034❤️

24 4 34
                                    

"ඔන්න බලාගෙන පිටිපස්සේන්....."

මම දැක්කේ අපේ පැත්තට වේගේන් එන අර සුදු නයා වේද්දී අපි නැගටිලා වේගෙන් දුවන්න ගත්තේ යට තියෙන්නේ ගල් ප්‍රපාතයක් කියලා නොහිතාමයි......

අපිට වඩා සිය ගුණයක් වේගවත් ඌ එක්ක අපිට හැරෙන්නවත් බැරි වෙද්දී අඩියට දෙකට ඌ අපි ලගට ඇවිත් ඉවරයි .....

"අල්ලෝරා මේෆේන්සා....."

"මොකක් කිව්වා ....."

මොනාද මේ ජිප්සම් කොටා කියන්නේ
තේරේන්න කියන මගුලක් කියන්නේත් නෑ ....මගුල පස්සේ මම මොනාහරි ඇහුවාම මගේ දිහා බලන්නේ හරියට මම තමා මේ ලොකේ ඉන්න ලොකුම බුරුවා ගාණට......ඇරත් මොකද මේ නයා එක තැන ඇඹරෙන්නේ හරියට ස්ලෝ මොශන් කරලා වගේ......

" වේලාවක් නෑ මේවා කියලා දෙන්න අපිට සිද්ද වෙනවා ෆාරුකාව පාලනය කරන්න.... ඔයා සුර්‍ය ආත්මය නිසා උත්සහා කරන්න ..... මට මොනම හේතුවකටවත් නියම ස්ථානයට යනකම් උබට කිසිවක් පැවසිමට අවසර නෑ මේ මුළු චන්ද්‍ර අඩවියම තුල අදුරු මායව රජ කරනවා මම පිට කරන එක වචනයකට උබගේ සියලු අරමුන් විනාශ කරලීමට හැකියාව ඇති බව සිහියේ තබා ගනු ......."

මම පුදුමයෙන් පුදුම වුනේ දැනටමත් මේයා දන්නවා මම සුර්‍ය ආත්මය කියලා චන්ද්‍ර වංශිකයෝ මාත් එක්ක සිටින්නේ වෛරයකින් නම් ඇයි මේ වේනකම් මේ පොඩි එකා මට මුකුත් නොකරේ......

"ඔයා දන්නවා මම සුර්‍ය ආත්මය කියලා....."

"නැතිනම් ......නුඹ සිතනවාද අදුරු ෆෙස්සා වනය පහුකරන් එන්න තරම් සාමන්‍ය මනුෂ ආත්මයකට පුලුවන් කියලා කලින් පැමිණියේ නුඹේ සොහොයුරේක් බව ස්තිර වුයේ ඔහුගේ පපුව මත දිලුණ රන් පැහැ ආලෝකයයි......නැතිනම් ඔහුගේද දුවිලි අංශුවක්වත් මේ අඩවියෙන් ආපසු නොයන්නට තිබුනා......"

මගේ ඇගිලි පාර ....ම්ම් දිශ්ව ලකුණු කරලා තිබ්බ එකම ලොකු දේයක් නැත්තම් මොනවැයි මොනවා වෙන්න තිබ්බාද කියලා හිතන්නවත් වුවමනාවක් නෑ මට......

" එත් මම කොහොමද චන්ද්‍ර වංශයට අයිති හැපින්නක් පාලනය කරන්නේ......"

"ඔය හැපින්නක් නොවේයි මනුස්ස ප්‍රාණියෝ ඔය සිටින්නේ ෆාරුකා ......චන්ද්‍ර ආත්මයගේ සුරතලා ...."

Love shackles Where stories live. Discover now