍රයෝජන ගන්නක්ම් ආදරේ පෙන්නලා ආයෙත් සැරින් සැරේ වෙනස් උනා. මට ඉන්නෙ එයා විතරයි. ඒ නිසා එයා කවදා හරි වෙනස් වෙයි කියලා මං බලන් හිටියා..💔

ඔලුව රිදෙනව ඉවරයක් නෑ. කන්න හිතෙන්නෙත් නෑ. වමනෙටම එනවා. මේ ප්‍රශ්න ගැනම හිතල මාත් දැන් දුර්වලයි.මට උදේ ඉඳන් දෙපාරක් වමනෙ ගියා. මට හිතට ටිකක් බයයි. මම ටෙස්ට් එකක් කලා කෝකටත්. Pregnancy test එකක්.

--POSITIVE-- 😲

මගෙ ඔලුව කැරකෙන්න ගත්තා. මාව ඔලුවෙ ඉඳන්ම සීතල වෙන්න ගත්තා. කල්පනාවක් නැතුව ඔහේ බලාගෙන හිටිය. මොනවද මේ වෙන්නෙ. මම ඉක්මනට Jae Gyu ට කෝල් කලා.
"මොකෝ"
"දෙයක් කියන්න ඕන"
"හැමදාම කියනවනෙ ඉතිං.ඉවරයක් නෑ නෙ" 😒
"ඔයා බීලද? ආ?"
"නෑ නාලා. ඇයි? "😏
"ඔයා බොනවා කියලා මට කවදාවත් කියලා නෑ නෙ"😖
"මං කරන ඔක්කොම කියන්න ඕනද දැන්?. මගුල"
එයා කෑගහලා phone එක පැත්තකට දැම්මා. ඒත් එයා එක cut කරලා නෑ. ඒ නිසා කියපු ඔක්කොම මට ඇහුනා.

"කවුද ඒ?"
"අර පිස්සු කෙල්ල බං. ඇඟේම එල්ලෙනව. ගලවගන්න විදිහක් නැතුව මාත් ඉන්නෙ. පුදුම වදයක් දෙන්නෙ. ටික දවසක් ඔහොම ඉඳල හිමීට හලලා දානව මං"

මට හැමදේම තේරුම් ගියා.😔

මගේ ජීවිතේ දැන් හැමදේම විනාශ වෙලා ඉවරයි. මට පරිස්සම් කරන්න දෙයක් තව නෑ. මට කාටවත් මූන දෙන්න පුලුවන් කමකුත් නෑ. මං ලොකු තීරණයක් ගත්තා. ඒක තමයි මේ හැමදේටම උත්තරේ.☝️

******************

ඔබ නොදුටු මමNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ