වෙනදට වඩා කලින් මට ඇහැරෙන්න උනා. ඔව් ඉතින් වැඩට යනව නම් ඒ වට වෙලාවට යන්න එපැයි. මොකද ඒවා අපෙ අම්මලා අප්පලාගෙ බූදලේ කියලා හිතාගෙන වැඩට එනවද ඇහුවොත් මට කට උත්තර නැති වෙනවනේ.
අනික මට එතන මගෙ වැඩේ වෙනකන් වැඩ කරන්න ඕන නම් දැනට කිසිම අඩුපාඩුවක් වෙන්න නොදී වැඩ කරන්නත් වෙනවා.
අනික දැන් මේඝ දන්නවා ඇති මම එතන වැඩට එනවයි කියලා. ඔය මනුස්සයා නොදැන ඔතන උඩින් කාක්කෙක්වත් පියාඹන්නෙ නැතුව ඇතිනෙ.
නැතුව ඇති නෙමේ නෑ තමයි!
ඇහැරලා ලෑස්ති වෙලා ගෙදරින් එළියටත් බැස්සා. හැබැයි වෙන ළමයින්ට වගේ උදේ පාන්දර කරන ආශිර්වාද නම් මට හම්බුණේ නෑ.
අඩුම තරමේ මල් පුරවපු වතුර එකක්වත්.. වෙන ලමයින්ට ඉතින් ඒවා හම්බෙනවනේ
ඒවා නම් මොනාද උදේ පාන්දර කූඹියෙක් පෙවිලා වමනෙ දානවට වඩා ඕක නොදුන්න එකමයි හොඳ කියලා හිතාගෙන මමත් එළියට බැහැලා අයියාට මැසේජ් එකකුත් දාලා එන්න ආවා.
එයාට නයිට්.. නයිට් දවසට නම් මේකා එනවා යනවා , යනවා එනවා..
නිකන් පොලිස් ස්ටේශන් එකත් අයිති එයාට වගේ තමා එයා හැසිරෙන්නෙ.. එයාට තමයි අයිති ඒකත් වෙනම කතාවක් තමා.
ආහ් එතකොට ඊයෙ ගේට් එකේ මම එල්ලපු කොලේ උදේ තිබ්බෙ නෑ.. මට හිතා ගන්න බැරි ඕක අයියා ගත්තද නැත්තන් අර ගිෆ්ට් එල්ලලා යන කෙනා අතට හම්බුනාද කියන එක..
වෙන්න තියන හොඳම දේ කියලා අපි හිතා ගමු ඒක අදාල පුද්ගලයා අතට ගියා කියලා.
වාහනේ ස්ටාර්ට් කර ගත්ත මම ගෙදරින් එළියට බැහැලා එන්න ආවෙ බඩගින්නේ. අයියා ගෙදර නැත්තන් මම කෑමට වත් ගෙදර නවතින්නෙ නෑ, ඒක තමයි මගෙ විදිහ. ආදරේ නැතුව නෙමේ ඒත් ඕන නෑ..
පාරෙ වෙන දේවලුත් බල බලම මම ඩ්‍රයිව් කරන් ආවෙ විනාඩි තිහකින් වගේ මට එතනට එන්න පුලුවන් වෙද්දි.. කතා අහන්නත් වෙයිද දන්නෙ නෑ අඳුරන අය මාර්ගෙන් ඇතුලට ආවයි කියලා. ඕවා තමා මට පේන්න බැරි.
අඳුරන අයගෙ මාර්ගෙන් නෙමේනෙ අනේ ආවෙ අයියව කඩේ යවලනේ.. මට මොනවා හරි කියන් ආවොත් සාමාන්‍යෙන් මම අඬාගෙන යන ඩයල් එකක් නෙමේ නිසා කිව්ව එකාගෙ දතක් ගැලවෙන්නම ගහන්න නම් පුළුවන්.
YOU ARE READING
Noor🌙✨️
Non-Fiction"අන්තිමේ මං පිළිගන්නවා.. දෙවියොන්ට මට හොඳ ජීවිතේකට ආශිර්වාද කරන්න ඕන උනාම.. එයා මගෙ ජීවිතේට එව්වෙ එයාගෙ හුස්මටත් වඩා මට ආදරේ කරන මේඝව කියලා"🌕✨ - මේඝගෙ නූර්! ______________________________________ ©️all right reserved...
