බෙල්ලත් අත ගගා හිතින් හිතුව මන් අත් දෙකත් පපුවට කරල බැදන් ශීට් එකට හේත්තු උනේ ඊයේ රෑත් දෙක වෙනකන්ම ඇහැරන් එසයිමන්ට් එක කරපු නිසා ඒ නිදාගන්න බැරි උනු එකටත් හරියන්න නින්දක් දාන්න හිතාගෙන...

"කියූ...කියූ නැගිටින්න...කියූ...

හොද නින්දක හිටපු මන් ගැස්සිලා වගේ ඇහැරුනේ තාරාවගෙ කට හඩට...

"ව්...වේ  මොකෝ උනේ...

අඩ නින්දෙන්ම ඇස් ඇරපු මන් බෙල්ලත් කහ කහ වටපිට බල බලා ඇහුවේ බාගෙට නිදිමතේමයි...

"ආයිශ් මේ කෙල්ල...

මන් බෙල්ල කරකො කරකො වටපිට බලන අස්සෙ මට ඇහුනා තාරාවා හිනාවෙවී කියනවා...

"ඈ?...

මන් එයා දිහාට මූණ හරවල ඇහුවට මොකෝ මන් හිටියේ තාම අඩ නින්දෙන්ම වගේ...ඒ අස්සෙ මට තාරාවා තාරාවො දෙන්නෙක් වෙලා පේන්නෙ මොකද මන්දා...

"යා මැට්ටි නැගිටින්න...අපි ආවා...

මන් අඩ නිදිමතේ ඉන්නෙ කියලා තේරිලාද කොහෙද එයා හිනාවෙවී මගෙ කොන්ඩ අවුස්සලා කිව්වේ...

"ඔහ්...ආහ්...අපි ආවද?...ඔහ් සොරී...මන් නිදිමතේ හිටියේ...

එයා කොන්ඩෙ අවුස්සපු පාරට යන්තම් මගෙ නින්ද එහෙම්ම කැඩුනු නිසා පියවි සිහියට ආවත් එක්කම කිව්ව මන් දඩබඩ ගාලා ශීට් බෙල්ට් එකත් ගලවලා කා එකෙන් බැස්සේ එකපාරටම මන් එයා ඉස්සරහ නින්දෙන් කියෙව්ව එකට ලැජ්ජ හිතුනු නිසා...

අපි කා එකෙන් බහිනවත් එක්කම හොටෙල් එකේ වැඩ කරන දෙන්නෙක් ඇවිත් අපෙ ලගේජස් ටික ගත්තා වගේම තව වැඩ කරන කෙනෙක් අපෙ කා එක පාක් කරන්න තාරාවගෙන් කී එක ගත්තා...

ඒ දේවල් එක්ක වැඩ තවත් පහසු වෙද්දි මන් මගේ හෑන්ඩ් බෑග් එක අතට අරන් කොන්ඩෙත් අතින් හදාගෙන හොටෙල් එක පැත්තට යන්න හැරෙද්දිම තාරාවා වෙනද වගේම ඇවිත් මගෙ අතින් අල්ලග්ගත්තා...ආහ් ආයිත් හාට් එක උඩ පනිනවා ඔන්න...කාම් ඩවුන් කියූ...එයා ඒ අනිත් අයට පේන්න කරන දෙයක් විතරයි...ඒ නිසා ප්ලීස් එයා ඇක්ටින්ග් එකක් විදිහට කරන මේ දේවල් නිසා ඔයාගෙ හැගීම් අවුස්සගන්න එපා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now