දඬු මොණරු 45

610 93 38
                                    

"මොකද බං අර මණ්ඩලේ කචල් වෙලා, අන්න අර ඔළු බක්ක ඇවිත්. පරිස්සමින් ඉඳපන් නේත්‍ර හොඳේ. පුළුවන් නම් දෙපැත්තෙම දොරවල් දෙක වහන් ඉන්නව හොඳද. මං හවස් වෙලා එන්නම්"

"හරි අයියෙ"

"යන්නම් සර්, පන්ති ඉවර වෙලා එන ගමන් මේ දෙන්නාවත් දාගෙන ආවා"

යශ් අයියා සීයා එක්ක කතා කරද්දී එයත් තව ටිකක් ගේට්ටුව ළඟට ආවේ තඹර අයියා බිම බලාගෙන ගෙට යද්දි.

"ඒක හොඳයි පුතේ, මේ තාත්ත එහෙම ගෙදරද. අනිද්දට මෙහෙ බණ. මං තාත්තට කෝල් එකක් වත් දෙන්න කියලා හිතුවේ"

"මං අප්පච්චිට කියන්නම් සර්, දැන් නම් ගෙදර නෑ.අනුරාධපුරේ වන්දනා ගමනක් ගියා අම්මයි දෙන්නම. හෙට තමයි එන්නේ"

"ආ එහෙමද හොඳයි හොඳයි. ඔය ළමයත් එන්න ඕන එදාට"

"මං එන්නම් සර්, මොනව හරි උදව්වක් කරන්න තියෙනවා නම් කියන්න"

"කෑම හදන්න නම් බවලත් උදවිය එකතු වෙනවා, හෙට උදේට කැවිලි හදයි. ඔය ළමයට පුළුවන් නම් සඳුදට හවස් වෙද්දී එන්නකෝ මේ පැත්තේ, ඉස්සරහ හට් එකක් එහෙම ගහන්න ඕන, තරුණ ළමයි මේ වැඩ වලට එකතු වෙන එකත් හොඳයිනේ"

"හරි සර්, මං යන්නම් එහෙනම්"

යශ් අයියා අපිටත් ඔලුවෙන් යන්නම් කියලා ගියාම මමයි මල්ලියි ගේට්ටුවෙන් ඇතුලට ආවා.

"කොල්ලො හෙට කැවිලි හදන්න දර ටිකක් හොයා ගන්න වෙනවා. මේ අහල පහල වත්තේ පොඩ්ඩක් බලන්න පුළුවන්ද, අර මනෝරි කෙලීගෙ කොල්ලො දෙන්නවත් අඩ ගහ ගත්තා නම් ලේසි වෙයි"

"හා සීයේ"

"එහෙනම් කාලා එහෙම ඉදිංකො මුලින්"

අද උදේම පන්ති පටන් ගත්ත නිසා 1 වෙද්දි ඉවරයි. හෙට තමයි හවස් වෙන්නේ ටිකක්. කැවිලි හදන්න දර ගොඩක් ඕන වෙයිද දන්නෙ නෑ. දානේ උයන්න බාර ගත්ත කෙනා නම් ගෑස් ලිපෙන් උයන නිසා ඒවට නම් දර ඕන නෑ.

මං හසාගෙන් එන්න පුලුවන්ද කියල අහල මැසේජ් එකක් දාලා ඉක්මනට බත් ටික කෑවා. මල්ලිත් ඉක්මනට කාලා වත්ත පහළ දර කෝටු එකතු කරන්න ගත්තා. අපි දෙන්නටම පොඩි දර මිටි දෙකක් හොයා ගන්න පුළුවන් උනා.

දඬු මොණරු Where stories live. Discover now