දඬු මොණරු 32

Start from the beginning
                                    

"ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මට මොනව වෙයිද කියලා හිතා ගන්න බෑ අයියෙ. මං සැනසීමෙන් හුස්ම ගන්නෙත් ඔයා ඉන්නවා කියල මතක් වෙද්දි අය්යේ"

"මං උඹ ළඟින්ම ඉන්නවා මැණික"

"මගේ ජීවිතේ ප්‍රශ්නම විතරයි අයියෙ. දැන් තවත් ප්‍රශ්නයක්. මං නිසා මගේ වටේ ඉන්න අයටත් කරදරයක් වෙයි කියල මට බයයි"

"ඒ මොකක්ද ඒ කතාව"

මං කේශ් අයියා ගැන, රුකී අයියා ගැන වගේම ජූඩ් අයියයි, තුහින සරුයි කියපු දේවල් යශ් අයියත් එක්ක කිව්ව.

"ඒ ගමන තව එකෙක් උඹ වටේ කැරකෙන්න ගත්තද, හරි ඕකට මෙහෙට එන්න කියපන්කෝ යහතින් යයිද බලන්න. හෙට ඉදල උබ කොහේ ගියත් යන්නෙ මගෙත් එක්ක... හරිද"

"හරි අයියෙ"

"උබ ඔය නිල් ඇස් දෙක කරකෝ කරකෝ මායම් දාලා ඌව පස්සෙන් ගෙන්න ගත්තේ නෑ නේද"

"අනේ අයියේ... රුකී අයියා වැල්ලට එන වෙලාවට මං පුළුවන් තරම් එයාව මඟ ඇරිය. එයාගෙ බැල්මට මං හරි බයයි "

"විහිළුවක් කරේ බං.ඌ ඒ තරම් ලොක්කෙක්ද බං එහෙ ඉඳන් මෙහෙට එන්නේ උබව හොයාගෙන, බලමුකෝ ඕකා මෙහෙට ඇවිත් යහතින් යන හැටි. මගේ උගේ ෆොටෝ එකක් කොහෙන් හරි හොයල දීපන් නේත්‍ර, ෆේස්බුක් ඉන්නව ඇතිනේ"

"මං ජූඩ් අය්යලාගෙන් ඉල්ලලා එවන්නම් අයියෙ"

"ම්ම්ම්, ඔය ජූඩ්ල එක්ක මං කතා කරන්නද, තුහිනව දන්නවා කිව්ව නිසා එයාට උනත් කතා කරන්න පුළුවන්නෙ"

"මං නම්බර් එක දෙන්නම් අයියෙ"

"ම්ම්ම්, උබ බය නැතුව ඉඳපන් මැණික. මෙහෙට ඇවිත් උබට අතක් වත් තියන්න මං ඕකට ඉඩ දෙන්නෙ නෑ"

මටත් විස්වාසයි එයා මාව ඕනම දේකින් ආරක්ෂා කරයි කියල.මං ප්‍රාර්ථනා කරන්නේ මට වත් මං නිසා මගේ වටේ ඉන්න අයටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා.

"මට එක්ටැම් ගෙයක් වත් හදන්න වෙයිද බං උඹව පරිස්සම් කර ගන්න"

"ඒ කියන්නෙ ඔයා මාව හිර කරනවද"

"තත්වෙ දරුණු උනොත් මට උඹව පරිස්සම් කර ගන්න වෙන්නේ එහෙම තමයි මැණික.මගේ නිල් හඳ .... මගේ අහසෙම විතරක් පායපන්"

දඬු මොණරු Where stories live. Discover now