රොටී ටික කාලා දාපූ අපි දෙන්නා ඇඳට ගිහින් වැටුණේ මහන්සියටත් එක්කමයි...
පහුවදා උදේම නැගිට්ට මං ඔෆිස් එකට ගියත් කිසිම ගෝ එකක් තිබ්බේ නෑ... දවසම මහන්සි වෙලා ඔෆිස් එකේ තිබ්බ වැඩ කන්දරාව ඉවර කරලා ආයේ සිතුවා එක්කම එපාර්ට්මන්ට් එකට ආවා...
රෑට නුඩ්ල්ස් එක්ක චිකන් හොද්දක් හැදූ සිතුවා මට කන්න එන්න කිව්ව නිසා කෑම මේසේට ගිහින් කෑම ටික බෙදාගත්තා...
නුඩ්ල්ස් ටික හෙමීට කන ගමන් මං ෆේස්බුක් එකේ ස්ක්‍රොල් කර කර පෝස්ට් වගයක් බල බල හිටියා...
එතකොටම කෝල් එකක් ආවේ සාවීගෙන්...
හෙලෝ සාවී
හෙලෝ අක්කේ මං හෙට උදේ ඔෆිස් එන්න ටිකක් පරක්කු වෙනවා...
ඒ මොකද ඒ
හෙට තාත්තව ආයේ හොස්පිට්ල් එක්කන් ගිහින් එයාව එහේ ඇඩ්මිට් කරලා තමා මං එන්න ඕනේ...
හ්ම් හරි ඒකට කමක් නෑ. ඒ වැඩේ ඉවර කරලා එන්න එහෙනම්.
හරි අක්කේ තැන්කිව්.
හරි සාවී පරිස්සමෙන් ඒනම් බුදු සරණයි.
හරි අක්කේ බුදු සරණයි ඔයත් පරිස්සමෙන්...
කකා හිටපු එකත් දාලා කෝල් එක ගන්න ගියේ. ආයේ කන්න හදද්දී සිතුවා මං දිහා බලන් ඉන්නවා... මූණ නිකම් කජු ලෙල්ලක් වගේ කරගෙන...
" කොහෙද හලෝ කකා ඉන්න එකත් දාලා ගිහින් තියෙන්නේ.. රස්නෙන් කන්න ඕන නිසා කෑම හදලා දුන්නම මේකී ඒක දාලා ගිහින් කෝල් කතා කර කර ඉන්නවා. වෙනදට උඹ ඕම නෑ. කවුරු කතා කරත් උඹ කාලා ඉවර වෙලා කෝල් ආන්සර් කරන්නේ... කවුද ඔච්චර හදිස්සිකාරයා... අහ්හ්හ්... 😒 "
YOU ARE READING
~ නොනිමි ආදරයක මතක ~
Fantasyඅවිනිශ්චිත සිදුවීම් අතර දෝලනය වන ජීවිතයක චරිත අතර ඇතිවන රසවත් හමුවීම් හා සංවාද