අපේ තාත්තත් මොකක් හරි වන්නමක් නටලා ස්කූටිය ස්ටාට් කරගන්නේ නැතුව මාව එව්වනේ මූ එක්ක. උගෙන් ඒ මදිවට කතා අහගන්නත් වුණා. මොනවා උනත් කාගෙන ආවේ අද කලින් ඉස්කෝලෙට යන්න ඕනේ උන නිසයි.
ඉස්කෝලෙට ඇවිල්ලා දැන් පැය භාගයක් විතර වෙනවා. පේන විදිහට නම් මුන් බස් එක 5.30ට වත් අද්දයිද දන්නේ නෑ ඉස්කෝලෙන්.
"ඒ බන් මන් උඹෙන් අහන්නමයි හිටියේ. උඹ ඇයි අද ආදි එක්ක ආවේ. මන් දැක්කා උඹ උගේ තාත්තගේ බයික් එකෙන් බහිනවා."
"අනේ මන්දා බන් උදේ පාන්දරම සක්කිලි වැඩක් උනේ. අපේ ස්කූටිය ස්ටාට් උනේ නෑ. උගේ තාත්තා පල්ලෙහා ඉඳලා ඇහුවා අරූව ඉස්කෝලෙට දාන්න යන එකේ මාවත් ගිහින් දාන්නද කියලා. අපේ පියාණන්වහන්සේත් හා කියලා මාව පටවලා එව්වා බන්. මාත් පරක්කු වෙන නිසා ඌ එක්ක ආවා. නැත්තන් පයින් ආවත් ඕකගේ ළඟින් ඉඳගෙන එන්නේ නෑ."
"අහ් ඒකද සීන් එක. සිරාවට පුදුමයි උඹලා දෙන්නා එකට ආවා. ඇති බයික් එක පිටිපස්සේ මරාගන්නේ නැතුව ආවා."
"පිස්සුද බන්. මන් යනවද ඌ එක්ක එල්ලි එල්ලි එහෙම."
තෙනුජයා කියපු එකට කට කොනින් හිනාවක් දාලා කෙවින් එක්ක කතාවකට සෙට් උනා.
බයික් එකේ මැද ආපු නිසා මන් සුපිරියට අසරණ උනා අද. අරූගේ දනිස් දෙකත් මගේ කකුල් වල වැදුනා. හැබැයි පොර ළඟින් ආපු ස්මෙල් එක නම් පට්ට. අලුත් පර්ෆියුම් එකක් අරගෙනද කොහෙද.
ඔක්කොමත් හරි කියමුකෝ...
මූ මගේ කණට කොඳුරපු වෙලාවේ තමා මට බයික් එකෙන් බිමට පනින්න හිතුනේ. හොඳ වෙලාවට ඌ දැක්කේ නැත්තේ මගේ ඇඟේ හිරිගඩු පිපිලා තියනවා...දැක්ක නම් වස චාටරේ. ඌ නිසා මගේ ශරීර කුඩුව සලිත උනා කියලා හිතයි නැත්තන්.
![](https://img.wattpad.com/cover/366522712-288-k468539.jpg)
YOU ARE READING
- ආදි -
Non-Fictionආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °