" ආපහු කියන්න....මට නංගි කියලා...මේ ඇත්තටම නේද...."

" ඔව්....මට සමාවෙන්න...."

" අනේ අයියෙ ඒකට කමක් නැහැ....දැන් හරි ඔයා මට ආදරෙන් සළකයිනෙ....."

" අද අපි රෑට කෑමකට යන්...."

" ඔය ඇත්තටමද...."

" ඔව් "

එයාගෙ ඇස් සතුටින් දිලිසුණේ මට එයාව කොච්චරක් නම් මඟ ඇරිලද කියල පෙන්නන ගමන්...මන් ආයෙත් ඔයාව තනිකරන්නෙ නෑ මගෙ නංගි මට බැරිවෙන දවසක් එනකම්ම....

" මට හරි සතුටුයි අයියෙ....ඒ කියන්නෙ මටත් දැන් අනිත් අය තමන්ගෙ අයියල එක්ක කරන හැමදේම කරන්න පුළුවන් නේද..."

" ඔව්....ඔයාට පුළුවන්....අද අපි රෑට යන්නෙ මගෙ බයික් එකේ...."

"ඇත්තටමද අයියෙ...මන් ගොඩක් දවස් බලන් හිටියා...."

" අද ඒ දවස ආවනෙ.....ඇති තරම් විනෝද වෙන්න....."

~~~

මන් තාමත් කාමරෙන් එළියට නොගියෙ අර දෙන්නගෙ මුකුළුව මට බලාගන්න කිසිම උවමනාවක් නැතිනිසා...තේජාන් අයියට අපෙ අයියව දැක්කට පස්සෙ මාවත් අමතක වුනා..ඇයි එදා අපේ අයියා එහෙනම් නිකමටවත් එයා කලින් ඉදන්ම තේජාන් අයියව දන්නව කියල නොකිව්වෙ...ඒ දෙන්න අතර එහෙම විශේෂ මුකුත් නැත්තන් ඇයි ඒ දෙන්නා මාවත් එළවගෙන තනියම කුටු කුටු ගෑවෙ....ඒ කියන්නෙ මාව එයාලට කරදරක් කියන එකනෙ....මන් මොකටද ඒ දෙන්නට වදයක් වෙන්නෙ..

දින සති මාස ගෙවුනා...මන් තේජාන් අයියව ගණන් ගත්තෙ නෑ...අපෙ අයියට වැඩිය මූණ දුන්නෙත් නැහැ...දන්නවද අයියා මාව බලෙන්ම බයෝ වලට දාන්න ඉන්නෙ..දැන් මන් බයෝ කරන්න ඉන්නෙ අයියගෙ බලේට....අයිය ඉස්සර වගේ නෙවේ.....එයා මාව පාලනය කරනව......එයා වෙනස් වෙලා...මන් කොච්චර බැහැ කිව්වත් එයා මාව බලෙන්ම මන් අකමැති විෂයක් වෙන බයෝ කරන්න පෙළඹෙවුව්වා.....එයා ඉස්සර එහෙම කිසිම දේකට මට බල කරන්නෙ නැහැ.....

ආ තේජාන් අයියා දැන් ඉස්කෝලෙ අවුට් වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ...මොකද එයා ගිය සතියෙ ඒලෙවල් ලිව්වා....ඒලේවල් කිව්වම මතක් උනේ මට ඕලෙවල්වලට  A නවයක් තිබ්බා...මන් පිළිගන්නව ඒ හැමදේම තේජාන් අයියා නිසා කියල....ඒත්.....මන් ඇයි මන් වෙනුවෙන් එච්චර දෙයක් කරපු තේජාන් අයියව මඟ අරින්නෙ කියල මටවත් තේරෙන්නෙ නෑ...අනිද්දට අපි සබ්ජෙක්‍ට් තෝරගන්න ඕන...මට ඕන නෑ බයෝ කරන්න...ආර්ට් හරි කොමස් හරි කරන්න තිබ්බනම් ඇති.....තයන්සානම් නිදහස් ඒකිව හයි එඩියුකේෂන්වලට england යවලා..ඒ අස්සෙ නවෝදයා බූටක් කාලා වගෙ ටික දවසක් ඉදල එකපාරටම කිව්ව කියාපි එහෙනම් මාත් ආර්ට් කරනව කියල.....පව් මොනා උනත් ඒ ලව් එකට කාගෙ ඇස්වහක් වැදුනද මන්දා....

~අනුරාගික සිත්~ || BL || NonficNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ