නොනිමි ආදරයක මතක - 6 කොටස

2 0 0
                                    

පුටුවේ එහෙම්මම මට නින්ද ගිහින්. සිතුවා ඇවිත් ඇහැරවනකම් මං දන්නෙත් නෑ. හිත හිතා හිටපු දේවල් නිසා කඳුලු ඇවිත්. ලැජ්ජාවේ බෑ සිතුවත් ලඟ...
ඉක්මනට කඳුලු ටික පිහිදගත්තා.

" නෑ නෑ මුකුත් නෑ බං... ටිකක් විතර ඔලුව කැක්කුමක් ඇල්ලුවා... එහෙම්මම පුටුවේ නිදාගත්තා... "

" පැනඩොල් දෙකක් ගෙනත් දෙන්නම්... "

" එපා සිතුවෝ... තව ටිකකින් යනවනේ... ඕක එහෙම්මම ඇරිලා යයි... "

" හරි රනූවෝ... මේ බොස් කිව්වා මේල්ස් ටික පොඩ්ඩක් ඔයාට බලන්න කියලා... උඹට අමාරු නම් මං බලන්නම්.... "

" නෑ නෑ... මචෝ මං බලන්නම්... අවුලක් නෑ... "

සිතුවා ගියාට පස්සේ මං මේල්ස් ටික බලලා ඉවරයක් කලා. ඒත් ඔලුවේ කැක්කුම තාමත් ඒ විදියට. එපාර්ට්මන්ට් එකට ගිය ගමන් ඇලට් එකක් දැම්මේ හිතේ අමාරුවයි, ගතේ අමාරුවයි දෙකම තියෙන නිසා...

එකපාරටම ආපු සද්දයක් නිසා මට ඇහැරුණා. ෆෝන් එකෙන් වෙලාව බලද්දි නවයටත් කිට්ටුයි. එහෙම්ම නැගිට්ට මං වොෂ් එකක් දාගෙන ඉස්සරහට යද්දී සිතුවා රෑ කෑම හදලත් ඉවරයි.

මං ගිහින් කුස්සියට එබුණේ මොනවද හදලා තියෙන්නේ කියලා බලන්න. චිකන් ඩෙවල්, චිලී පේස්ට් එක්ක ෆ්‍රයිඩ් රයිස් හදලා තිබ්බේ... ඒකේ සුවඳට මට බඩගින්න ඇවිස්සුණා...

ඒත් සිතුවා පේන්න හිටියේ නෑ. මං ගිහින් සාලේ පැත්තේ බලද්දී මේකී ෆෝන් එක කනේ ගහන් සද්දෙන් හිනා වෙවී කයිය ගහනවා... සුවර් එකටම අර වෙන්ඩ හබියා වෙන්න ඇති...😒😒😒

" අහ් රනුවෝ.... උඹ නැගිට්ටද බං... උඹට අමාරු නිසා  ඇහැරෙව්වේ නෑ... "

" ඒක හොඳයි... මට දැන් අඩුයි ඔලුවේ කැක්කුම... "

" කමුද.... "

" කමු... මට හොඳටම බඩගිනී.... "

" අහ් හාමු නෝනා වගේ ඉන්නවා... පොඩ්ඩක් උදව් වෙයන්කෝ බං කුස්සියේ වැඩ වලට... මං හැමදාම උඹට කන්න උයලා දෙන්නම් මං ඉන්නකම්... මං නැති දවසට උඹට කන්න නැතුව බඩගින්නේ ඉන්න වෙන්නේ... " 😐

" ඉතින් ඒකටනේ බං කඩ තියෙන්නේ... මං කඩේන් කනවා.... " 😁😁😁
" අනික බං මට ඔය ගෑනු වැඩ බෑ බං... උඹ දන්නවනේ ඕවා මට අල්ලන් නෑ කියලා... "

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now