මේ අතර නුරායා දෙස මොහොතක් බලා සිටී අරවින්දත් සූදානම් වූයේ ඈ සමීපයට යාමටයි. ඇය සිටී ස්වභාවය අනුව මේ මොහොතේ ඇයට මිතුරෙකුගේ සේවයක් අවැසි බව ඔහුට හොඳින්ම දැනුනා. නමුත් ඈ වෙතට යාමට සැරසුණු ඔහුගේ සුදු කමිස අතක් පසෙකට ඇදුනු නිසාවෙනුයි අරවින්ද පසුපස බැලුවේ. ඒ නිරාශා විය. ඈ හිස දෙපසට වනා ඔහුට පැවසුවේ එසේ නොකරන ලෙසයි. ඉන්පසුව හිසින් ඉඟි කර පෙන්වූයේ සේපාලිකාවයි. ඉතිං සේපාලිකා ද සිටියේ නුරායාට නොදෙවෙනි තත්ත්වයකයි. ඇය සිටියේ අතිශයින්ම වේදනාවෙන් බව අරවින්ද නොදන්නවා නොවේ. තම නැගණියට මෙවැනි තත්ත්වයක් උදා වූයේ රදීෂ් නිසා බව ඔහු නොදන්නවා නොවෙයි. නමුත් නුරායා පිළිබඳව අරවින්දගේ සිතෙහි ඇතිවූයේ අනුකම්පාවකි. කෙසේනමුත් නිරාශාට කීකරුව ඔහු ද අසුන්ගත්තේ බර සුසුමක් හෙළමිනි.

තවත් සුළු මොහොතකින් පැති දොරක් ඇරුණු අතර, ඉන් නඩු ශාලාව තුළට පැමිණියේ විත්තිකරුයි. එනම් රදීෂ්‍ ය. නුරායා හට තම අසුනින් නැගිටුනේ ඉබේටමයි. ඈ හඬමින්ම ඔහු දෙස බලා සිටියත්, ඔහු හිස ඔසවා කිසිවෙකු දෙස බැලුවේ නැත. බිම බලාගෙන සීරුවට අඩිය තැබූ රදීෂ්, චූදිතයාට වෙන්වූ කූඩුව වෙතට නැගුණා.

“අනේ.. එයාට.. ගහලා එයාලා.. මාංචුත් දාලා..” නුරායා කෙඳිරිලි හඬකින් මුමුණාගනිමින් හඬන්නට වූයේ, රදීෂ්ගේ වතෙහි දක්නට ලැබුණු රත් පැහැති පැල්ලම් නිසාවෙනි. ඒ දෙතොල් පැලී නිල්ව තිබුණි. ඉතිං ඔවුන් ඔහුට පහර දී ඇත.

“අනේ.. එයා එහෙම.. ගුටි කන්න ඕනේ.. කෙනෙක් නෙවෙයි…” නුරායා තව තවත් හඬා වැටුනේ ඔහුව මෙලෙස බැලීමට ඇයට අවශ්‍ය නොවූ නිසයි.

එක්වරම සියලුදෙනාම නැගී සිටියේ විනිසුරුවරයාගේ සම්ප්‍රාප්තිය නිසාවෙනි.

නඩුව ඇරඹුනේ රජයේ නීතීඥවරයාගේ චෝදනා පත්‍රයෙනි.

“Your Honor, මේ මොහොතේත් චූදිතයාගේ අතින් සාහසික අන්දමින් මරණ තුවාල ලබා සිටින එක් වින්දිතයෙක් සිටින්නේ රෝහල් දැඩි සත්කාර ඒකකයේ කෝමා තත්ත්වයෙන් කියලා මතක් කරන්න මම කැමතියි. මේ ඉන්න චූදිතයා…”

“Objection Your Honor, චූදිතයා නෙවෙයි සැකකරු කියලා වෙනස් වෙන්න ඕනේ” නිමේෂ් එක්වරම නැගී සිට පැවසුවේ තරමක් දැඩි හඩකිනි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now