මං මේ කරන්න යන්නෙ මහ පණ්ඩිත වැඩක් කියලා මට හිතෙනවා.. ඒත් මම ඒක කරන්නම ඕනා..
මං ආයෙ වතාවක් ෆෝන් එක දිහා බැලුවා.. ඒකෙ මේඝගෙ මැසේජ් එකක් එද්දි මං ඒක දිහා බලන් ඉඳියා..
'ගෙදරට යන්න පරිස්සමට'
හිතටත් අමුතුයි.. එළියට ආව මම මාස්ක් එකක් දාන් කෙලින්ම ගියෙ මහ පාරට.. පව් වැඩේ මේඝ දැන ගත්තොත් රෙහාන්ට කන්න වෙන්නෙ හොඳ කෑමක්..
කමන්නෑ එක අතකට රෙහාන් ගැන වද වෙන්න රෙහාන් මගෙ මිනිහායැ අනේ..
පාරට ආව මම වාහනේකට අත දාලා වාහනෙට නැග්ගා..
"Elite කැෆේ එකට"
ඒ ගමන ආය කැෆේ එකක්.. මගෙ මූණ දිහා හොඳට බලන් ඉඳපු ඒ මනුස්සය වාහනෙ ස්ටාර්ට් කර ගත්තා..
සාමාන්‍ය ත්‍රීවිල් කාරයෙක්ට නොගැලපෙන විදිහෙ පෙණුමක් ඒ මනුස්සයට තිබ්බා.. අනේ මංද. උස මහත ඇඟපත කට්ට කළු හම..
නිකන් දසමහා යෝධයෙක් වගේ ඩයල් එක..
මැප් එක දා ගත්ත මම ඒ දිහා බලන් හිටියෙ වැඩි හොදට. කොහෙන් යයිද කියලා කව්ද අනේ දන්නේ..
මගෙ බඩත් රත් වෙනවා වගේ.. දැන් මං ඇවිල්ලත් විනාඩි පහලවකට වඩා වැඩි නිසා සමහරවිට දැනටමත් රෙහාන් මාව හොයනවා ඇතිද.. මේඝට කියලා ඇතිද.. වගේ දාහක් දේවල් මගෙ ඔළුවට ආවා..
ශිට් ඇයි මට හිතන්න බැරිව ගියෙ එක අතකට වෙන ප්ලෑනක්.. එහෙම උනා නම් මට ස-
මගෙ කල්පනාවට බාධාවක් ආවා.. මගෙ ෆෝන් එක රිංග් වෙනවා..
සෑහෙන බය උන මම දඩි බිඩි ගාලා නම බැලුවා උනත් ලාවට දැණුන බය නැති උනේ ඒ ඉන්නෙ මේඝ නෙමේ කියලා දැක්කහම..
ඒක තවත් එක unknown නම්බර් එකක් වෙද්දි මං ඒක ආන්ස කලා..
"ඉතිං...මේඝගෙ වීණාව් එන ගමන් නේද.."
ඒ කතා කලේ දේව්.. මට මේ මනුස්සය එක්ක කෝල් අරන් කතා කරන්න දෙයක් නෑ අනේ.. මට දැන ගන්න ඕනස් මගෙ හස්බන්ඩ් ගැන මූ දන්නෙ මොනවද කියලා.
ඒක දැන ගත්ත ගමන් මං මගෙ සිම් එක හපලා හපලා කාලා අලුත් එකක් ගන්නවා.. එතකොට හරි!!
ŞİMDİ OKUDUĞUN
Noor🌙✨️
Kurgu Olmayan"අන්තිමේ මං පිළිගන්නවා.. දෙවියොන්ට මට හොඳ ජීවිතේකට ආශිර්වාද කරන්න ඕන උනාම.. එයා මගෙ ජීවිතේට එව්වෙ එයාගෙ හුස්මටත් වඩා මට ආදරේ කරන මේඝව කියලා"🌕✨ - මේඝගෙ නූර්! ______________________________________ ©️all right reserved...
