නොනිමි ආදරයක මතක - 2 කොටස

3 0 0
                                    

" රනූ.... රනූ.... ඇරපංකෝ බං මේ දොර... "

" මොකද බං මේ බෙරිහන් දෙන්නේ. ටිකක් ඉඳහං මං එනකම්... "

එහෙම කියන ගමන් මං දොර අරින කොට දැක්කේ අතින් කටින් මළු වගයක් එල්ලගෙන ඉන්න සිතුලිය.

තාම හත පහුවුණා විතරයි. සිතුලිත් පාර්ටි එකට ඉඳලා නෑ. හැබැයි ශොපින් පාරක් දාලා ඇවිත්.

අහ්.. සිතුලි තමා මගේ එපාර්ට්මන්ට් එකේ රූම්මේට්. මං ඒකට කතා කරන්නේ සිතුවා කියලා. සිතුවත් මගේ ඔෆිස් එකේම තමා වැඩ. මගෙන් පස්සේ වැඩ බලන්න ඉන්නේ ඉතින් සිතුවා තමයි. මගේ එහාපැත්තේ මේසේ සඟයා. මං අද ඒ කෙල්ලව දාලා ආවනේ. හී හී. ඒක තමයි ඔය දුම්මල වරමත් අරන් කාමරේට ආවේ.

" හිටපං මං උඹව අල්ලගන්න රනුවෝ. මගේ අතේ මේ අඩුම කුඩුම තිබ්බේ නැත්නම් බලාගන්න තිබ්බා මං බොට කරන දේ... "

ඔන්න ඉතින් සිතුවා දෙහි කපන්න ගත්තා. ඒක කියන ගමන් රැව්වා නිකන් මාව විනිවිද යන්න. මට නම් බයත් එක්ක හිනාත් යනවා. ඒකි ඒක දැක්කොත් කියලා පට්ට අමාරුවෙන් කටවහන් හිටියේ. මං දන්නවා කොයි වෙලාවක හරි හිනාව ගෙම්බා පනිනවා වගේ මගේ කටින් පනිනවා කියලා.

ගෙනාපු බඩු මුට්ටු ටික අපේ කාමරේ කෑම මේසේ උඩින් තිබ්බ සිතුලි ගියේ වොෂ් එකක් දාගෙන එන්න. ( විටෙක එය කෑම මේසයකි, විටෙක ලියන මේසයක්ද වන අතර සමහර විටෙක මගේ කිළිටි රෙදි වනන්නේද එය මතය. 😁😁😁)

නැවුම් මැටි කළයක්, දර මිටියක්, චූටි මැටි ලිපක්, ලොකු ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් එක්ක තව උයන්න පිහින්න ඕන බඩු එළවළු මේ සේරම සිතුලියා ගෙනාපු බඩු ලැයිස්තුවේ තිබ්බ ඒවා.

සිතුවා නම් ජයටම නව වසර පිළිගන්න ලෑස්තිය. මට ඉතිම් කොහෙද ඕවාට කල්පනාව. ඒකී ඔක්කොම ගෙනල්ලා. මට පොඩි දුකකුත් ආවා සිතුවා ගැන. ඒකිට ඕන මාව සතුටින් තියන්න. මේ හැමදේම කරන්නේ ඒ වෙනුවෙන්. මගේ අතිජාත මිත්‍රයා, අපාය සහායකයා මගේ හැමදේම ඕකා.

" අහ්.. කෙල්ල මනෝ පාරක් ගහනවා වගේ... "
සිතුවා පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට තට්ටුවක් දැම්මා.

" නෑ බං උඹ ඉතින් මේ හැමදේම කරට අරන් කරන්නේ මගේ හිත හදලා සතුටින් තියන්නනේ. මං ඒක ගැන හිතුවේ. උඹ ගැන දුකකුත් හිතුණා... "

~ නොනිමි ආදරයක මතක ~Onde histórias criam vida. Descubra agora