6 පරිච්ඡේදය ☁️💛

36 6 6
                                    

උදෙන්ම ලකලැහැස්ති වෙලා මන් ගියේ නැන්දිලගෙ ගෙදර.කොහොමත් සතියකට දෙපාරක්වත් අඩුම එහෙ යන එකෙ මගෙ පුරුද්දක්.ඉස් ඉස්සර නම් මුලු සතියම එහෙ යන එන වෙලාවල් තිබුනට දැන් එහෙම කරන්න බෑනේ.උදේ හතට ඉස්කෝලේ ගිහින් හවසට පන්ති ගිහින් ගෙදර එද්දි සමහර වෙලාවට රෑ නමයත් පහුවෙලා.

ගෙදර දොර හායි ගාලා ඇරලා දාලා තිබ්බා නිසා මට හිතුනේ නැන්දි ගේ අස් කරනවාවද්ද කියලා.මෙහෙම අස්පස් කරන දවස්වලට තමා නැන්දි මේ විදියට දොර ඇරලා දාලා තියෙන්නෙ.නැත්තම් අවිනාශ් නැති වෙලාවට ඔහොම ගෙදර දොර ඇරන් ඉන්නෙ නෑ.'නැන්දී...' කියලා කෑගහගෙන වෙනදා පුරුද්දට ගෙට යන්න ගිය මාව ගල් ගැහුනෙ සාලේ බිම ඉදන් පුටුවකට හේත්තු වෙලා අඩන නැන්දිව දැකලා.එහෙම්ම මන් නැන්දි ලගට දිව්වෙත් මගේ අඩි සද්දෙ ඇහිලා නැන්දි කම්මුල් පිහ ගත්තෙත් ඒ වෙලාවේ...

'ආ...චූටී ක්-කොයි වෙල්-ලේද ආවේ...?'

කම්මුල් දෙක පිහදගත්තට අඩලම රතු උන ඇස් දෙකෙන් මන් එන්න කලින් ගොඩක් වෙලා ඉදලා නැන්දි අඩ අඩ හිටියෙ කියනෙක මට තේරුනා.අඩලම බැරැන්ඩි උන කටහඩ ඒකට තවත් සාක්ශි දුන්නා...

'ඇයි ඇඩුවේ...?'

වටෙන් ගොඩෙන් නැතුව මන් කෙලින්ම ඇහුවේ නැන්දිගෙ ඇස් වල ආයිමත් කදුලු පිරෙද්දි.අවිනාශ් ඉස්සරහ අපේ අප්පච්චි ඉස්සරහ පෙන්නුවෙ නැති නැන්දිගේ කදුලු දිගෑරුනේ මායි මගේ අම්මයි ඉස්සරහ විතරයි.ඒ නැන්දි අඩනව දැක්කම අවිනාශ්ටයි අප්පච්චිටයි යකා නගින හින්දා.කොහොමත් ගෑනුකෙනෙක්ව තේරුම්ගන්න පුලුවන් තව ගෑනුකෙනෙක්ට කියලා කතාවක් තියෙනවනේ...

මගේ උරහිස කෙලවරට නලළ තියන් තව විනාඩි පහක් විතර ඇඩුව නැන්දි කදුලු පිහන් ඇස් උස්සලා මන් දිහා බැලුවා.මන් උනත් මොකුත් නොකියා එයාට පාඩුවෙ අඩන්න දුන්නෙ සමහර වෙලාවට මිනිස්සුන්ට ඕන කතා කරන එකටත් වැඩිය හිතේ දුක නැති වෙනකම්ම අඩන්න උරහිසක්....!

'දූ කොයි වෙලේද ආවේ...?'

'දැන් ආවා විතරයි..ගෙට අඩිය තියද්දිමයි නැන්දිව දැක්කෙ...'

'හ්ම්ම්ම්'

හුස්මක් පහල දාපු නැන්දිගෙ එහා පැත්තෙ තිබ්බ කාඩ් එකක් වගේ එක දැක්කෙ මන් එවෙලේ...මොකද්ද බලන්න කාඩ් එක අරගත්ත මට නැන්දි අඩන්න හේතුව ඒක බව තේරුනේ ඒ කාඩ් එක දැක්කයින් පස්සෙ.ඒක නැන්දියි අවිනාශ්ගෙ තාත්තයි ඉස්සර ගත්ත ෆොටෝ කාඩ් එකක්.ඒ ෆොටෝ එකේ තරම් ලස්සනට නැන්දි හිනාවෙනවා මන් දැකලම නෑ.මාමා කියන මනුස්සයා ගියත් හරි නැන්දි මුලු හදවතින්ම සතුටට හිනාවුන දවසක් නැතුවැති.යන යකා කොරහත් බිදගෙන යනවා වගේ ඒ මිනිහා යන්න ගියේ නැන්දිගේ මුලු ජීවිතේම කනපිට ගහලා ඒක අපායක් කරලා දාලා.
පන අදින ගමන් හදවත ගලවලා දුන්නත් ගෑනුන්ට බෑ ආදරේ කරන පිරිමියව බෙදාගන්න...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

නෙත්මානෙමWhere stories live. Discover now