දඬු මොණරු 34

Start from the beginning
                                    

"මොකෝ කේස් එක. සීයා මොකද කිව්වෙ"

"අම්ම වෙනුවෙන් බණක් කියල දානයක් දෙනවා කිව්ව බං"

"අඩෝ එහෙනම් හොඳයිනෙ,දිසානායක සර් ඒ නෝනට වඩා නම් කොහොමත් හොඳයි බං. දැන් ඉතින් උබ වැඩට එන්නෙත් නෑ නේද "

"දැන් ඇවිත් පොඩි මහත්තයාට කියල නවතිනවා බං, අපරාදෙ උබ ආයෙත් තනියම නේද"

"ඒ ගැන හිතන්න එපා බං, උබ ගෙදර ඉඳපන්. පොඩි එකාගෙ තනියට හරි ඉන්න ලැබෙන එක ලොකු දෙයක්නෙ"

"ඌ ගැනත් හිතලා තමයි බං මං සීයා කිව්ව දේට කැමති උනේ"

අද යශ් අයියා ආවේ නෑ, මං එයාට කිව්වෙ අද වැඩට යන්නෙ නෑ කියලනෙ. දැන් ඉතින් ඒ යකාට අහු වෙන්න කලින් පොඩි මහත්තයා එක්ක කතා කරලා ගෙදර දුවන්නත් එපැයි.

හසා වැඩ කරන්න යද්දි මං සේන මහත්තයා එක්ක ඔෆිස් එකට ආවේ පොඩි මහත්තයා හම්බ වෙන්න.

"මං හිතුවා දිසානායක සර් මේ ගැන දැන ගත්ත ගමන් ඔය ළමයට වැඩට එන්න දෙන්නෙ නෑ කියලා. එයාලා මේ ගමේ ජීවත් වෙන හැටියට කීයට වත් මුණුපුරාට කුලී වැඩ කරන්න දෙන්නෙ නෑ. මං බයේ හිටියෙ ඔය ළමයට රස්සා දීලා මටත් බැනුම් අහන්න වෙයි කියල. ඒත් ඉතින් ඔය ළමයා ඉන්න තත්වේ නොදැන මට රස්සාවක් නොදී ඉන්නත් බැරි උනා. අම්ම තාත්ත නැති උනාම ළමයි අසරණ වෙන හැටි මං ඕන තරම් දැකලා තියෙනවනෙ"

"මේ දවස් ටිකට මට රස්සාවක් දුන්නට පිං පොඩි මහත්තයා. මං නිසා මොකක් හරි වරදක් උනා නම් සමාවෙන්න"

"ඔය ළමයගෙන් මොන වැරදි වෙන්නද. උදව්වක් ඕන උනොත් ඕනම වෙලාවක බය නැතුව මට කියන්න. දැන් පරිස්සමින් ගෙදර යන්න. අර ලී දඬු ටික තව ටිකකින් වාහනේකින් ගේ ළඟට ගෙනත් දායි"

පොඩි මහත්තයා එක්ක කතා කරලා එළියට එද්දී හසා වැඩ. මං දන්නෙත් නෑ මොකක්දෝ මන්දා දෙයක් උගුරේ හිර වෙලා වගේ හැගීමක් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවා. ඌ අද ඉඳන් තනියම වැඩ. ඌත් මං වගේම කොල්ලෙක්නේ. මට ඕන ඌ මෙහෙම දුක් නොවිඳ හොඳ ජීවිතයක් ගත කරනවා දකින්න. ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරලා තමන්ගේ අඩු පාඩු වගේම ගෙදර ගැනත් බලනවා.ඌට කවදා හරි උතුරන්න හරි යන්න ඕන.

දඬු මොණරු Where stories live. Discover now