7 කොටස

109 18 2
                                    

" අඩේ මං සංගීතය ගැන එච්චර ඇසූ පිරූ තැන් ඇති එකෙක් නෙවෙයි..! "

" ඒකට තමයි විහස් අයියා ඉන්නෙ.. පොර ගානට තවුසෙව ට්‍රැක් එකට ගනී.. තවුසෙට තියෙන්නෙ ඌ කියන පදේට ගයන්න විතරයි.. සරලයි සුගමයි.. ආගමිකයි සංස්කෘතිකයි.. "

" හෝව් හෝව්.. ඔකෙස්ට්‍රා එකයි ආගමයි සංස්කෘතියයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද.. "

" තවුසෙට ඒක අදාල නෑනෙ.. ප#ක් කියන්නැතුව හිටහන්.. "

" යැයි යැයි ගාන්නැතුව හෙට ඉඳන් ප්‍රැක්ටිස් වරෙන්.. මායි අන්න අර හොටු පේත්ත සන්ශයිනුයි ඔබේ සහයට ඉන්නවා.. "

" මේහ්.. අන්කල් එනවනෙ කලා උළෙල බලන්න..? "

" Definitely මං එනවා.. "

අපි එළියට එද්දි අමියා ඉන්නවා සන්ශයින්ගෙ බව්වගෙ බඩ කුචු කව කවා.. මුගෙ ආගමේ තියෙනවා එක නියමයක් 'බල්ලො ඇඟේ ගාගන්න එපා.. හොඳ නෑ' ඔන්න ඔහොම අමුතු එකක්.. මං දන්නැද්ද ඕකා කරන්නෙම එපා කියන එකනෙ.. ඌ බල්ලො ඉන්න ගෙදරකට ගියාම ඌව අතගාලා ඉඹලා කරලා වඩාගෙන කරන සේරම ටික කරනවා.. බල්ලව ගෙදර ගේන්නැති එක විතරයි කරන්නෙ.. ඌ කියන්නෙ මොන ලබ්බක් උනත් අනාගතයෙදි බල්ලෙක් ගේනවා කියලමයි.. ඕකගෙ හැටියට අනිවා බල්ලෙක් ගෙනෙයි..

" අපි යනෝ අන්කල්.. "

" ඕකේ.. පරිස්සමෙන් යන්න.. "

" හෙට වරෙන් ඈ.. "

අපි සෙට් එක පාරට ඇවිත් යන්න කලින් කියන සේරම පරුෂ වචන ටික කියාගෙන යන දිහාවල්වලට බෙදිල ගියා.. මායි අමියයි කදේ දාගෙන පාර දිගේ ඇවිදගෙන ගියා..

" පවනි නේද කතාකරේ.. "

" හ්ම්.. මට හිතුණා උඹ එවෙලෙ කතාව වෙනස් කරේ වැඩේ අල්ලගෙන කියලා.. "

" මොකද දන්නෑ කතාකරේ.. "

" කවුද දන්නෙ බං.. කලින් කෝල් ගත්තට අදනෙ කතාකරේ.. "

" තවුසෙට තාම මෙව්වා එකක් තියෙයිද බං.. "

" පිස්සුද බං.. මට ඇති ලබ්බක් නෑ.. මං ඕවා අමතක කරල ඉන්නෙ.. ඕක ඔහොමම යට ගියදෙන්.. "

" දැට්ස් මා බනී.. ඒක නෙවෙයි ඒයි.. අර හු#තෙ බයික් පොරව හොයාගත්තද.. "

සෙංකඩගල අහස යට (Taekook)Where stories live. Discover now