"ලොකූ"
මං කිචන් එක පැත්තට යන අතරේ අප්පච්චි ලොකූ කියාගෙන මගේ පස්සෙන් කිචන් එක ලගට ඇවිල්ල ප්‍රෑන්ටිය උඩ වාඩි වුණා..
පුහ්හ් තාම කොල්ලා නිකන් හැන්ඩියා වගේ ඉන්නේ.. දැන් වෙලාව 8 ත් පහු වෙලා නමයයි ගානක් වෙලා.. මට හදිස්සියේ ඇති වුණ ක්ෂණික බඩගින්නක් නිසා පහලට ආවා එතකොට තමයි දැක්කේ අප්පච්චි සෝෆා ඒකෙ ඔෆිස් ඒකෙ වැඩක් කරන ගමන් ඉන්නවා කියලා ඉතින් මං කිසිම කරදරයක් කරන්නේ නැතුව.. කිචන් පැත්තට ආවා හැබැයි අප්පච්චි කර කර හිටිය වැඩෙත් නවත්තලා.. ලොකූ කියාගෙන කිචන් එක පැත්තට ඇවිල්ල දැන් කොල්ලා වගේ වාඩි වෙලාත් එක්ක..
මං ෆිජ් එක ඇරලා.. අම්මා හවස වගේ හදලා තිබ්බ බිස්කට් පුඩින් කෑල්ලක් ප්ලේට් එකකට දාගෙන අප්පච්චි ලගින් ම වාඩි වුනා...
"කොහොමද ඉස්කෝලේ වැඩ, මැචස් වල එහෙම..? "
"ශේප් ශේප් ඉතින් බ්‍රෝ.. "
බිස්කට් පුඩින් එකටත් වග කියන අතරේ අප්පච්චි ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා..
"මෙහ් මටත් කැල්ලක් දියන් ඉතින් තෝ විතරක් තනියම කන්න.. එපා ලොකූ.. "
ඈ මගේ ඇස් දෙක ටොම්බ සයිස් උණා ඇයි දෙයියනේ හවස කිව්වේ මං කන්නේ කැමති.. මැණිකේ.. මට ඕව අප්පිරියයි කියලා කිව්වේ යැයි යැයි ගගා.. මහ බොරු මරිසිනේ බම් මේ අප්පච්චි ගේ..
"හාහා උබ ඉතින් ඔහොම බලන්න එපා.. ඒ වෙලාවේ යම් දෙයක් කිව්වා තමයි ඉතින්. දන්නේ නැද්ද බම් අපි ට උනත් ඩාම් වෙනො ඩූම් වෙනෝ.. කියලා..
කො කො ප්ලේට් එක මැදට කරහං මටත් ටිකක් කන්න.. "
මං ඉතින් මැදට කරන්න ඕනේ නෑ එයාම මැදට කරගෙන අතකට හැන්දකුත් අරගෙන ඉවරයි....
මං ටිකක් කන එක නතර කරා මොකද දෙන්නෙක් ට මේ ප්ලේට් ඒකෙ කන්න බෑ .. ඕන්න ඔහේ අප්පච්චි කනකන් මං හිටියා...
එතකන් ම අපි අතරේ තිබ්බ නිශ්ශබ්දතාවේ කැඩුනේ අප්පච්චි එකසැරේටම මට කතා කරපු එකෙන්
"ලොකූ.? "
"ම්ම් "
"මොකෝ උබ ම්ම් ගාන්නේ බස්සෙක් ද.. උබ බස්සෙක් වෙන්න බෑනේ බම් මං බස්සෙක් නෙවෙයි.. "
YOU ARE READING
වංශ ~~ Literal (Slow Update) Part II On Hold
Non-Fiction"මා දැවුනාවේ ප්‍රේමේ නෑවිලා!!" රයාන් ×මිහික B×B [Don't copy]🚫 start 2025|08|6 End : ongoing KawiElyndra 🖋️
