මෙච්චර වෙලා නොතිබ්බ සද්දයක් එද්දි විනෝද් මලපැනල මේසෙට සද්දෙන් එකක් ගහල කෑගහන් නැගිට්ටා...

කියවිල්ල නවත්තල ඉක්මන් කරනව...අපිට වැඩ ගොඩක් තියනව... තමුසෙලගෙ කෝලං බලන්න නෙමේ මෙතන්ට ආවෙ...

මෙච්චර වෙලා හිනා වෙවී ඉඳිය මතීශත් හිනාව නවත්තල රවාගෙන ඊට නොදෙවෙනි වෙන්නම කෑගැහුව...

මිනිස්සු සතුටෙන් ඉන්නව බලන්න බැයිද තමුසෙලට ? අනික මේක තමුසෙගෙ තැනක් නෙමේ තමුසෙට ඕන විදියට ඉන්න... තේරුනාද මිස්ටර් ? මෙතන මගෙ ? ගොට් ඉට් ? මෙතන දේවල් සිද්ධ වෙන්නෙ මටෝන විදියට හරිද මිස්ටර් ? මගෙ කෲ එක මට ඕන විදියට වැඩ කරයි.. එක්කො අපි මේ ටික දෙනකල් ඉන්න පුලුවන් නැත්තන් නැගිටල ආව අතක් බලන් යන්න පුලුවන්... කියවන් ආවොත් වහ දාල දෙන්නෙ බලාගන්නවලා...

මතීශ ඇඟිල්ලකුත් දික් කරල විනෝද්ට බැනල ආයෙමත් පුරුදු විදියට වැඩ කරන්න ගත්තා...


අම්මෝහ්හ්...හාහ්හ්😅😅ටහිකේ හුත්තො උඹට හොඳවැඩේ😅...අඩෝ බලපන්කො බ්ලැක් ශැඩෝ කැෆේ එකක වැඩ කරන කොල්ලෙක්ගෙන් කුණුවෙන්න බැනුං අහල අම්මෝ...

පුටුවටත් පයින් එකක් ගහපු විනෝද් ශොප් එකෙන් එලියට ආවෙ ගාඩ්ලා තුන් දෙනෙකුත් එයාව ගාඩ් කරන්න පස්සෙන් එද්දි...

ආහ් ශිට් උඹ මට අහු වෙයන්කො හම ගලවනව සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේට උඹගෙ...

තනියෙන් කුටුකුටු ගගා බැනල ඩිෆෙන්ඩර් එකේ බොනට් එක උඩින් වාඩි වෙලා සිගරට් එකක් කටේ ගහගන විනෝද් ෆෝන් එක ඔන් කලා...

Ahas❤️..

Parissamata winod aiyee...I'm waiting for youu!


මැසේජ් එකට හාට් දෙකක් දාල ආයම ෆෝන් එක පැත්තකට දාල එහෙම්ම වින්ඩෝ එකට හේත්තුවක් දාගන විනෝද්ට එදා තමන්ගෙ තාත්ත මැරුනයි කියපු වෙලේ ඉඳන් සිදුවීම් එකින් එක මතක් උනා...

: විනෝද් කලබල නොවී අහපන්... දැන් වෙච්ච වෙඩි හුවමාරුවකින් උඹලගෙ තාත්තයි...තව කෙනෙකුයී මැරිල... සැක කරන්නෙ ඒ දෙන්න වෙඩි තියාගන කියල...


Mr. Mysterious! || yizhan (slow update)Where stories live. Discover now