9.

2.1K 324 205
                                    


Main hall එක ඉස්සර කස්ටිය එක්ක කතා කර කර ඉද්දි මොකෙද්ද ගොබ්බ ගෝතයෙක් මගේ සපත්තුව පාගන් ගියා...

අම්මටහුකන්ඩ මූ සපත්තුව පාගලා දැක්කේ නෑ වගේ යනවා.

"සක්කිලියා...මේ අහපන්. උඹටයි මන් මේ කතා කරන්නේ---"

යුවානයට දෙකක් කියන්න කලින් පිනා රුවන් සර් එක්ක main hall එක ඉස්සරහට ආවා. අම්මපා තව ටිකක් පිනා පරක්කු උනා නම් මන් අරූට සපත්තුව ලෙවකන්න දෙනවා.

"ඒහ් ඇයි බන් අරූ හැමතිස්සෙම වලි ඇදගන්න හදන්නේ."

"සිරාවටම සහසා. ආදිට කියලා ඇරගත්ත දවසට තේරෙයි ඕකාට අපරාදේ මූ එක්ක වලියට ආවේ කියලා."

"අනේ මන්දා ඕයි. හැබැයි ඕකව මන් අතාරින්නෙ නෑ ඔහොම වලියට ආවොත් නම්."

සහස්ල එක්ක කතා කර කර ඉද්දිම එතෙන්ට විනයා ඇවිත්,

"හාහා නවත්තගනිල්ලා උඹලගේ කුටු කුටුව. අහගෙන ඉන්න බැරි නම් පලයල්ලා පංති වලට."

මූ නම් හෙන කොඩි විනයක්. ගෑනි වගේ ඔක්කොටම හොට දාගත්ත ගමන් ඉන්නේ.

"හරි ළමයි. පොඩි දේවල් ටිකක් අයෙත් මතක් කරන්නයි ඔයාලව මෙතෙන්ට ගෙන්නුවේ.
ඉතින් හෙට තමයි අපි ට්‍රිප් එක යන්නේ--"

සර් එහෙම කියනවත් එක්කම කොල්ලෝ ටික එක රැලට කෑගහන්න ගත්තා.

"හරි ළමයි කෑගහන්න එපා නිශ්ශබ්ද වෙන්න. විස්තර මුකුත් කියන්න බෑ නේ ඔහොම වචනෙන් වචනෙට හූ තියන්න ගත්තම.

-  ආදි  -Where stories live. Discover now