යූහි Pov
" යූහි තාම නිදිද ලමයෝ නැගිටින් නැද්ද? මේ යාලුවොත් ඇවිත් ඉන්නේ "
උදේ පාන්දර ඔම්මා දොරට
ගහන සද්දෙට මම ගැස්සිලා ඇහැරුනා 🥴
යූහි - " මන් නැගිටලා ඉන්නෙ ඔම්මා.. මන් ඉක්මනට එන්නම් "
මන් ඉක්මනට මූන සෝදගෙන ලෑස්ති උනේ කොලේජ් යන්න..
මම ගැන කියන්නම්කො ඉස්සල්ලා...
මම කිම් යූහි..
මන් ජීවත් වෙන්නේ ජපන් වල ඔම්මයි හැල්මොනි එක්ක.
මගෙ අප්පා ගැන කීවොත් මන් කතා කරන්න ආසම නැති කෙනෙක්..
අම්මා කීව විදිහට මට ඔප්පලා දෙන්නෙක් ඉන්නවා කොරියා වල.. ඒ දෙන්නා ගොඩක් හැන්ඩ්සම්ලු.. මම කවදාවත් දැකලත් නැ ඔම්මා මට පෙන්නලත් නෑ..
මන් ඒ ගැන අහලා ඔම්මට කරදර කරලත් නැ.
ජීවිතේ වෙන සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ.. ඒවට කොහොම හරි මුහුන දෙන්න වෙනවා..
මන් ලෑස්ති වෙලා පහලට යනකොට මගෙ අතිජාත පරම මිත්‍රවරු දෙන්නා ඔම්මා හදපු රසම රස එග්රෝල් ටික ඉවර කරනවා. මාත් ගිහින් කෑම මේසෙන් වාඩි වෙලා උදේ කෑමත් අරන් යාලුවො දෙන්නත් එක්ක කොලේජ් යන්න පිටත් උනා..
යූහි - " අද මොකද බන් මේ කට්ටිය පිරිලා "
රෝස් - " ඒකනේ බන් මොකක් හරි උත්සවයක්වත් තියනවද අද?"
මින්ජි - " ඇයි අද බිස්නස් ෆීල්ඩ් එකට සම්බන්ද ප්‍රෝග්‍රෑම් එකක් කරනවනේ. ඒකට එන්නේ අර කොරියා වල නම්බර් වන් කම්පැනි එකේ CEOලු . මොකක්ද නම කීවා..... කිම් ටේහ්‍යෝන් ද කොහෙද "
යූහි - " ආ එහෙමත් එකක්ද .. යන් යන් ක්ලාස් එකට පරක්කු වෙනව. නැත්නම් අදත් එලියේ තමා ඉන්න වෙන්නෙ"
ක්ලාස් එකට ගිහින් වැඩ ටික ඉවර වෙලා බෙල් කරාම අපි තුන්දෙනාම කැන්ටින් එකට ගියා.
තුන් දෙනාම කෑමත් අරන් ටේබල් එකට ගිහින් වාඩි වෙලා කෑවා..
ටික වෙලාවකින් එක පාරටම කැන්ටින් එකෙ හිටිය කෙල්ලො ටික කෑ ගහන්න ගත්තේ මට කන කෑම ටිකත් හිර කරලා
" ක්හැ ක්හැ.... මුන්ට පිස්සු හැදිලද අනේ... කෑම එකත් හිර උනා.." යූහි කිවෙ වතුර එක අතට ගන්න ගමන්
" කවුද බන් ඒ හැන්ඩ්සම් බෝයි "
" අලුත් එක්කෙනෙක්ද ? මීට කලින් දැකලත් නෑනේ " රෝසුයි මින්ජි කුටු කුටු ගෑවෙ කැන්ටින් එකට ආව අලුත් හාදයා කවුද කියල බලන ගමන්
