Chapter 7

406 35 4
                                    

වසර 6කට පසු...

🏏🏏🏏

"සාමාන්‍යයෙන් අපි මේ පෝස්ට් එකට අවුරුදු හයක අවම එක්ස්පීරියන්ස් බලනවා.
මොකද මේක ස්කූල් ටීම් එකක් නෙමෙයිනේ. නැශනල් ටීම් එක.."

මගේ ඉස්සරහා වම් පැත්තට වෙන්න හිටපු බඩ තඩියා අග ටික හිමිහිට කිව්වත් බය වෙලා යන්තමට වෙව්ලන ගමන් හිටපු මට ඒකත් මහ සද්දෙට ඇහුණා.

"පළවෙනි ඉන්ටවීව් එකේදි සාමාන්‍යයෙන් මේවා බලනවනේ... කොහොමද මෙයා..

"සමහරවිට මිස්ට ජයකොඩිගේ පෆෝමන්ස් හින්දා වෙන්න ඇති පළවෙනි ඉන්ටවීව් එක පාස් කරන්න ඇත්තේ. එක්ස්පීරියන්ස් තියෙන්නේ අවුරුදු දෙකක වුනත් අවුරුදු පහකට ඇතිවෙන්න පෆෝමන්ස් පෙන්නලා තියෙන්නේ මේ.."

මගේ ඉස්සරහම හිටපු කඩවසම් ඒත් මැදිවයසේ හිටපු පුද්ගලයා බඩ තඩියා දිහාවට බැල්මක් හෙලන ගමන් මගේ දිහාවට යන්තම් හිනාවෙලා එහෙම කිව්වත් ඒ හිනාව ඇතුලේ මම දැක්කේ තද බවක්.
ඒ නිසාදෝ බඩ තඩියාගේ කට ඉබේම වැහිලා ගියා.

'මනුර සමරක්කොඩි'
එයාගේ ඉස්සරහා තියෙන නම මේ කීවෙනි සැරේටදෝ කියවන ගමන් මේ කවුද කියලා මතක් කරගන්න උත්සාහා කලා.
ඒත් ටීම් එකේ ඉන්න අයගෙන් නම් දන්නෙත් කීප දෙනෙක්ගේ විතරක් වෙනකොට ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න මෙයාව මට මතක තියේවිද?
ඒත් පේන විදියට බෝඩ් එකේ ලොක්කෙක් වගේ. ඒකනේ අර තඩියගෙ කටත් සං ගානකොට වැහිලා ගියේ.

"එතකොට මිස්ට ජයකොඩි ඇයි මේ ක්ෂේත්‍රය තෝරගත්තේ?

මනුර වාසලබණ්ඩාරගේ හඬට මම ඒ පැත්ත බලනකොට මට පෙනුනා ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්න අනෙක් තුන් දෙනාත් මගේ දිහාවට ඇස් හරවනවා.

'ඒඉ අන්න දේවාට ඉන්ජරියක්ද කොහෙදෝ...'

'දේවා... දේවා... දේවා... දේවා...'

'පෙනෙන හැටියට ඔහුගේ එක් පාදයක ගැටලුවක් මතුව ඇති බවක් කියන්න පුළුවන්...'

'දේවා... දේවා... දේවා... දේවා...'

'නොදැවී පිටියෙන් ඉවත් වීමට සිදු වෙනවා."

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now