An Investigation.

33 9 78
                                    

Continuing Beomgyu's pov.

ඒක හෙන අමුතුයි තමා.ඒත් හීසංලගෙ බංගලාවෙ සිද්ධ වෙන දේවල් පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා.

කොහොමහරි ඉතින්...

ආ...

අපෙ ලොකු හ්‍යුනා අර හේල් කොලුවවත් එක්කන් ගෙදර ඇවිල්ලනෙ.

අපෙ ගෙදර නෙවේ.උගෙ ගෙදර.මට ඕපෙ හොයන්න යන්න විදියක් තිබුනෙත් නෑ ටේයියා බබා පාට් එක දාන් හිටිය නිසා.

Soobin : ඔයාට චීස් කෑල්ලක් දෙන්නද කන්න?

ගෙදෙට්ට පොඩි එකෙක් ඇවිත් කියන්නෙ අපෙ සූබින් හ්‍යුන් කෙලින්ම ඔම්මගෙ චරිතෙට බහිනවා ආයෙ දෙයක් නෑ.

යොන්ජුන් හ්‍යුන් හේල්ට සාලෙ ඉන්න කියලා වොශ් එකක් දාගන්න ගිය වෙලේ සූබින් හ්‍යුන් කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරලා ඇතුළෙ ස්ටොක් කරගෙන ඉන්න අනම් මනම් කෑම ජාති හැම එකකගෙම නම් හේල්ට කියාගෙන කියාගෙන ගියේ අන්න ඒ නිසයි.

නිකමට හිතුවොත් අපි පස් දෙනා එක පවුලක් කියලා මගේ මතේට අනුව අපේ පවුලෙ අම්මගෙ චරිතෙ සූබින් හ්‍යුන්ට හොඳටෝම ගැළපෙනෝ.එතකොට තාත්තගෙ චරිතෙ යොන්ජුන් හ්‍යුන්ට එකෙන්ම සෙට්.

මම?

නෑ නෑ මම අක්කගෙ චරිතෙට නෙවේ.. අයියගෙ චරිතෙට තමා ගැළපෙන්නෙ.ඊට වඩා නැනී වුනත් අවුලක් නෑ.ඇයි යකූ පොඩි එවුන් දෙන්නව මටනෙ බලාගන්න වෙලා තියෙන්නෙ.හොඳ පොඩි.

උන්ට කියන්න ඕනි වයසින් මුහුපුරා ගිය පොඩි එවුන් කියලා.

Soobin : ආ මෙන්න.. ඔයා චීස් කන්න ආස නැද්ද කොල්ලො?

චීස් පෙට්ටියත් උස්සන් සාලෙට ඇවිත් හේල් ගාව වාඩි වුන මූ පෙට්ටියෙන් චීස් කෑල්ලක් අරන් කවරෙ අයින් කරලා කොල්ලගෙ අතටම දුන්නෙ මූ නිකන් බබෙක් කියලා හිතන්ද දන්නෑ.

ඌ බබෙක් නෙවෙයි යකූ.

උට වයස අවුරුදු දහ තුනයිලු.(දැනට මේ කතාවෙ ඉන්න පොඩිම එවුන්ගෙන් එක්කෙනෙක් මූ.අනික් එක මුගෙ කිඹුල් සහෝදරී,හනා)

කොහොමහරි ඉතින් අපෙ ලොකු බ්‍රෝ නාගෙන එන ටිකට සූබින් හ්‍යුන් හේල්ට හීස් පෙට්ටියම කැව්වා.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now