"මේ අහන්න.. සියූ.. ඔය මුකූත්ම නෙමෙයි.. ඔයා කැෆේ එකට එන්න එපා.. කොහොමත් මං කියන එක ඔයා විශ්වාස කරන්නේ නෑනේ.. ඉතින් අපි ක්‍රියාවෙන්ම එක දෙයක් ඔප්පු කරමු"
"පැහැදිලිව කියනවා!!"
"ම්ම්... දැන් ඔයාගේ රට ගිය හස්බන්ඩ් ඉන්නෙ කොහෙද කියන්න දන්නවද.."
මං උත්තර නොදී හිටියා. මේ මිනිහා ඒ ගමන කැෆේ එකට එන්න එපා කියලා කොයි මගුලෙ යන්න හදනවාද කියලා මම දන්නෙ නෑ..
ඒ උනත් මගෙ හිතට බයයි දැන්..
"ඔයාගෙ හස්බන්ඩ් දැන් ඉන්නෙ ලංකාවෙ කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද ? ඒකත් එයාගෙ සෙකට්‍රි එක්ක හොටෙල් එහෙක කිව්වොත්.. හ්ම්ම්.... අනේ අනේ පොඩි බබෝ.. ඔයා නොකා නොබී උන්නට මේඝ නම් හොඳ....ට කනවා වගේ"
"තමුසෙ කා..ටද ඔය කතා හදන්නේ!!"
"බොරු නම් ගිහින් බලමුකො.. හාද ? මම ඉන්නම් #### හොටෙල් එකේ පාකින් එකේ.. මං එක්කම යමු බලන්න"
මේ මනුස්සය ඇයි මාව හොටෙල් එකකට ගෙනියන්න හදන්නේ.. මේඝ ආවා නම් මට කියනවානෙ.. අනික එයා මට කිව්වනේ හවස් වරුව ගන්න වෙන්නෑ කියලා.. මට කතා කරන්න වෙන්නෙ නෑ කිව්වනේ..
අනික මේඝ ආවාත් ගෙදරට නොයා ඉඳීවිද.. මං නම් හිතන්නෙ නෑ..
"සැකයි නම් මං ෆොටෝස් දෙකක් එවලා ඇති බලන්නකෝ.. බලලා එනවද නැද්ද කියන එක සියූ තීරණේ කරන්න.. විනාඩි දහයක් දෙන්නම්"
එහෙමම කෝල් එක කට් උනා.. හැබැයි ඒ එක්කම වගේ මට ආය මැසේජස් වගයක් ආවා..
අත් දෙක වෙව්ලනවා.. හුස්මත් හිර වෙනවා වගේ දැනෙන හැඟීමක් මට දැනෙද්දි මං හුඟ වතාවක් කල්පනා කරලා චැට් එක එබුවා..
වෙව්ල වෙව්ල ඉඳපු අත් නවතිද්දී , වැටුණ හුස්ම අතර මගම හිර වෙද්දී , මගෙ අතින් ෆෝන් එක අතෑරෙන්න ගියා..
"එක්කන් ගිහින් තියෙන්නෙ එයාට කාගෙද නෑ වෙන කෙල්ලෙක්වලු නේ.."
"සම්බන්දයක් පටන් ගන්න ඇත්තේ අනිවාරෙන්ම ප්‍රසිද්දියට.."
"උබ දන්නෑනේ ඒ කෙල්ල වෙනදට ජනාධිපතිතුමාගෙ කැබින් එකට ගියාම එන්නේ කොණ්ඩත් අව්ල් කරන්.."
YOU ARE READING
Noor🌙✨️
Non-Fiction"අන්තිමේ මං පිළිගන්නවා.. දෙවියොන්ට මට හොඳ ජීවිතේකට ආශිර්වාද කරන්න ඕන උනාම.. එයා මගෙ ජීවිතේට එව්වෙ එයාගෙ හුස්මටත් වඩා මට ආදරේ කරන මේඝව කියලා"🌕✨ - මේඝගෙ නූර්! ______________________________________ ©️all right reserved...
