Episode_01

333 18 3
                                        

වෙලාව උදේ හයයි. වෙනද වගේම එලාම් එක ඕෆ් කරන් නිදිමතේම බාතෘම් එකට ගිහින් දත් මැදලා වොශ් දාලා ඇවිත් ක්ලාස් යන්න ලෑස්ති වුනා. මං ඇවිල්ලා අශල්‍යා මිහිසදි අධිකාරි.
හැබැයි ඉතින් යාළුවොනම් කියන්නේ මිහිසදි කියලා. දැන් සතියකට කලින් ඕලෙවල් ලියලා ඉවර කරලා ඒලෙවල් ක්ලාස් යන්න පටන් ගත්තා ඉතින් තරඟකාරී අධ්‍යාපනය නිසා නම් නෙවෙයි මගේ තියෙන ආසාවට ... එහෙම කියලා හිතන්න එපා මං හෙන වැඩ්ඩෙක් කියලා ඒ උනාට මම පොඩි කාලේ ඉඳන් ගණන්වලට පට්ට ලව්.
අපේ ගෙදර එහෙම ඉගෙන ගන්න ඕනෙම කියලා නියමයක් නෑ. මං කැමති දේ කරන්න මට ඉඩ තියෙනවා. ඒකනං හොඳයි තමයි ඒ උනාට ගොඩක් වෙලාවට මේ ගෙදර මං ඉන්නේ තනියෙන්. මොකද ඉතින් අනිත් ළමයින්ට වගේ කියව කියව ඉන්න මට අම්මත් නෑ. අම්මා නැති වෙලා තියෙන මං පුංචි කාලෙම එහෙමයි කියලා අප්පච්චි මට කිසි වෙනසක් දැනෙන දුන්නෑ. අප්පච්චිට පුළුවන් හැමවෙලේම මං ගැන හොයනවා. අප්පච්චි ගොඩාක් බිසී බිස්නස් එක්ක කොහොම හරි ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා කෑම ගන්න

"පන්ති ගිහින් කන්න කෑම එකක් ඔතල දෙන්නද බේබ්"

ඒ යසෝ අම්මා අපේ ගෙදර වැඩට ඉන්න එයා .වැඩට ඉන්නවා උනත් ගෙදර කෙනෙක් වගේ තමා මොකද පොඩි කාලේ ඉඳන් මාව බලාගත්තේ එයා.

" එපා යසෝ අම්මා .. අප්පච්චි තාම ගෙදර ආවේ නැද්ද"

" නැහැනේ බේබි හෙට තමා එනවා කීවේ"

බැලුවොත් බිස්නස් වැඩවලට තාත්තා ලංකාව වටේ විතරක් නෙමෙයි සමහර වෙලාවට රටත් යනවා. එයාව දකින්නේ හාවා හඳ දකින්න වගේ තමා ඒත් අප්පච්චි පුළුවන් හැම වෙලාවෙම මං ගැන හොයනවා මට කිසි අඩුපාඩුවක් නොකර මාව ආදරෙන් බලා ගන්නවා.

යසෝඅම්මටත් කියලා මං ඩ්‍රයිවර් රංකල් එක්ක එන්න පිටත් වුනා. අද තියෙන්නේ කෙමිස්ට්‍රි.ඒ ලෙවල් වලට යන පළවෙනි පන්තිය අනික මං කරන්නේ මැත්ස් වුනාට මගේ යාලුවෝ සෙට් එකම වගේ කරන්නෙ කොමස්. ඒත් මට ඒ කාලේ ඉඳන් ගණන්වලට තියෙන ආසාව නිසා මැත්ස් තෝරගත්තා. කොහොමින් කොහොම හරි ඉන්ස්ටිටියුට් එක ගාවින් බැහැලා එනකොට මුල්ම දවස නිසා ඇඩ්මිෂන් කාඩ්ගන්න ළමයි පෝලිමේ. ඒත් ඉතින් මට පෝලිමේ ඉන්න ඕන නෑ. එහෙම වුණාට ඔයාලා හිතනවා ඇති නේද ඇයි මේක උඹලයි තාත්තගෙද කියලා. ඇත්ත එහෙම තමා මේකත් අපේ අප්පච්චිගෙ එක බිස්නස් එකක්.

Emotion Where stories live. Discover now