තෙවන රටාව 🌿.

113 16 117
                                        

"අම්මා, නී යෙන්ගෛ ඉරුක්කිරායී?" ( අම්මා ඔයා කොහෙද ඉන්නේ?)

" අම්මා........ අම්මා........."

"සාවිත්‍රි, වා මගනෛ නාන් ඉන්ගෙ ඉරුක්කේන්!" (සාවිත්‍රි, එන්න දරුවෝ මම මෙහේ ඉන්නේ)

මම මේ කොහෙද ඉන්නේ? මේ තැන මොකක්ද? මේක පරන දේවාලයක්නේ. මම කොහොමද මෙතනට ආවේ? කෝ මගේ අම්මයි අප්පයි. අනේ දෙයියනේ මේ මොකක්ද වෙන්නේ ඇයි අම්මගේ කටහඩ මට මේ හැමපැත්තෙන්ම ඇහෙන්නේ? කෝ මේ දේවාලේ මිනිස්සු? අ...අර අතන කවුද ඉන්නේ? ගෑනු ළමයෙක් නේද? ඇති යන්තන් මනුස්සයෙක් ඉන්නවා. එයා සමහරවිට මගේ අම්මා ඉන්න තැන දැකලා ඇති. මේ මිදුම අස්සේ තනියම යනවට වඩා තව කාගෙන් හරි උදව්වක් ඉල්ලන් අම්මව හොයාගන්නවා.

Third person POV

ගරා වැටුන දේවාල භූමියක තනි උන තරුණියක්. ඇය කොතරම් තම මවට අඩගැසූවද මවගේ පිලිතුර ඈට ලැබෙන්නේ මව සිටින දිශාවක් සොයා ගැනීමට නොහැකි ලෙසයි. තමා සිටින ස්තානයේ සිට අඩි කිහිපයක් පමනක් පැහැදිලිව පෙනෙන තරමටම පැරණි දේවාල භූමිය මීදුමෙන් වැසී ගොසිනි. තම මව සොයා දේවාල භූමියෙහි එහේ මෙහේ ගමන් ගන්නා තරුණිය දකින්නේ දේවාලයෙහි කොනක සිටිනා තවත් තරුණියකි. මීදුම නිසා දකින දෙය පැහැදිලි නොවූවෙන් සාවිත්‍රි ඇය අසලට කෙමින් කෙමින් අඩි හසුරුවයි. ආගන්තුක තරුණිය සාවිත්‍රිට පිටුපා සිටගෙන ඇයට ඉදිරියෙන් ඇති යමක් දෙස බලා සිටියි. කෙමෙන් කෙමෙන් තරුණිය දෙසට ලන් වන සාවිත්‍රි දකින්නේ මේ තරුණිය වෙව්ලමින් සිටින අයුරුයි. සාවිත්‍රි ආගන්තුක තරුනියගේ උරහිසට පිටුපසින් අත තබන්නේ තම නව සොයාගැනීමට උපකාරයක් ඉල්ලාගැනීමට වූවත් ඇය දකින්නේ තරුණියට ඉදිරියෙන් ඇති මළ සිරුරු දෙකකි. තරුණයෙක් සහ තරුනියක් ඉතාමත් කෘර ලෙස මරා දමා තිබෙනු දකින සාවිත්‍රිට ඇය ඉහලට ගත් හුස්ම පහලට හෙලීමටද අමතක වූ සෙයකි.

End of third person POV

අයිඅයියෝ සාමී... මේ කාවද මේ මරලා දාලා ගිහිල්ලා තියෙන්නේ? මේ ගෑනු ලමයගේ කවුරු හරිද දන්නෑ. දෙවියනේ පේන විදිහට නෝනයි මහත්තයයිද කොහෙද අර බලන්න මැරිලා තියෙන්නෙත් අත් දෙක එකට පටලන්... ඒ විතරක්ද කඩවුලේ අර ගෑනු කෙනා අම්මා කෙනෙක් වෙන්න ඉදලා තියෙන්නේ... කවුද දෙයියනේ මේ මිනිස්සුන්ව මෙහෙම මරලා දාලා තියෙන්නේ? මේ දෙන්නව දැක්කම ඇයි මගේ පපුව හිරවෙන්නේ?? අනේ දෙවියනේ මේ මොකක්ද මේ පැටලිල්ල!!

මරතොණ්ඩි.Where stories live. Discover now