දඬු මොණරු 33

Start from the beginning
                                    



"සීතලයි නේද මැණික"

මං හිටියෙ යශ් අයියගෙ පපුවට ගුලි වෙලා, අපේ ගේ පිටි පස්සෙ බංකුව උඩ. දොළේ ඉඳන් ආවත් යශ් අයියා ආයෙත් ගියේ නෑ. මොකද ආයෙත් ගිහින් එනවට වඩා මෙහෙම්ම ඉදල යන එක ලේසි නිසා.

"මේ වගේ වෙලාවට තේ එකක් වත් හදා ගන්න විදියක් නැද්ද නේත්‍ර"

"මං හිතන් ඉන්නේ අය්යේ ඕන කරන දේවල් ටික ගන්න.දර ලිපකුත් තියෙනවනෙ, සෝමා නැන්දගෙන් තේ එකක් ඉල්ලුවොත් නම් හදල දෙයි, ඒත් ආච්චි අම්මා හරි ලොකු නැන්දා හරි හිටියොත් පුප්පන්න ගන්නව, ඒ නිසා මං ආස නෑ"

"ම්ම්ම්.ඒක නෙවෙයි අද පොඩි මහත්තය ආවනෙ පන්සලට, අර අපි ළමයින්ට උගන්නන එක ගැන ලොකු හාමුදුරුවෝ කියල.පන්සලේ ලොකුම දායකයා එයාලුනෙ"

"ඒක තමයි අද පොඩි මහත්තයා පොල් වත්තේ හිටියෙ නැත්තෙ, මොනාද කිව්වෙ ඉතින් "

"පන්ති පටන් ගන්න දවසට ළමයින්ට පොත්, පෑන්, පැන්සල් වගේ දේවල් ටිකක් බෙදලා දෙන්නම් කිව්වෙ"

"ඒක නම් හොඳ වැඩක් නේද අය්යේ"

"ම්ම්ම්"

අපෝ මේකාගේ පැලියාව.වචනෙකින් වත් ඒ මනුස්සයට හොඳක් කිව්ව කියල මොනව වෙනවද......

"සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ වත් ඔය පොල් වත්ත අත ඇරලා දාලා පන්තියට එනවා නේත්‍ර හරිද. මට පේන්නේ ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නෑ වගේ. ඉඳපන්කෝ මං තාම ඔය පැත්තෙන් හොයල බලන්න ගත්තේ නෑනෙ"

"මං ඉගෙන ගන්නවා අනේ"

"ඔව් ඔව් ඉගෙන ගන්නවා තමයි. මං ඉස්කෝලෙට ආවම බලා ගමුකෝ"

"අපෝ මාව කන්න හදයි එහෙනම්"

"කන්න නම් ඉතින් ඒ වෙනකම් බලන් හිටියෙ නෑනෙ ඔය අදත් කෑවේ"

"අනේ ඔයා නම් මහ නරකයි අයියෙ"

"ඔව් ඉතින් මම කොහොමත් නරකයි තමයි..... මං මේ ඇත්තටම කියන්නේ නේත්‍ර මං කැමති උබ හොඳට ඉගෙන ගන්නව නම්. ඒ විතරක් නෙවෙයි මල්ලිවත් උනන්දු කරනවා ඉගෙන ගන්න"

"මල්ලි නම් මටත් වඩා ඉගෙන ගන්න උනන්දුයි අය්යේ"

"ම්ම්ම්, අයියත් එහෙනම් උනන්දු වෙන්න. මට බාගෙට ආදරේ කරලා පුරුදු නෑ නේත්‍ර, මට ඕන මගේ හිත පිරෙන්න වගේම උඹේ හිත පිරෙන්නත් ආදරේ කරන්න ආදරේ දෙන්න. උබව ඔය වැඩට නොයවා හැම වියදමක් ගැනම බලා ගන්න මට පුළුවන් නේත්‍ර.ඒත් එදා උබ කිව්ව වගේ තනියම ජිවිතේ හදා ගන්න ඉඩක් දෙන්න ඕන නිසයි මං වැඩට යන්න දෙන්නෙත්. ඒත් එහෙමයි කියලා ඉගෙන ගන්න වැඩ අත ඇරෙන්න බෑ නේත්‍ර. මං දන්නවා ඉස්කෝලෙදි ඉගෙන ගන්න දේවල් ඇරෙන්න පොතක් අතින් වත් අල්ලන්නේ නෑ කියලා "

දඬු මොණරු Where stories live. Discover now