5 පරිච්ඡේදය ☁️💛

36 5 13
                                    

'ආහ්හ්...කොහෙද මන් මේක තිබ්බෙ..මෙතනනෙ දැන් තිබ්බෙ අනේ..ඒ ටිකට මොනා වෙලාද...'

ඔලුවත් කස කස මන් පණ දාගෙන හෙව්වෙ මන් ඇද උඩින් තියලා ගිය පාඩම් කර කර හිටපු පොත..කුස්සියට ගිහින් එන ටිකට ඒක නැහැ ඇද උඩ..ඇයි දෙයියන්නෙ එහෙමත් අතුරුදහන් වෙන්න පුලුවන්ද...

'අනෙ අම්මා...ඔයා මගෙ පොත දැක්කද...?'

අම්මගෙන් එහෙම අහලත් විනාඩි දෙකක් විතර යනකම් සද්දයක් තිබ්බෙ නැති හින්දා මන් ආයි කෑගැහුවා.අපේ අම්මා ඔහොම්මයි.මොනා හරි ඇහුවම හෙන වෙලාවක් ගන්නවා උත්තර දෙන්න..

'ආපෝ....මොකද මොකද මේ ගෑනු ලමිස්සියො ඉන්න ගෙවල්වල මෙච්චර සද්දෙ...?'

පහල තට්ටුවෙ සාලෙන් ඇහුනෙ නැන්දිගෙ කටහඩ.පොත හෙවිල්ලත් පැත්තක දාලා මන් දිව්වෙ පහලට

'අම්මේ...ගොඩ කාලෙකින් මෙන්න මෙයාට අපිව මතක් වෙලා...'

මන් නෝක්කාඩුවක් කියාගෙන ගිහින් නැන්දිව බදාගත්තෙ නැන්දි මගෙ ඔලුවට පාරක් ගහද්දි..

'අනේ අනිච්චන්..ඔහොමත් කෑගහනවද මේ ගෑනු ලමයි..ආ වටේ පිටේ ඉන්න එවුන් හිනාවෙයි....'

'අනේ කියලා වැඩක් නෑ නන්ගි..මෙච්චර මේ අතේ තියන් හිටපු පොත තිබ්බ තැන මතක නැතුව වහලෙ උඩ යන්න කෑගහනවා....වටේ පිටේ එක ගෙදරක නෑ මේ වගේ සද්දයක්..'

ඔච්චරයි අඩුවට හිටියේ.නැන්දි මට දොස් කියලා කට ගද්දිම අනික් පැත්තෙන් පටන් ගත්තෙ අපෙ අම්මා...ඔය බනින වෙලාවේ දෙන්නා එක්ක එකතු වෙලා මට පොත හොයලා දුන්නනම් මොකද...

'අනේ මේ මන් යනවා...මට කියව කියව ඉන්න වෙලාවක් නෑ..මට පාඩම් කරන්න තියෙනවා...'

'මේකිගෙ ගෑස් බලපන්කෝ...'

නැන්දා පිටට පාරක් ගහද්දි මන් බොරුවට ගස්සගෙන ආවේ පොත හොයන්න...

'අර කුස්සියෙ මේසෙ උඩ පොත...අරන් යන්න..අනේ ඇත්තමයි මේ ලමයි මේ ලෝකේ සිහියෙන් නෙමේ ඉන්නෙ..මේ මොහොතෙ නෙමේනේ ජීවත් වෙන්නෙ..ඇද උඩලු තිබ්බෙ පොත...'

අම්මා සාලේ ඉදන් කියද්දි මන් දිව්වෙ කුස්සියට.අනේ මේ තියෙන්නෙ..මන් කොයි වෙලේද පොත මේසෙ උඩින් තිබ්බෙ...පොතත් පපුවට තද කරන් එහෙම හිත හිත කාමරේට ආව මම ආයේ පුටුවෙන් වාඩි උනේ නෝට්ස් ටික බලන්න....ම්හුක් මොන නෝට්ස් බැලිලිද අනේ අද ආව වෙලාවේ ඉදන් මගෙ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නෙ...

නෙත්මානෙමWhere stories live. Discover now