මිනිස්සු නම් කියන්නේ සමහර මතක කවමදාවත් මැකෙන්නේ නැහැ කියලා. එත් මට හිතෙන්නෙ සමහර මතක මැකිලා යන්නෙ එවා අමතක වුන නිසා නෙමේ , එවා ගොඩක් යටටම වෙන්න අපිම මිහිදන් කරලා දාපු නිසයි.
මටත් අවුරුදු තුනේ වගේ වෙච්ච් කිසි දෙයක් හරියට මතක නැහැ .ඒ කාලේ මොනවා කියලා වුනද මං දන්නෙහ් නෑ. ඒත් එක දෙයක් විතරක් මට හොදට මතකයි
වැස්ස!!!
වැස්ස වැටෙන හැම රෑකම මගේ හිතට දැනෙන්නේ පැහැදිලි කරන්න බැරි හිස්කමක්.... හරියට මොකක්දෝ දෙයක් මගෙන් උදුරගෙන ගිහින් වගේ!!!
"අයුශ්! තාම නිදිද??! නැගිටින්න දැන් හයයි වෙලාව කොල්ලෝ!! "
මගේ කල්පනාව බිදුනේ කාමරේ දොරට තඩිබාගෙන ගිය මගේ මාමා පොඩ්ඩගේ ශබ්දයෙන්!
"නගිට්ටෝ"
"Ayush Wake Up !!! You are gonna be very late if not"
අයියෝ මාමේ මං නැගිටලා ඉන්නේ!!! කොහද ඇහෙන්නෙත් නෑනේ !! යකෝ දැන් නාකි නේ!! එක්කෝ දොර ඇරගෙන එන්න ඕනේ , ඇයි අනේ!!! මං ගිහින් දොර ඇරියා . නැත්තන් දොර කඩනවා මෙයා! අරිද්දිම දැක්කේ මගේ සුදු මාමාගේ මුනනේ. මගේ කෝපි එකත් අතේ තියගෙන. ඔලුවට අනිත් අතත් තියාගෙන ඉන්නවා, අපේ ගෞරව් ලොක්කා!
"නැගිටලා අය්යේ හිටියේ"
"මන් දැන් කීයේ ඉදන්ද යකෝ කතා කරන්නේ ? "
"ඇයි අනේ කෑගහන්නේ!! ඇහැරලා හිටියේ!!!"
"ඇයි බං උබ කැම්පස් යන් නැද්ද? පොඩිව ඉස්කෝලෙට දාලා ඔයාව යුනි එකට දාන්නම් ... ගෙට් රෙඩ් සූන්"
"හා හා!!"
නිදි මර ගතාතේ මං අයේ ඇතුලට එන්න හදද්දි මාමා ආයේ කතා කලා
"අයුශ්"
"ඕ"
"කෝපි එක මටද"
"හී"
මට මාමා ස්කුබි ඩූ මග් එක අතට දිලා ආයේ කුස්සියට ගියා
ඒ තමයි ගෞරව් වින්සක ඒකනායක. ලොකේටම එයා මගේ මාමා, අම්මගේ මල්ලි.එත් මට ? මට එයා මගේ අයියා.. මාමා කිවුවට මට වඩා අවුරුදු 15 යි මෙයා වැඩිමල්!!
සමහර විට ඒකට හේතුව මම පුංචි කාලේ ඉදලාම එයාට කතා කරලා තියෙන්නේ 'අයියේ ' කියලා නිසා වෙන්න ඇති... එයා කවදාවත් ඒක වෙනස් කරන්න හදුවේ නෑ. මමත් නෑ.
ESTÁS LEYENDO
This is My Destiny| Sinhala BL
RomanceTwo strangers, bound beneath the shadow of the same buried truth.He carries broken silence behind his eyes, where forgotten memories still breathe. The other wears a beautiful smile, soft enough to trust, dark enough to ruin. When their paths cross...
