11 පරිච්ඡේදය

90 13 1
                                    

.
.
.
.
.

හිරුණ හිටියෙ ලොකු බයක් හිත යට හිරකරන්...එයා දැන් ඉන්නෙ එයාගෙ සුදු නැන්දගේ ගෙදර ඉස්සරහ...මහ විශාල නොවුනත් තට්ටු දෙකට හදපු ලස්සන ගෙදර දැක්කම හිරුණගෙ යටපත් කරන් හිටපු බය පොඩ්ඩ පොඩ්ඩ ආයෙම උඩට මතුවෙන්න ගත්තා.එහෙමම හිරුණ බැලුවෙ ගෙදර වම්පැත්තට වෙන්න තිබ්බ බැල්කනි එක දිහා.ඒ වෙනකොටත් කළු පාට ගැඹුරු නමුත් හැඟීම් පිරුණු ඇස් දෙකක් හිරුණ දිහා බලන් හිටියා...ඒ මුණේ හිනාවක් නොතිබුනත් ඒ ඇස් වලින් හිරුණ දැක්ක ආර්යය ඉන්නෙ සතුටින් වගේම තමන්ගෙ තීරණේ දැනගන්න කුතුහලෙන් කියලා.

ආර්යය දිහා ටික වෙලාවක් බලන් හිටපු හිරුණ තමන් අතේ තිබුන සුදු නැන්දට එහෙම නැත්තන් ආර්යගෙ අම්මට ගත්ත තෑග්ගත් පපුවට තුරුල් කරන් ගෙට ඇතුල් වුනේ කලින් කිසිම දවසක ඒ ගෙදරට ඇතුල් වෙලා නෑ වගේ බයෙන්....කොච්චරනන් තමන් මේ ගෙදරට එනවද යනවද...හැබැයි කවදාවත් මේ තරන් බයක් කලබලකාරී ගතියක් හිරුණට දැනිලා නෑ....

මෝඩ ආර්යයය තමයි මේ හැමදේටම මුල.....දැන් ඉන්නවා මොකාද එකා වගේ පාර බලන් හුහ්...😒😒😒

හිරුණ හිතින් ආර්යව මස් කරල විකුනලත් ඉවරයි....

.
.
.
.
.

"හිරූ බබා!!"

"සුදු නැන්දි"

බයෙන් බයෙන් වගේ ගේ ඇතුලට එන හිරුණව දැකපු එයාගෙ සුදු නැන්දා හිරුණට එයා විතරක්ම කියන නම කියලා හිරුණ ළඟට ගියේ හිරුණත් එයාගෙ සුදු නැන්දි ළඟට දුවන් එද්දි....

"මගේ මැණික....මිස් යූ සෝ මච් බබා"

"මී ටූ නැන්දි"

හිරුනව බදාගෙන ඉන්න තමන්ගෙ අම්ම දිහා වගේම හිරුණ දිහාත් බලපු ආර්යයටනන් මේක පෙනුනෙ මලම කෝලමක් වගේ...යකෝ මේ ඊයෙ හවසත් දැක්ක කොල්ල...හරියට නිකන් අවුරුදු ගානකින් දැක්ක වගේනේ....බදාගෙන වෙලීගෙන...මිච් යූ ගාන්නෙ නිකන්....කොහොම වුනත් ඔච්චර බදාගන්න ඕන නෑනේ...අර අර කිසුත් දෙනවා ඒ මදිවට....මලම කෝලමක් වුනානේ මේක 😒

ආර්යට මෙච්චරටම ඉරිසියා හිතුනෙ එයාගෙ අම්ම වෙන කොල්ලෙක්ව බදන් ඉඹපු හින්දද නැත්තන් හිරුණව තමන් නැතුව වෙන කෙනෙක් ඉඹපු එකටද කියන්න දන්නෙ ඉතින් ආර්යය කොල්ලම තමයි....

෴ හිතුවෙවත් නැති දවසක් ෴Where stories live. Discover now