😌 ගම්බැද්ද 😏✋

301 49 80
                                    

මගේ නම , හුනුපිටියගේ පහන් දේව් ප්‍රභාෂ් ! ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ නම , හුනුපිටියගේ පහන් දේව් ප්‍රභාෂ් ! ය. ගෙදර ට සුදු පුතාය . මගෙ ප්‍රාණ සම මිතුරන්ට මා හා දතාය , පොල් දතාය , ලේන් දතාය. නමම පහනක් හන්දා අපෙ අම්මා කියන විදිහට ගෙදර ට විතරක් නෙවෙයි ගමටත් මම ආලෝකයක් ලු ය . ආලෝකෙ කොච්චර ද කියනවා නං ගමට කරන්ට් කැපුව දවස් වලට ගමේ උදවිය මාව හොයන් එන්න්නෙ ඉටිපන්දම් පත්තු කර ගන්න . මොකද කළුවරේ ගිනි පෙට්ටි හොයාගන්න බැරි හන්දා.

අපේ ගම තරමක් පිටිසරය. කඩමන්ඩිය පිහිටියේ ගම කෙළවරය . රොසලින් ආච්චි හැමතිස්සෙම කියන්නෙ ඔහොම. හොරොව්පතාන උන අපේ ගමේ " පිපෙන කැකුලු මහා ළමා සමාජයේ " සභාපති උනෙත් මං. භාන්ඩාගාරික වගේම ලේකම් උනෙ මගෙ ප්‍රාණ සම මිතුරන් දෙදෙනා.

                      හුනුපිටියගේ සුගත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හුනුපිටියගේ සුගත්

මගෙ අයියාගෙ නම හුනුපිටියගේ සුගත් ය. ගමේ උදවිය ඔහුව හැදින්වූයේ පොල් සුගත් යනුවෙනි. මොකද කිව්වොත් අපිට පොල් අක්කර තුනක ඉඩමක් ඇත. එහි කුරුම්බා කඩන ගැන්සියේ නායකයා අපෙ අයියාය. ඔහුට එම පොල් , කුරුම්බා ගෙදර ද , අල්ලපු වත්තේද , පන්සල් වත්තේද කියා අදාල නොවෙයි. අප්පච්චි කියන විදිහට කවදා හරි අපිට පාරට බහින්න වෙන්නෙ අපේ අයියාගේ පොල් කැඩීම නිසාය . අපෙ අයියා ගෙ ගැන්සියේ දෙවනියා වනුයේ ගමේ ලිද ලග සංගමේ කතානායක තනතුර හොබයන සිරීමලීගේ පුත් පී . සුභපැතුම් ය. ගමේ උදවිය පවසන්නේ ඔහු සුභපැතුම් නොව මනෝ පැතුම් යනුවෙනි.

😌" ගම්බැද්ද "🤚( Yizhan , Taekook , Namjin , Yoonmin , Jakhope)Where stories live. Discover now