CHAPTER 9.

135 18 34
                                    

"හ්හ්හ්හ්.... ඕහ්හ්...? ගෝඩ් යූ සීරියස්?"

මං කියපු දේට පුදුම වෙච්ච පාර නේතන් කටත් අත් දෙකෙන්ම වහගෙන ඇස් දෙකත් ලොකු කරලා මං දිහා බැලුවා. මං දිහා බලලා සිහත් දිහා නේතන් බලද්දි සිහත් එයාගෙ තොල් දෙකත් තද කරලා ඔළුව චුට්ටක් වැනලා ඔව් කිව්වම, නේතන් එහෙම්මම ආයෙ මං දිහා බැලුවා.

"ඔව්..."

නේතන් එයාගෙ රියැක්ෂන් එක පොඩ්ඩක්වත් අඩු නොකර මං දිහා තවත් බලාගෙන ඉද්දි මම ඔව් කියන්න ඔළුව වැනුවා

"ඒ... ඒත්...?"
"යෝ තේව්ව්..."

"...."

"ඒත් හොයන්න බෑ නේ... අයි මීන්... "

මම කියපූ දේවල් අහලා නේතන් තාමත් පුදුමෙන්.
පුදුම නොවී ඉදීද, හය වසරෙ ඉදං අපිත් එක්ක ඉදපු යාළුව එහෙම වෙලා කියද්දි පුදුම නොවී ඉදීද.

"ම්ම්.. මං දන්නවා... හිතාගන්න අමාරුයි, මොනා කරන්නද බං මිනිස්සු වෙනස් වෙනවා."

"ඒත් මෙහෙම? අනික බං තේව් කියන්නේ හොද ඩිසිප්ලීන් තියන එකෙක් බං. එක අපි හැමෝම දන්නවා."

නේෂන් එහෙම කියන්නත් මට හිනාගියා.
හහ් ඩිසිපිලීන් තමයි මගෙ කට... උට තියෙන්නෙ ලබ්බෙ ඩිසිප්ලීන් තමා...

අපි තුන්දෙනා හිටියේ පොඩි පිට්ටනියේ කෙලවරම තියන කුඹුක් ගහ යට.
සිහතුයි , නේතනුයි කුඹුක් ගහ යට රවුමට හදලා තියන ගල් බැම්ම වටේ ඉදගෙන ඉන්න අතරෙ ම එතන එහාපැත්තෙ ම තියන පොඩි ලමයින්ගෙ ඔංචිල්ලාවක ඉදගෙන ඔන්චිලි පැද්දා.

අපෙ ඉස්කෝලේ ප්‍රයිමරි ළමයින්ට වෙනවමයි, 5-13 වසර ලමයින්ට වෙනවමයි පිට්ටනි දෙකක් තියනවා. ප්‍රයිමරි පිට්ටනිය තියෙන්නේ ලොකු බිල්ඩින් ගොඩකින් වට වෙලා ඇතුලට වගේ වෙන්න.
පොඩි ලමයි ඇරුනම අපෙ උන් පොඩි පිටිටනිය පැත්තට යන්නෙ එහෙමත් කලාතුරකින්. ඉතිං දවල් එකෙන් විතර පස්සේ ප්‍රයිමරි ලමයි නැති නිසා මේ පැත්ත මාරම නිස්කලංකයි.
ඇරත් අපෙ උන් මේ පැත්තට ආවත් එහෙමත් කලාතුරකින් තමයි කලබලයක් වෙන විදියට සද්දෙ දාන්නේ...

ඔය පිට්ටනියට ඇතුල්වෙන තැනම වම් පැත්තෙ වගේ තමා අපෙ 10 වසර තට්ටු තුනේ බිල්ඩින් එක තියෙන්නේ. ප්‍රයිමරි පිට්ටනියෙ කුබුක් ගහ ළග ඉන්න ඕන කෙනෙක්ට කෙලින්ම පේනවා අපෙ බිල්ඩින් එක. හැබැයි බිල්ඩින් එකේ එක පැත්තක තියන A,B,F,E ක්ලාසස් ටික විතරයි. ඒවයිනුත් වැඩියෙන්ම පේන්නේ A,E පන්ති දෙක.

නොලියූ කවිය || NONFICTIONWhere stories live. Discover now